Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

පොදු මගී ප්‍රවාහන සේවාවන්වලදී කාන්තාවන් මුහුණ දෙන ගැටලු හා දේශපාලනයේ ස්ත්‍රී නියෝජනය වැඩි කිරීම සඳහා ලබා දිය යුතු ප්‍රායෝගික විසඳුම් ගැන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි දැක්වූ අදහස් මෙසේය.

* ලෝකයේ ප්‍රථම අගමැතිවරිය ඇතුළු ඉහළම පදවි දක්වා ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගමන්කර ඇතත්, බහුතරයක් ස්ත්‍රීන් විවිධ හිංසාවන්ට මුහුණ දෙන බවට අදහසක් ති‍බෙනවා. මේ මතය ඔබ පිළිගන්නවාද?

මේක මතයක් පමණක් නෙවෙයි, යථාර්ථයක්. මන්ත්‍රී ධුරය ආරක්ෂා කර ගැනීම සඳහා පනවා ඇති නඩුව සඳහා මෙන්ම දික්කසාද නඩුව සඳහාත් මට අධිකරණයට යාමට සිදුව තිබෙනවා. එහිදී ලැබුණු අත්දැකීම් අනුව වාර්තාවන සිදුවීම්වලින් 60%කටම හේතුව ගෘහස්ථ හිංසනය බව මට දකින්න ලැබුණා.

* මේ තත්ත්වයට හේතුව හැටියට ඔබ දකින්නේ කුමක්ද?

එකක් දෙකක් නෙවෙයි, හේතු කිහිපයක්ම තිබෙනවා. නමුත් ප්‍රධාන හේතුව ආර්ථික කරුණක්. පවුලේ ප්‍රධානියා පිරිමියා බව කාන්තාවන් විවාදයකින් තොරව, ගරුත්වයෙන් පිළිගන්නවා. ඒ අනුව පවුල නඩත්තු කිරීමේ වගකීම පැවරෙන්නේ පිරිමියාට. පෝෂණ වගකීම තිබෙන්නේ ගැහැනියට. නමුත් විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පස්සේ මේ තත්ත්වය වෙනස්ව තිබෙනවා.

පවුල නඩත්තු කිරීමේ වගකීමෙන් කොටසක් ගැහැනියටත් පැවරී තිබෙනවා. මේ හේතුව මත ගෘහමූලික වගකීම සාර්ථකව ජයගත නොහැකි පිරිමි ඔවුන්ගේ පීඩාව පිට කරන ක්‍රමයක් හැටියට කාන්තා හිංසනය තෝරා ගෙන තිබෙනවා. හිංසනය ඇතිවන්නේ මත්පැනට ඇබ්බැහිවීම, එහෙම නැත්නම් අනියම් සබඳතා ගොඩනඟා ගැනීම නිසා වුවත් ඒ සඳහා බලපා තිබෙන්නේ ආර්ථික කරුණක්.

* ගැහැනිය පිළිබඳ සම්ප්‍රදායික ආකල්ප කාන්තාවන් අතවරයට ලක් කිරීම සාධාරණීකරණය කිරීමට පදනමක් දමනවා කියලා ඔබ හිතන්නේ නැද්ද?

මම හිතන්නේ කාන්තාවන් ගැන සම්ප්‍රදායික සමාජයේ ආකල්ප නූතනයට වඩා ප්‍රගතිශීලියි කියලයි. අපි දැන් හිතන්නේ මානව ගරුත්වය ඇති කිරීම නීති මඟින් කළ හැකියි බවයි. ඊට වැඩිය සමාජීය වගකීමක් අතීතයේ තිබුණා. දැන් කවුරුත් තම තමන්ගේ වැඩක් බලා ගන්න පුරුදුවෙලා. අතවරයට ලක්වන්නේ තමන්ගේම සහෝදරියක්, මවක් කියලා හිතන්නේ නැහැ.

* ලෝක පරිමාණව බැලුවහම ලංකාවේ කාන්තාවන්ගේ තත්ත්වය යහපත් කරන්න අපේ සංස්කෘතියෙන් ආධාරයක් ලැබුණයි කියලා ඔබ කියන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සමාජ හා ආර්ථික, කලා, ක්‍රීඩා ක්ෂේත්‍රවල සුවිශේෂි ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. වර්තමානයේ කාන්තා සාක්ෂරතාවය 90%ක් වෙනවා. ඔවුන් ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයක් භුක්ති විඳිනවා. මාතෘ මරණ අඩුයි. ඒ වගේම ඔවුන් ඉතාම ඉහළ ක‍්ෂේත්‍රවල රැකියා කරනවා. වෙනත් රටවල කාන්තාවන් සමඟ සසඳන විට අපේ රටේ කාන්තාවන්ගේ තත්ත්වය ඉතාම ඉහළයි. අසල්වාසී ඉන්දියාව බැලුවොත් එහි කාන්තාවන් ජීවත් වෙන්නේ ඉතාම පහත් අඩියක.

ස්වාමියාගේ මරණයෙන් පසු ඇගේ වලංගුභාවය නැතිව යනවා. එක්කෝ ඇය සති පූජාවට මුහුණ දිය යුතුයි. නැත්නම් ආරණ්‍යගත විය යුතුයි. මෑතකදී නීති මඟින් තහනම් කෙරෙන තෙක්ම මේ තත්ත්වය තිබුණා. අප්‍රිකාවේත් ඒ වගේමයි. ඒ රටවල දැරියන් වයස 9 -10 පමණ වනවිට වැඩිවියට පත් නොවුවහොත් බලහත්කාරයෙන් චර්මඡේදනය කරනවා. එහිදී මියගිය අවස්ථා පවා වාර්තා වෙනවා. ඒ තත්ත්වය ඔවුන් ජය ගත්තේ නීති ගෙන ඒම මඟින්.

බංගලිදේශය, පකිස්ථානය හා ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ තත්ත්වය ඉතාම පහළයි. අපි සුරපුරක් කියලා හිතුවත් බටහිර රටවල පවා කාන්තාවන්ට රැකියාවට යාමට අයිතියක් තිබෙන බව පිළිගන්නේ මෑතකදී. නමුත් නීති මඟින් සහතික නොකළත් අතිතයේ කාන්තාවන්ට සම්ප්‍රදාය මඟින් ලැබුණු රැකවරණය හා පිළිගැනීම ඉතාම ඉහළයි. නමුත් විවෘත ආර්ථිකය නිසා ඇතිවූ සංකීර්ණ තත්ත්වයට මුහුණ දෙන කාන්තාවන්ගේ තත්ත්වය ගැන ගැටලු ඇතිව තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම නීති මඟින් හෝ ආණ්ඩුවකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

* අපේ සමාජයේ කාන්තාවන් නායකත්වයට පත්වන අවස්ථා දක්නට ලැබෙන්නේ අඩුවෙන්. එයට හේතුව හැටියට ඔබ දකින්නේ කුමක්ද?

සෘජු තීරණ ගැනීමේ හැකියාවක් තිබෙන බුද්ධිමත්, ආදර්ශවත් කාන්තාවන් සිටිනවා. නමුත් ඒ ගැන විශ්වාසයක් සමාජයේ බහුතරයකටම නැහැ. කාන්තාවන් පවා ගැහැනිය සතු මේ දක්ෂතාව ගැන විශ්වාසය නොතැබීම ගැන මම පුදුම වෙනවා. මේක අපි හොඳටම දකින්-නේ මැතිවරණ අවස්ථාවලදී. ජනගහනයෙන් 52%ක කාන්තාවන් . සමස්ත ඡන්දදායකයන්ගෙන් 56%ක් කාන්තාවන් . නමුත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 6%ක් පමණයි. අපේක්ෂකත්වය ලැබුණත් ඡන්දයට ඉදිරිපත් වන කාන්තාවන්ගෙන් ජයග්‍රහණය කරන්නේ අතළොස්සයි.

* පවුල් පසුබිමකින් තොරව දේශපාලනයට එන කාන්තාවන්ගේ අඩුවක් තිබෙනවා. එයට විසඳුමක් හැටියට ඔබ යෝජනා කරන්නේ කුමක්ද?

පවුල් පසුබිමකින් තොරව දේශපාලනයට ආ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් අතර සිටන්නේ රෝසි සේනානායක හා මා පමණයි. මේ තත්ත්වය ජය ගන්න නම් අපේක්ෂකයන් නම් කිරීමේ දී ස්ත්‍රීන් වෙනුවෙන් කෝටා ක්‍රමයක් ලබා දිය යුතුයි කියලා යෝජනාවක් තිබෙනවා. වර්තමාන මැතිවරණ ක්‍රමය අනුව කාන්තාවන්ට මතු වෙන්න අමාරුයි. ඒනිසා අපේක්ෂක කෝටාවක් ලබා දෙනවා වෙනුවට ස්ත්‍රීන්ට දිස්ත්‍රික් මට්ටමින් කෝටාවක් ලබාදිය යුතුයි.

අපිට වඩා මූලධර්මවාදී රටක් වුවත් පකිස්ථානයේ 35% ඉහළ කාන්තා නියෝජනයක් කෝටා ක්‍රමය යොදා ගෙන කාන්තාවන්ට සහතික කර තිබෙනවා. අපිට එයට වඩා ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීන් පත්කිරීමේ දී කාන්තාවන්ට කෝටාවක් වෙන් කිරීම ගැනත් අපට අවධානය යොමු කරන්න පුළුවන්. සමාජයේ එවැනි ඉල්ලීමක් නොතිබුණ‍ත් සංවේදී නායකයෙක් හැටියට ජනාධිපතිතුමා ඒ ගැන කල්පනා කර සන්ධාන ලැයිස්තුවෙන් නියෝජන ලබාදී තිබෙනවා. ඒ ගැන අප අගය කළ යුතුයි.

* පොදු මගී ප්‍රවාහන සේවාවන්හිදී ස්ත්‍රීන් මුහුණ දෙන අතවරවලට පිළියමක් විදිහට කාර්යාලීය වේලාවන්වලදී කාන්තාවන් වෙනුවෙන් වෙනම බස් රථ සේවාවක් හඳුන්වා දීම සැලකිය හැකිද?

වෙනම බස් රථ සේවා ඇති කරනවාට වඩා ජී. පී. එස් තාක්ෂණය යොදාගෙන 3ජී කැමරා සවිකරනවා නම් මෙයට වඩා මගී සේවාවලදී කාන්තාවන්ට සිදුවන අතවර පාලනය කළ හැකියි.

* ගබ්සාව නීතිගත කිරීමේ අදහස ගැන ඔබේ යෝජනාව කුමක්ද?

මොන අර්ථයෙන් බැලුවත් ‍මේක මිනීමැරුමක්. පාපයක්‍.

* පසුගිය කාලයේ ඒ සඳහා කාන්තා කටයුතු අමාත්‍යාංශය පනතක් ගෙන ඒම ගැන අවධානය යොමුකර තිබුණා නේද?

ඒ පනත ගබ්සාව නීතීගත කිරීම සඳහා ගෙනා පනතක් නොවෙයි. විශේෂිත තත්ත්වයක් යටතේ පමණක් ගබ්සාවට ඉඩදීම ගැන මෙම කෙටුම් ප‍තෙන් යෝජනා කර තිබුණා. නමුත් සමාජයට ගියේ වැරදි අදහසක්.

* පනත් කෙටුම්පතේ විශේෂිත තත්ත්වයක් හැටියට දක්වා තිබුණේ මොනවාද?

අපේ සංස්කෘතියට අනුව සමීප ඥ‍ාතීන් අතර සිදුවන ලිංගික සබඳතා ව්‍යභිචාරයක් හැටියට සලකනවා. එවැනි සබඳතාවලින් බිහිවන දරුවන් සමාජයේ කොන් කිරීමට ලක් වෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවලදී ගබ්සාවට ඉඩදිය යුතු යැයි යෝජනා කර තිබුණා‍. බිහිවීමට නියමිත ජීවියාට ජන්මගත රෝගයක් තිබේ යැයි හඳුනාගෙන තිබේ නම් එවැනි අවස්ථාවලදී මෙම කෙටුම්පතින් ඉඩදීමටත් යෝජනා කෙරෙනවා.

* විශේෂිත තත්ත්වයන් යටතේ පවා ගබ්සාවට ඉඩ නොදිය යුතු යැයි ඔබ සිතනවාද?

දූෂණයට ලක්වන කාන්තාවන් ට විශාල පීඩාවකට මුහුණ දීමට සිදුවෙනවා. නමුත් ගබ්-සාව එයට විසඳුමක් නෙවෙයි. එයින් සිදුවන්නේ ගැටලුවෙන් එක්තරා ආකාරයකින් පලා යාමක්. අනිත් අතට ඒ පදනම මත ගබ්සාවට ඉඩ දුන්නොත් ස්ත්‍රී දූෂණ තවත් වැඩි වෙන්න පුළුවන්. මොකද එවැනි දෙයට පෙලඹෙන පිරිමින් ඔවුන්ට ලැබෙන තවත් චාන්ස් එකක් විදිහට මේක සලකන්න පුළුවන්. නමුත් ජන්මගත ආබාධයකින් පෙළෙන සුවනොකළ හැකි රෝග පිළිබඳ අවස්ථාව සංකීර්ණව කල්පනා කළ යුතුයි. ඔවුන් විශාල පීඩාවක් සුව කළ නොහැකි රෝග නිසා විඳිනවා. මම කල්පනා කරන්නේ එවැනි අවස්ථාවකදී ගබ්සාවට ඉඩදීම සාධාරණයි.

* කාන්තාවන් අනවශ්‍ය ලෙස අඟපසඟ පෙනෙන අකාරයට ඇඳුම් ඇඳීමෙන් අතවරයට ලක්වෙනවා කියන අදහස ඔබ පිළිගන්නවාද?

ඒ කතාවේ යම් සත්‍යතාවයක් තිබෙනවා. නමුත් කාන්තාවන් කොටට ඇන්දැයි කියලා පිරිමි පාර්ශ්වය හැඟීම් උද්දීපනය කරගත යුතු නැහැ. සත්තු තැන් තැන්වල ජරා කලාට මිනිස්සු ශරීරකෘත්‍ය කරන ක්‍රමයක් තියෙනවා. සතෙක් වගේ හැසිරෙන්න බැහැ.

* ඔබ නිරතව සිටින නිරූපණ ක්ෂේත්‍රයට මේ තත්ත්වය අදාළ වෙන්නේ කොහොමද?

රංගන ශිල්පීන්ට නිර්මාණයේ අවශ්‍යතාවය මත ඇඟ නිරාවරණය වන ආකාරයේ මෝස්තර කරන්න සිදුවෙනවා. නමුත් එවැනි තත්ත්වයක් යටතේ පවා සමාජයේ අහිතකර ප්‍රතිචාරයන්ට ලක්වීමට සිදුවෙනවා.

* ඉදිරි අයවැය සඳහා කාන්තාවන් වෙනුවෙන් ඔබ ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා මොනවාද?

මම යෝජනා දෙකක් ඉදිරිපත් කළා. එකක් හිංසනය නිසා අසරණ වන කාන්තාවන් ගැන. අපචාරයන්ට හා හිංසනයට ලක්වන කාන්තාවන්ට රැකවරණය සලසන සුරක්ෂිත මධ්‍යස්ථානයක් රාජ්‍ය මට්ටමින් පිහිටවිය යුතුයි. ඔවුන්ගේ ප්‍රශ්නය නිරාකරණය වන තෙක් ඈ රැකබලා ගැනීම මෙම මධ්‍යස්ථාන වෙතින් ඉටුවිය යුතුයි. ඒ වගේම, ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාර ගැන අවබෝධයක් ලබාදීම මේ මධ්‍යස්ථානයෙන් ඉටුවිය යුතු තවත් කාර්යයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

කාන්තාවන් බොහෝවිට සිය දිවි නසා ගැනීම්වලට පෙලඹෙන්නේ පවුලෙන් ප්‍රතික්ෂේප කෙරුණු විට ඔවුන්ට යන්නට වෙනත් තැනක් හෝ පිහිට වන්නට ‍කෙනෙක් නැති නිසයි. සැමියාගෙන් වෙන්වූ විට නිල නිවාසය හැර මට යන්නට තැනක් තිබු‍ණේ නැහැ. මහ ගෙදරත් වාසය කිරීමේ දී ආරක්ෂාව ගැන ගැටලු පැන නැඟුණා. මෙවැනි තත්ත්වයකට මුහුණ පාන සාමාන්‍ය කාන්තාවන් ගැන තත්ත්වය මීට වඩා භයානකයි. මම කතා කරන්නේ සුළු අඩදබර හෝ සිත් රිදවිම්වලට මුහුන දෙන කාන්තාවන් ගැන නොවෙයි.

ශාරීරික පිඩාවට පත්වන කාන්තාවන් ගැනයි. ඊළඟ යෝජනාව දිවිනැඟුම යටතේ දිරියෙන් නැඟී සිටින කාන්තාවන් ගැනයි. ඔවුන් ස්වයං රැකියාවල‍ට යොමු කිරීම සඳහා රජයෙන් පුහුණුව වගේම ණය අාධාරද ලබාදෙනවා. නමුත් ගැටලුව තිබෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණවත් පරිදි නොතිබීමයි. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක බැගින් එක් දිවි නැඟුම වෙළඳ ‍ෙපාළක් ඉදිකරන්න පුළුවන් නම් එය ඔවුන්ගේ ආර්ථිකයට ලොකු ශක්තියක් වේවි‍.

සාකච්ඡා කළේ – චන්දන ජයවීර
ඡායා – ටෙනිසන් එදිරිසිංහ
fmdÿ u.S m%jdyk fiajdjkaj,§ ldka;djka uqyqK fok .eg¨‍ yd foaYmd,kfha ia;%S ksfhdackh jeä lsÍu i|yd ,nd Èh hq;= m%dfhda.sl úi÷ï .ek .ïmy Èia;%sla md¾,sfïka;= uka;%SkS WfmalaId iaj¾Kud,s oelajQ woyia fufiah'

f,dalfha m%:u w.ue;sjßh we;=¿ by<u moú olajd Y%S ,xldfõ ldka;djka .ukalr we;;a" nyq;rhla ia;%Ska úúO ysxidjkag uqyqK fok njg woyila ;s‍fnkjd' fï u;h Tn ms<s.kakjdo@

fïl u;hla muKla fkfjhs" h:d¾:hla' uka;%S Oqrh wdrlaId lr .ekSu i|yd mkjd we;s kvqj i|yd fukau Èlalido kvqj i|yd;a ug wêlrKhg hdug isÿj ;sfnkjd' tys§ ,enqKq w;aoelSï wkqj jd¾;djk isÿùïj,ska 60]lgu fya;=j .Dyia: ysxikh nj ug olskak ,enqKd'
fï ;;a;ajhg fya;=j yeáhg Tn olskafka l=ulao@

tlla folla fkfjhs" fya;= lsysmhlau ;sfnkjd' kuq;a m%Odk fya;=j wd¾Ól lreKla' mjqf,a m%Odkshd msßñhd nj ldka;djka újdohlska f;drj" .re;ajfhka ms<s.kakjd' ta wkqj mjq, kv;a;= lsÍfï j.lSu mejfrkafka msßñhdg' fmdaIK j.lSu ;sfnkafka .eyekshg' kuq;a újD; wd¾Ólh y÷kajd§fuka miafia fï ;;a;ajh fjkiaj ;sfnkjd'

mjq, kv;a;= lsÍfï j.lSfuka fldgila .eyekshg;a mejÍ ;sfnkjd' fï fya;=j u; .DyuQ,sl j.lSu id¾:lj ch.; fkdyels msßñ Tjqkaf.a mSvdj msg lrk l%uhla yeáhg ldka;d ysxikh f;dard f.k ;sfnkjd' ysxikh we;sjkafka u;amekg weíneysùu" tfyu ke;akï wkshï in|;d f.dvkÕd .ekSu ksid jqj;a ta i|yd n,md ;sfnkafka wd¾Ól lreKla'

.eyeksh ms<sn| iïm%odhsl wdl,am ldka;djka w;jrhg ,la lsÍu idOdrŒlrKh lsÍug mokula oukjd lsh,d Tn ys;kafka keoao@

uu ys;kafka ldka;djka .ek iïm%odhsl iudcfha wdl,am kQ;khg jvd m%.;sYS,shs lsh,hs' wms oeka ys;kafka udkj .re;ajh we;s lsÍu kS;s uÕska l< yelshs njhs' Bg jeäh iudÔh j.lSula w;S;fha ;snqKd' oeka ljqre;a ;u ;ukaf.a jevla n,d .kak mqreÿfj,d' w;jrhg ,lajkafka ;ukaf.au ifydaoßhla" ujla lsh,d ys;kafka keye'

f,dal mßudKj ne¨‍jyu ,xldfõ ldka;djkaf.a ;;a;ajh hym;a lrkak wfma ixialD;sfhka wdOdrhla ,enqKhs lsh,d Tn lshkafka fldfyduo@

Y%S ,xldfõ ldka;djka iudc yd wd¾Ól" l,d" l%Svd lafIa;%j, iqúfYaIs m%.;shla w;alrf.k ;sfnkjd' ta .ek lsisu ;¾lhla keye' j¾;udkfha ldka;d idlaIr;djh 90]la fjkjd' Tjqka b;du fyd| fi!LH ;;a;ajhla N=la;s ú¢kjd' ud;D urK wvqhs' ta jf.au Tjqka b;du by< CafIa;%j, /lshd lrkjd' fjk;a rgj, ldka;djka iuÕ ii|k úg wfma rfÜ ldka;djkaf.a ;;a;ajh b;du by<hs' wi,ajdiS bkaÈhdj ne¨‍fjd;a tys ldka;djka Ôj;a fjkafka b;du my;a wähl'

iajdñhdf.a urKfhka miq wef.a j,x.=Ndjh ke;sj hkjd' tlaflda weh i;s mQcdjg uqyqK Èh hq;=hs' ke;akï wdrKH.; úh hq;=hs' uE;l§ kS;s uÕska ;ykï flfrk f;lau fï ;;a;ajh ;snqKd' wm%sldfõ;a ta jf.auhs' ta rgj, oeßhka jhi 9 -10 muK jkúg jeäúhg m;a fkdjqjfyd;a n,y;aldrfhka p¾ufþokh lrkjd' tys§ ñh.sh wjia:d mjd jd¾;d fjkjd' ta ;;a;ajh Tjqka ch .;af;a kS;s f.k tau uÕska'

nx.,sfoaYh" mlsia:dkh yd we*a.ksia:dkfha ldka;djkaf.a ;;a;ajh b;du my<hs' wms iqrmqrla lsh,d ys;=j;a ngysr rgj, mjd ldka;djkag /lshdjg hdug whs;shla ;sfnk nj ms<s.kafka uE;l§' kuq;a kS;s uÕska iy;sl fkdl<;a w;s;fha ldka;djkag iïm%odh uÕska ,enqKq /ljrKh yd ms<s.ekSu b;du by<hs' kuq;a újD; wd¾Ólh ksid we;sjQ ixlS¾K ;;a;ajhg uqyqK fok ldka;djkaf.a ;;a;ajh .ek .eg¨‍ we;sj ;sfnkjd' fïl iïmQ¾Kfhkau kS;s uÕska fyda wdKavqjlg lrkak mq¿jka fohla fkfjhs'

wfma iudcfha ldka;djka kdhl;ajhg m;ajk wjia:d olakg ,efnkafka wvqfjka' thg fya;=j yeáhg Tn olskafka l=ulao@

iDcq ;SrK .ekSfï yelshdjla ;sfnk nqoaêu;a" wdo¾Yj;a ldka;djka isákjd' kuq;a ta .ek úYajdihla iudcfha nyq;rhlgu keye' ldka;djka mjd .eyeksh i;= fï olaI;dj .ek úYajdih fkd;eîu .ek uu mqÿu fjkjd' fïl wms fyd|gu olska-fka ue;sjrK wjia:dj,§' ck.ykfhka 52]l ldka;djka ' iuia; Pkaoodhlhkaf.ka 56]la ldka;djka ' kuq;a md¾,sfïka;=fõ ldka;d ksfhdackh 6]la muKhs' wfmalaIl;ajh ,enqK;a Pkaohg bÈßm;a jk ldka;djkaf.ka ch.%yKh lrkafka w;f<diaihs'

mjq,a miqìulska f;drj foaYmd,khg tk ldka;djkaf.a wvqjla ;sfnkjd' thg úi÷ula yeáhg Tn fhdackd lrkafka l=ulao@

mjq,a miqìulska f;drj foaYmd,khg wd j¾;udk md¾,sfïka;= uka;%Sjßhka w;r isgkafka frdais fiakdkdhl yd ud muKhs' fï ;;a;ajh ch .kak kï wfmalaIlhka kï lsÍfï § ia;%Ska fjkqfjka fldagd l%uhla ,nd Èh hq;=hs lsh,d fhdackdjla ;sfnkjd' j¾;udk ue;sjrK l%uh wkqj ldka;djkag u;= fjkak wudrehs' taksid wfmalaIl fldagdjla ,nd fokjd fjkqjg ia;%Skag Èia;%sla uÜgñka fldagdjla ,ndÈh hq;=hs'

wmsg jvd uQ,O¾ujd§ rgla jqj;a mlsia:dkfha 35] by< ldka;d ksfhdackhla fldagd l%uh fhdod f.k ldka;djkag iy;sl lr ;sfnkjd' wmsg thg jvd bÈßhg hkak mq¿jka' ta jf.au cd;sl ,ehsia;=fjka uka;%Ska m;alsÍfï § ldka;djkag fldagdjla fjka lsÍu .ek;a wmg wjOdkh fhduq lrkak mq¿jka' iudcfha tjeks b,a,Sula fkd;snqK‍;a ixfõ§ kdhlfhla yeáhg ckdêm;s;=ud ta .ek l,amkd lr ikaOdk ,ehsia;=fjka ksfhdack ,nd§ ;sfnkjd' ta .ek wm w.h l< hq;=hs'

fmdÿ u.S m%jdyk fiajdjkays§ ia;%Ska uqyqK fok w;jrj,g ms<shula úÈyg ld¾hd,Sh fõ,djkaj,§ ldka;djka fjkqfjka fjku nia r: fiajdjla y÷kajd §u ie,lsh yelso@

fjku nia r: fiajd we;s lrkjdg jvd Ô' mS' tia ;dlaIKh fhdodf.k 3Ô leurd iúlrkjd kï fuhg jvd u.S fiajdj,§ ldka;djkag isÿjk w;jr md,kh l< yelshs'

.íidj kS;s.; lsÍfï woyi .ek Tfí fhdackdj l=ulao@

fudk w¾:fhka ne¨‍j;a ‍fïl ñkSuereula' mdmhla‍'

miq.sh ld,fha ta i|yd ldka;d lghq;= wud;HdxYh mk;la f.k tau .ek wjOdkh fhduqlr ;snqKd fkao@

ta mk; .íidj kS;S.; lsÍu i|yd f.kd mk;la fkdfjhs' úfYaIs; ;;a;ajhla hgf;a muKla .íidjg bv§u .ek fuu flgqï m‍f;ka fhdackd lr ;snqKd' kuq;a iudchg .sfha jerÈ woyila'

mk;a flgqïmf;a úfYaIs; ;;a;ajhla yeáhg olajd ;snqfKa fudkjdo@

wfma ixialD;shg wkqj ióm {‍d;Ska w;r isÿjk ,sx.sl in|;d jHNspdrhla yeáhg i,lkjd' tjeks in|;dj,ska ìysjk orejka iudcfha fldka lsÍug ,la fjkjd' ta ksid tjeks wjia:dj,§ .íidjg bvÈh hq;= hehs fhdackd lr ;snqKd‍' ìysùug kshñ; Ôúhdg ckau.; frda.hla ;sfí hehs y÷kdf.k ;sfí kï tjeks wjia:dj,§ fuu flgqïm;ska bv§ug;a fhdackd flfrkjd'

úfYaIs; ;;a;ajhka hgf;a mjd .íidjg bv fkdÈh hq;= hehs Tn is;kjdo@

¥IKhg ,lajk ldka;djka g úYd, mSvdjlg uqyqK §ug isÿfjkjd' kuq;a .í-idj thg úi÷ula fkfjhs' thska isÿjkafka .eg¨‍fjka tla;rd wdldrhlska m,d hdula' wks;a w;g ta moku u; .íidjg bv ÿkafkd;a ia;%S ¥IK ;j;a jeä fjkak mq¿jka' fudlo tjeks fohg fm,fUk msßñka Tjqkag ,efnk ;j;a pdkaia tlla úÈyg fïl i,lkak mq¿jka' kuq;a ckau.; wdndOhlska fmf<k iqjfkdl< yels frda. ms<sn| wjia:dj ixlS¾Kj l,amkd l< hq;=hs' Tjqka úYd, mSvdjla iqj l< fkdyels frda. ksid ú¢kjd' uu l,amkd lrkafka tjeks wjia:djl§ .íidjg bv§u idOdrKhs'

ldka;djka wkjYH f,i wÕmiÕ fmfkk wldrhg we÷ï we£fuka w;jrhg ,lafjkjd lshk woyi Tn ms<s.kakjdo@

ta l;dfõ hï i;H;djhla ;sfnkjd' kuq;a ldka;djka fldgg wekaoehs lsh,d msßñ md¾Yajh yeÕSï Woa§mkh lr.; hq;= keye' i;a;= ;eka ;ekaj, crd l,dg ñksiaiq YÍrlD;H lrk l%uhla ;sfhkjd' if;la jf.a yeisfrkak neye'

Tn ksr;j isák ksrEmK lafIa;%hg fï ;;a;ajh wod< fjkafka fldfyduo@

rx.k Ys,amSkag ks¾udKfha wjYH;djh u; weÕ ksrdjrKh jk wdldrfha fudaia;r lrkak isÿfjkjd' kuq;a tjeks ;;a;ajhla hgf;a mjd iudcfha wys;lr m%;spdrhkag ,laùug isÿfjkjd'

bÈß whjeh i|yd ldka;djka fjkqfjka Tn wdKavqjg bÈßm;a l< fhdackd fudkjdo@

uu fhdackd folla bÈßm;a l<d' tlla ysxikh ksid wirK jk ldka;djka .ek' wmpdrhkag yd ysxikhg ,lajk ldka;djkag /ljrKh i,ik iqrlaIs; uOHia:dkhla rdcH uÜgñka msysgúh hq;=hs' Tjqkaf.a m%Yakh ksrdlrKh jk f;la wE /ln,d .ekSu fuu uOHia:dk fj;ska bgqúh hq;=hs' ta jf.au" m%Yakj,g uqyqK fok wdldr .ek wjfndaOhla ,nd§u fï uOHia:dkfhka bgqúh hq;= ;j;a ld¾hhla úÈyg y÷kajkak mq¿jka'

ldka;djka fndfydaúg ish Èú kid .ekSïj,g fm,fUkafka mjqf,ka m%;slafIam flreKq úg Tjqkag hkakg fjk;a ;ekla fyda msysg jkakg ‍flfkla ke;s ksihs' ieñhdf.ka fjkajQ úg ks, ksjdih yer ug hkakg ;ekla ;snq‍fKa keye' uy f.or;a jdih lsÍfï § wdrlaIdj .ek .eg¨‍ mek keÕ=‍Kd' fujeks ;;a;ajhlg uqyqK mdk idudkH ldka;djka .ek ;;a;ajh óg jvd Nhdklhs' uu l;d lrkafka iq¿ wvonr fyda is;a ßoúïj,g uqyqk fok ldka;djka .ek fkdfjhs'

YdÍßl msvdjg m;ajk ldka;djka .ekhs' B<Õ fhdackdj ÈúkeÕ=‍u hgf;a Èßfhka keÕS isák ldka;djka .ekhs' Tjqka iajhx /lshdj,‍g fhduq lsÍu i|yd rcfhka mqyqKqj jf.au Kh wdOdro ,ndfokjd' kuq;a .eg¨‍j ;sfnkafka Tjqkaf.a ksIamdok wf,ú lsÍfï uOHia:dk m%udKj;a mßÈ fkd;sîuhs' iEu m%dfoaYSh f,alï fldÜGdihlg tl ne.ska tla Èú keÕ=‍u fj<| ‍fmd<la bÈlrkak mq¿jka kï th Tjqkaf.a wd¾Ólhg f,dl= Yla;shla fõú‍'

idlÉPd lf<a - pkaok chùr
Pdhd - fgksika tÈßisxy

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements