Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements


එදා මෙදා තුර පුංචි තිරය බිහි කළ නළු නිළි පරම්පරාව තුළ රැඳුණු ජනප්‍රිය නළුවන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමිවන්නේ සුවිශේෂ තැනක්. පුංචි තිරය සේම රිදී තිරය තුළත් තම රංගනය විදහා පෑ ඔහු නළුකමින් අධ්‍යක්ෂණයට පිවිසිලා එයිනුත් සාර්ථකත්වයට පත් වුණා. ඔහු අප කවුරුත් හොඳින් හඳුනන චන්න පෙරේරායි.

ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැනත් විවිධ කතා පහුගිය කා‍ලේ ක්‍ෂේත්‍රය තුළ අසන්නට ලැබුණා. මේ සියලුම කරුණු ගැන දැනගන්න චන්න පෙරේරා‍ සමග කළ කතා බහෙන් පුළුවන්

චන්න දැන් නිහඬ වෙලා වගෙ පෙනෙන්නෙ ඇයි...?
එහෙම පෙනෙන්නේ මම නිතරම ටෙලි නාට්‍යවල දකින්නට නොලැබෙන නිසා. භාර්යාවෝ ටෙලි නාට්‍යයට මා එකතු වුණේ වසර තුනකට පසුවයි. ඊට කලින් රඟපෑවේ “කනේරු” ටෙලිනාට්‍යයේ...


ඉස්සර නම් ටෙලිනාට්‍යවලට නිතරම එකතු වුණා...?
එදා ටෙලි නාට්‍ය කලාවට වඩා අද තත්ත්වය වෙනස්. අද බොහෝ ටෙලි නාට්‍යවල පිටපත ලියන්නේ එදා දවසට. එදාට රඟපාන්න ඉන්න නළු නිළියන් කවුද දර්ශන තලය මොකක් ද කියල බලල තමයි පිටපත ලියන්නේ. එවැනි නිර්මාණවලට නම් දායක වන්නෙ නැහැ. වසර කිහිපයකට වරක් හෝ ගුණාත්මක ටෙලි නාට්‍ය එකකට හරි දායක වුණාම ඇති.

ඔය තත්ත්වය පවතින්නේ දීර්ඝ ටෙලිනාට්‍යවල. හැබැයි ඔබත් එවැනි ටෙලි නාට්‍යවලටත් දායක වුණා...
දීර්ඝ ටෙලි නාට්‍ය වුණත් හොඳ නිර්මාණ තියෙනවා. අනෙක දූ දරුවො, නෑදෑයෝ, සත්පුරවැසියෝ වගේ නාට්‍ය විකාශය වුණේ සතිපතා. අද දීර්ඝ ටෙලි නාට්‍ය දිනපතා විකාශය වනවා. ඒ විදියට දිනපතා විකාශය වන දීර්ඝ ටෙලි නාට්‍ය කිහිපයක රඟපාන නළු නිළියන්ට සිදුවන්නේ දෙබස් ටික කටපාඩම් කරලා මේකප් කරගෙන කැමරාව ඉස්සරහ දෙබස් ටික කියන්න. ඔවුන් තුළ රංගන හැකියාව තිබුණත් එය මතුකරන්න ඉඩක් ලැබෙන්නෙ නැහැ. ඒ තත්ත්වය මත කාලයක් යද්දි මිනිසුන්ට ඔවුන් එපාවෙන්න පුළුවනි. එදා දීර්ඝ ටෙලි නාට්‍යවල එවැනි තත්ත්වයක් තිබුණෙ නැහැ. එදා අපි දවසට සීන් 7 ක් 8 ක් විතර ෂූට් කළා. අද සීන්ස් 25 විතර ෂූට් කරනවා. ඒකයි වෙනස.

ඔබෙන් පසු පරපුරේ දක්ෂ නළු නිළියෝ බිහිවුණේ නැද්ද...?
ගොඩක් ඉන්නවා. ප්‍රශ්නේ කියන්නේ අර මුලින් කී තත්ත්වය මත ඒ අයට තමන්ගෙ රංගන හැකියාව මතුකරගන්න විදියක් නැතිකම. ඳ චන්න දුටු එවැනි දක්ෂයින් කවුද..? ගයාන් වික්‍රමතිලක, සාරංග දිසාසේකර, මංජුලා කුමාරි, නිරෝෂන් විජේසිංහ වැනි අයගෙ රංගන හැකියාවන් මා දැක තිබෙනවා. තවත් අය ඉන්නවා. ඒත් ටෙලි නාට්‍ය ගොඩක් තියෙන හිංදා අවධානය යොමුවනවා අඩුයි.

ඉඳහිට ටෙලිනාට්‍යවලින් හමුවුණාට චන්න තවමත් පූර්ණකාලීනව කලාවේම නේද නියැලිලා ඉන්නේ...?
ඔව්, මගේ අලුත්ම අධ්‍යක්ෂණය කල්පාන්තයේ සිහිනයක් නිමා කළා. ජනවාරියේ විතර ප්‍රේක්ෂකයින්ට දැක බලා ගන්න පුළුවනි. ‘මායාවි’ චිත්‍රපටයෙයි ‘සත්‍යය’ටෙලි නාට්‍යයෙයි රඟපෑවා.

‘කල්පාන්තයේ සිහිනයක්’ මොන විදියේ චිත්‍රපටයක්ද...?
ඒක මගේම කතාවක්. තිර රචනය කපිල කුමාර කාලිංගගේ රාවණාගේ දඬු මොණරය නිර්මාණය කළ තාක්ෂණය සොයාගෙන යන පෙම්වතුන් යුවලක් වටා තමයි කතාව ගලාගෙන යන්නේ. එහි කල්ප කියන චරිතය රඟපාන්නේ මම. කල්පගෙ පෙම්වතිය මේනකාගේ චරිතය ෙචෙත්‍රා චිත්‍රනාත් කියන ඉන්දියානු නිළිය රඟපානවා. ඊට අමතරව සනත් ගුණතිලක, අයිරාංගනී සේරසිංහ, හිමාලි සයුරංගි, නිහාල් ප්‍රනාන්දු ඇතුළු නළු නිළියන් රඟපානවා.

ඇයි මේ ඉන්දියානු නිළියන් ලංකාවට ගෙනෙන්නේ..?
චරිතයට සුදුසු කෙනාව තමයි තෝරා ගන්නේ. එතැනදි කොයි රටේද කියන එක ප්‍රශ්නයක් නැහැ. මම පූජා උමාශංකර් සිංහල සිනමාවට ගෙනාවා. ඒකෙන් ඈ වටා ප්‍රේක්ෂක පිරිසක් ගොඩනැගුනා. අනෙක් අධ්‍යක්ෂලාත් පූජාව චිත්‍රපටවලට යොදා ගත්තා.


මොනවද පෞද්ගලික ජීවිතේ අලුත්ම තොරතුරු...
බිරිඳයි (ගයාත්‍රි ඩයස්) දුවල දෙන්නයි සතුටින් ජීවත් වෙනවා. ලොකු දුව මලිෂට දැන් වයස 14 යි. දෙවැනි දුව දුවාෂට වයස 7 යි.

විවාහයත් එක්ක රඟපෑමෙන් ඉවත් වූ ගයාත්‍රි දැන් ආයෙම කාර්ය බහුල නිළියක් වෙලා.
දරුවො දෙන්නගෙ කටයුතු නිසා මුලදි ගයාත්‍රි රඟපෑමෙන් ඈත්වුණා. දැන් රඟපානවා. මම එයාට නීති රීති දාල නැහැ.

පසුගිය කාලෙ සිනමාවට සම්බන්ධ උත්සවවලදී චන්නයි ගයත්‍රියි වෙන් වෙන්ව දකින්න ලැබුණු එක ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් වුණා.
ගයත්‍රිට ආරාධනා කරන සමහර උත්සවවලට මට ආරාධනා ලැබෙන්නෙ නෑ. මට ආරාධනා කරන සමහර උත්සවවලට ගයත්‍රිට ආරාධනා ලැබෙන්නෙ නැහැ. තවත් සමහර උත්සවවල දෙන්නටම ලැබෙන්නෙ ආසන දෙකක්. ඒකයි හේතුව.

චන්නයි ගයත්‍රියි වෙන්වෙලා කියලා පුංචි රාවයක් පැතිරිලා ගියේ ඇයි...?
ඒකට හේතුව නම් දන්නව ඇත්තෙ ඒ විදියෙ කටකතා පතුරුවන අයම තමයි. මටත් ඔය කටකතාව ආරංචි වුණා. ඒත් මම ඒ ගැන වැඩිදුර හොයන්න ගියෙ නැහැ. අපි දෙන්නම කාර්ය බහුල හිංදා ඔය විදියේ කටකතා පතුරුවන අය ගැන හොයා බලන්නත් වෙලාවක් නැහැ. කාලයත් එක්ක ඔය බොරු කටකතා ඉබේම මැකිලා යයි.


උපුටා ගැනීමකි - ලක්බිම වෙනුවෙන් සාකච්ඡා කලේ  ආරියවංශ කුලතිලක
tod fuod ;=r mqxÑ ;srh ìys l< k¿ ks<s mrïmrdj ;=< /÷Kq ckm%sh k¿jkaf.a ,ehsia;=fõ Tyqg ysñjkafka iqúfYaI ;ekla' mqxÑ ;srh fiau ß§ ;srh ;=<;a ;u rx.kh úoyd mE Tyq k¿lñka wOHlaIKhg msúis,d thskq;a id¾:l;ajhg m;a jqKd' Tyq wm ljqre;a fyd¢ka y÷kk pkak fmf¾rdhs'

Tyqf.a fm!oa.,sl Ôú;h .ek;a úúO l;d myq.sh ld‍f,a la‍fIa;%h ;=< wikakg ,enqKd' fï ish¨‍u lreKq .ek oek.kak pkak fmf¾rd‍ iu. l< l;d nfyka mq¿jka
pkak oeka ksy~ fj,d jf. fmfkkafk wehs'''@

tfyu fmfkkafka uu ks;ru fg,s kdgHj, olskakg fkd,efnk ksid' Nd¾hdfjda fg,s kdgHhg ud tl;= jqfKa jir ;=klg miqjhs' Bg l,ska rÕmEfõ —lfkare˜ fg,skdgHfha'''

biair kï fg,skdgHj,g ks;ru tl;= jqKd'''@

tod fg,s kdgH l,djg jvd wo ;;a;ajh fjkia' wo fndfyda fg,s kdgHj, msgm; ,shkafka tod ojig' todg rÕmdkak bkak k¿ ks<shka ljqo o¾Yk ;,h fudlla o lsh, n,, ;uhs msgm; ,shkafka' tjeks ks¾udKj,g kï odhl jkafk keye' jir lsysmhlg jrla fyda .=Kd;aul fg,s kdgH tllg yß odhl jqKdu we;s'

Th ;;a;ajh mj;skafka §¾> fg,skdgHj,' yenehs Tn;a tjeks fg,s kdgHj,g;a odhl jqKd'''

§¾> fg,s kdgH jqK;a fyd| ks¾udK ;sfhkjd' wfkl ¥ orefjd" kEoEfhda" i;amqrjeisfhda jf.a kdgH úldYh jqfKa i;sm;d' wo §¾> fg,s kdgH Èkm;d úldYh jkjd' ta úÈhg Èkm;d úldYh jk §¾> fg,s kdgH lsysmhl rÕmdk k¿ ks<shkag isÿjkafka fonia ál lgmdvï lr,d fïlma lrf.k leurdj biairy fonia ál lshkak' Tjqka ;=< rx.k yelshdj ;snqK;a th u;=lrkak bvla ,efnkafk keye' ta ;;a;ajh u; ld,hla hoaÈ ñksiqkag Tjqka tmdfjkak mq¿jks' tod §¾> fg,s kdgHj, tjeks ;;a;ajhla ;snqfK keye' tod wms ojig iSka 7 la 8 la ú;r IQÜ l<d' wo iSkaia 25 ú;r IQÜ lrkjd' talhs fjki'

Tfnka miq mrmqf¾ olaI k¿ ks<sfhda ìysjqfKa keoao'''@


f.dvla bkakjd' m%Yafka lshkafka wr uq,ska lS ;;a;ajh u; ta whg ;ukaf. rx.k yelshdj u;=lr.kak úÈhla ke;slu' | pkak ÿgq tjeks olaIhska ljqo''@ .hdka úl%u;s,l" idrx. Èidfialr" uxcq,d l=udß" ksfrdaIka úf–isxy jeks whf. rx.k yelshdjka ud oel ;sfnkjd' ;j;a wh bkakjd' ta;a fg,s kdgH f.dvla ;sfhk ysxod wjOdkh fhduqjkjd wvqhs'

b|ysg fg,skdgHj,ska yuqjqKdg pkak ;ju;a mQ¾Kld,Skj l,dfõu fkao kshe,s,d bkafka'''@

Tõ" uf.a w¨‍;au wOHlaIKh l,amdka;fha isyskhla ksud l<d' ckjdßfha ú;r fma%laIlhskag oel n,d .kak mq¿jks' ‘udhdú’ Ñ;%mgfhhs ‘i;Hh’fg,s kdgHfhhs rÕmEjd'

‘l,amdka;fha isyskhla’ fudk úÈfha Ñ;%mghlao'''@


tal uf.au l;djla' ;sr rpkh lms, l=udr ld,sx.f.a rdjKdf.a o~q fudKrh ks¾udKh l< ;dlaIKh fidhdf.k hk fmïj;=ka hqj,la jgd ;uhs l;dj .,df.k hkafka' tys l,am lshk pß;h rÕmdkafka uu' l,amf. fmïj;sh fïkldf.a pß;h ffp;%d Ñ;%kd;a lshk bkaÈhdkq ks<sh rÕmdkjd' Bg wu;rj ik;a .=K;s,l" whsrdx.kS fiarisxy" ysud,s ihqrx.s" ksyd,a m%kdkaÿ we;=¿ k¿ ks<shka rÕmdkjd'

wehs fï bkaÈhdkq ks<shka ,xldjg f.fkkafka''@


pß;hg iqÿiq flkdj ;uhs f;dard .kafka' t;ekÈ fldhs rfÜo lshk tl m%Yakhla keye' uu mQcd WudYxl¾ isxy, iskudjg f.kdjd' taflka wE jgd fma%laIl msßila f.dvke.=kd' wfkla wOHlaI,d;a mQcdj Ñ;%mgj,g fhdod .;a;d'

fudkjo fm!oa.,sl Ôúf;a w¨‍;au f;dr;=re'''

ìß|hs ^.hd;%s vhia& ÿj, fokakhs i;=áka Ôj;a fjkjd' f,dl= ÿj u,sIg oeka jhi 14 hs' fojeks ÿj ÿjdIg jhi 7 hs'

újdyh;a tlal rÕmEfuka bj;a jQ .hd;%s oeka wdfhu ld¾h nyq, ks<shla fj,d'

orefjd fokakf. lghq;= ksid uq,È .hd;%s rÕmEfuka wE;ajqKd' oeka rÕmdkjd' uu thdg kS;s Í;s od, keye'

miq.sh ldf, iskudjg iïnkaO W;aijj,§ pkakhs .h;%shs fjka fjkaj olskak ,enqKq tl f.dvla fofkl=g m%Yakhla jqKd'

.h;%sg wdrdOkd lrk iuyr W;aijj,g ug wdrdOkd ,efnkafk kE' ug wdrdOkd lrk iuyr W;aijj,g .h;%sg wdrdOkd ,efnkafk keye' ;j;a iuyr W;aijj, fokakgu ,efnkafk wdik folla' talhs fya;=j'

pkakhs .h;%shs fjkafj,d lsh,d mqxÑ rdjhla me;sß,d .sfha wehs'''@


talg fya;=j kï okakj we;af; ta úÈfh lgl;d m;=rejk whu ;uhs' ug;a Th lgl;dj wdrxÑ jqKd' ta;a uu ta .ek jeäÿr fydhkak .sfh keye' wms fokaku ld¾h nyq, ysxod Th úÈfha lgl;d m;=rejk wh .ek fydhd n,kak;a fj,djla keye' ld,h;a tlal Th fndre lgl;d bfíu uels,d hhs'


Wmqgd .ekSuls - ,laìu fjkqfjka idlÉPd lf,a  wdßhjxY l=,;s,l 

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements