Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

’රාස්’ හින්දි චිත්‍රපට පෙළේ තෙවැන්න දැන් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණ තිබේ. වික්‍රම් භාත් ගේ අධ්‍යක්ෂණයක් වන ‘රාස්-3’ මහේෂ් භාත් හා මුකේෂ් භාත් යන දෙදෙනාගේ අධ්‍යක්ෂණයකි.

බොලිවුඩයෙන් නිපැයෙන අද්භූත කතා සහිත චිත්‍රපට පෙළක් වන ‘රාස්’ හි පළමුවැන්න තිරගත වූයේ 2002 දී ය. එහි දෙවැන්න ‘රාස්- ද මිස්ට්‍රි කන්ටිනියුස්’ 2009 වසරේ දී තිරගත වුයේය.

ශ්‍රී ලංකාවේ උපන්, රූප සුන්දරියක හා බොලිවුඩ් නිළියක වූ ජැකොලයින් ෆර්නැන්ඩෙස් ද ‘රාස් -3’ හි රඟපාන්නීය.



සහන්යා ජනප්‍රිය නිළියකි. ජනපි‍්‍රය නිළියක ලෙස පමණක් නොව ඇය සම්මානනීය නිළියක ලෙස ද හැඳින්වීමට පුළුවන. ඇය රඟපෑ සෑම චිත්‍රපටයක්ම පාහේ සාර්ථක වූ අතර සම්මාන සඳහා ඇගේ නම යෝජනා වූ සෑම අවස්ථාවකම ඇයට එම සම්මානය හිමි විය.

ඇය පෙම් බැන්දේ කඩවසම් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ආදිත්‍යටය. සියල්ල අවසන් වන්නේ තරුණ නිළියක වූ සන්ජානා සිය පළමු චිත්‍රපටයේ රඟපාමින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි විටය. සිනමාවේ සියලු දෙනාට සහන්යා අමතක වී යන අතර ඔවුන් සියල්ලන් තම චිත්‍රපටවලට සම්බන්ධ කරගන්නේ සන්ජානාය.

ආදිත්‍ය ද සහන්යා අමතක කර දමා සන්ජානාට සමීප වෙයි. නිළියක ලෙස තමන් වැජඹුණ කාලය අවසන් වෙමින් පවතින බව වටහාගන්නා සහන්යා වියරු වැටෙයි. ආදිත්‍ය ද තමාගෙන් ඈත් වූ බව අවබෝධ කරගන්නා ඇය සන්ජානාට වෛර කරයි. ඊළඟට ඇය යොමු වන්නේ මන්තර ගුරුකම් කෙරෙහිය. සන්ජානා සියල්ලන්ටම එපා කරවා සිනමා ක්‍ෂේත්‍රය ද ආදිත්‍ය ද දිනාගනු පිණිස ඇය සන්ජානාට කොඩිවින කරයි.

එතැන් පටන් මළගිය ආත්ම සන්ජානාට හිරිහැර කරයි. සහන්යා ගේ උත්සාහය සාර්ථක වේවිද? නොඑසේ නම් ආදිත්‍ය හා සන්ජානා එක්ව සන්ජානාට බාධා කරන අද්භූත බලවේග සියල්ල පරාජය කරනු ඇත්ද? ‘රාස් - 3’ චිත්‍රපටය නැවතත් අපට සිහිපත් කර දෙනු ලබන්නේ ප්‍රේමයත් වෛරයත් අතර ඇත්තේ ඉතා සියුම් පරතරයක් බවය.

සහන්යා කෙජාල් ලෙස බොලිවුඩයේ ප්‍රකට නිළි බිපාෂා බාසු ද, සන්ජානා ලෙස ඊෂා ගුප්තා ද, ආදිත්‍ය ලෙස ඉම්රාන් හෂ්මි ද රඟන ‘රාස් - 3’ හි රූගත කිරීම් ඇරඹී ඇත්තේ මේ වසරේ ජනවාරි 9 දාය. ‘රාස්- 3’ පසුගිය 07දා තිරගත වීම ඇරඹූ අතර එදින පමණක් එය ඉන්දියාවේදී උපයා ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 10.5කි. මේ වන විට ‘රාස් -3’ ආදායම් වාර්තා පිහිටුවමින් භාරත යේද, ශ්‍රී ලංකාවේ ද ප්‍රදර්ශනය වෙයි.

කුමාර සිරිවර්ධන විසින් සිළුමිණ - රසඳුනට ලියන ලදී

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements