Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ඌවපරණගම පොලිස්‌ බලප්‍රදේශයේ 24 වියෑති දෙදරු මවක යකැදුරකු විසින් අපහරණයට ලක්‌කර තිබේ.
මෙසේ අපහරණයට ලක්‌වී ඇත්තේ ඌවපරණගම වදගොල්ල හිඹිලියාගහ මඩිත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය සිය මාස 4 ක්‌ වයසැති දරුවාට අපල තිබෙන බැවින් දරුවා ගැන විමසීමට ශාස්‌ත්‍ර කියන ස්‌ථාන කිහිපයකින් පේන බලා ඇති අතර දරුවාට අපල ඇති බවත් සිය නිවසට භූත බලපෑම් ඇති බවත් පේන බැලූ ස්‌ථානවලින් පවසා තිබේ. මේ නිසා නිවසේ භූත බලපෑම් ඉවත්කර ගැනීම සඳහා ඇය යකැදුරකුගේ පිහිට පතා තිබේ.

පසුව යකැදුරා නිවසට පැමිණ නිවසේ භූත බලවේග ඉවත් කළ හැකි බව පවසා තිබේ. පසුගිය 20 වැනිදා රාත්‍රි මෙම කාන්තාවගේ නිවසේදී ශාන්තිකර්මයක්‌ කිරීමට කටයුතු යොදා ඇති යකැදුරා පවසා ඇත්තේ වෙන වෙනම නිවසේ පදිංචිකරුවන් සඳහා ශාන්තිකර්මය සිදු කළ යුතු බවයි.

ඒ සඳහා කුලිය වශයෙන් රුපියල් තිස්‌දහසක්‌ හා පලතුරු හා පූජා භාණ්‌ඩ සඳහා රුපියල් පහළොස්‌ දහසක්‌ද මෙම නිවැසියන් විසින් වියදම් කොට තිබේ. නිවැසියන් මෙම මුදල් සොයාගෙන තිබෙන්නේ ණයට හා රන් ආභරණ උගසට තැබීමෙන් බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

කාන්තාවගේ මව්පියන්ගේ නිවසද මේ නිවස ආසන්නයේ පිහිටි නිසා නිවසේ අන් අය මවගේ නිවසට යවා තිබේ. ප්‍රථමයෙන් එම කාන්තාවගේ ස්‌වාමි පුරුෂයාට මතුරා ශාන්තිකර්මය ආරම්භ කර එය පැය භාගයකින් පමණ නිම කර ඇත. අනතුරුව මෙම කාන්තාවට මතුරා ශාන්තිකර්මය සිදු කළ යුතු බව පවසා නිවසේ කාමරයක්‌ තුළ ඇයට මැතිරීම ආරම්භ කර තිබේ. යකැදුරා විසින් කාන්තාවගේ සිහි විසඥ කර ඇයට අතවර කරන අතරේ ඇයගේ සැමියාට සැක සිතී ජනේලයෙන් බලන විට සිද්ධිය දැක තිබේ. සැමියා දොර කඩා ඇතුළු වී යකැදුරාට පහරදී ඇති අතර යකැදුරා පැනගොස්‌ තිබේ. පසුගිය සිකුරාදා (21 දා) වැලිමඩ නගරයේදී ඌවපරණගම පොලිසිය විසින් යකැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම යකැදුරා වන තාරුකා ගනිතයලාගේ ජයතිස්‌ස (35) නමැති සැකකරු මීට පෙරද මෙවැනි ක්‍රියා සිදුකළ පුද්ගලයකු බවද පොලිසිය පවසන අතර එම ක්‍රියාවන් ගැනද දැනට විමර්ශනය කරමින් සිටින බව පොලිසිය පවසයි.

යකැදුරු තාරුකා ගනිතයලාගේ ජයතිස්‌ස යන සැකකාර පුද්ගලයා වැලිමඩ හපුතලේ පාර, දෙකේ කනුව ප්‍රදේශයේ සුපිරි ගනයේ නිවසක්‌ද ඉදිකරමින් පවතින අතර ඔහුද තිදරු පියකු බව ඌවපරණගම පොලිසිය පවසයි.

W!jmrK.u fmd,sia‌ n,m%foaYfha 24 úhE;s foore ujl hleÿrl= úiska wmyrKhg ,la‌lr ;sfí'

fufia wmyrKhg ,la‌ù we;af;a W!jmrK.u jof.d,a, ysô,shd.y uä;a; m%foaYfha mÈxÑ ldka;djls'


weh ish udi 4 la‌ jhie;s orejdg wm, ;sfnk neúka orejd .ek úuiSug Ydia‌;% lshk ia‌:dk lsysmhlska fmak n,d we;s w;r orejdg wm, we;s nj;a ish ksjig N+; n,mEï we;s nj;a fmak neÆ ia‌:dkj,ska mjid ;sfí' fï ksid ksjfia N+; n,mEï bj;alr .ekSu i|yd weh hleÿrl=f.a msysg m;d ;sfí'

miqj hleÿrd ksjig meñK ksjfia N+; n,fõ. bj;a l< yels nj mjid ;sfí' miq.sh 20 jeksod rd;%s fuu ldka;djf.a ksjfia§ Ydka;sl¾uhla‌ lsÍug lghq;= fhdod we;s hleÿrd mjid we;af;a fjk fjku ksjfia mÈxÑlrejka i|yd Ydka;sl¾uh isÿ l< hq;= njhs'

ta i|yd l=,sh jYfhka remsh,a ;sia‌oyila‌ yd m,;=re yd mQcd NdKa‌v i|yd remsh,a myf<dia‌ oyila‌o fuu ksjeishka úiska úhoï fldg ;sfí' ksjeishka fuu uqo,a fidhdf.k ;sfnkafka Khg yd rka wdNrK W.ig ;eîfuka nj fmd,sia‌ mÍla‍IKj,§ wkdjrKh ù ;sfí'

ldka;djf.a uõmshkaf.a ksjio fï ksji wdikakfha msysá ksid ksjfia wka wh ujf.a ksjig hjd ;sfí' m%:ufhka tu ldka;djf.a ia‌jdñ mqreIhdg u;=rd Ydka;sl¾uh wdrïN lr th meh Nd.hlska muK ksu lr we;' wk;=rej fuu ldka;djg u;=rd Ydka;sl¾uh isÿ l< hq;= nj mjid ksjfia ldurhla‌ ;=< wehg ue;sÍu wdrïN lr ;sfí' hleÿrd úiska ldka;djf.a isys úi{ lr wehg w;jr lrk w;f¾ wehf.a ieñhdg iel is;S cfka,fhka n,k úg isoaêh oel ;sfí' ieñhd fodr lvd we;=¿ ù hleÿrdg myr§ we;s w;r hleÿrd mekf.dia‌ ;sfí' miq.sh isl=rdod ^21 od& je,suv k.rfha§ W!jmrK.u fmd,sish úiska hleÿrd w;awvx.=jg f.k ;sfí'

fuu hleÿrd jk ;dreld .ks;h,df.a ch;sia‌i ^35& kue;s iellre óg fmro fujeks l%shd isÿl< mqoa.,hl= njo fmd,sish mjik w;r tu l%shdjka .eko oekg úu¾Ykh lrñka isák nj fmd,sish mjihs'

hleÿre ;dreld .ks;h,df.a ch;sia‌i hk ielldr mqoa.,hd je,suv ymq;f,a mdr" fofla lkqj m%foaYfha iqmsß .kfha ksjila‌o bÈlrñka mj;sk w;r Tyqo ;sore mshl= nj W!jmrK.u fmd,sish mjihs'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements