Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ඉන්දිකා උපමාලි


ඉන්දිකා උපමාලි දක්ෂ ගායිකාවකි. එමෙන්ම දක්ෂ රංගන ශිල්පිනියකි. එසේම ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස තම දැනුම මීළඟ පරපුර වෙත ලබා දෙන්නට වෙහෙසෙන්නීය.

මේ දිනවල ඇය සුදානම් වන්නේ ඇයගේ නවතම ගීත එකතුව රසික රසිකාවියන් වෙත ගෙන ඒමටය. ඒ පිළිබඳවත් ඇයගේ කලා දිවිය පිළිබඳවත් විමසීමට පසුගිය දිනෙක ‘රසඳුන’ වෙනුවෙන් අපි ඇය හමුවීමු.

මේ දවස්වල ඔබ මොනවගේ කලා කටයුතුවලද යෙදිල ඉන්නෙ?

ප්‍රධාන වශයෙන්ම මගේ නවතම ගීත එකතුව එළිදක්වන්න කටයුතු කරගෙන යනවා. ඒ වෙනුවෙන් ගීත කීපයක් පටිගත කරලයි තියෙන්නෙ. තවත් ගීත කීපයක් පටිගත කරන්න ඕන. ඒ සඳහා අලුත් ගී පදමාලා මට අවශ්‍ය වෙලත් තියෙනවා.

ඒ වගේම වේදිකා නාට්‍ය දෙකකටත් සම්බන්ධ වෙලා ඉන්නව. විශේෂයෙන්ම මේ දවස්වල මගේ වැඩි කාලයක් යොදවන්න වෙලා තියෙන්නෙ මගේ පශ්චාත් උපාධියේ වැඩ කටයුතුවලට. මේ සේරම කරන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික අධ්‍යයන අංශයේ සංගීතය පිළිබඳ කථිකාචාර්යවරියක් ලෙස වැඩ කරන අතරතුරයි. ඒ වගේම මගෙන් සංගීතය ඉගෙන ගන්නා දරු දැරියන්ගේ ප්‍රසංගයකටත් සූදානම් වෙනවා.

ඔබගේ නවතම ගීත එකතුව ගැන කතා කරමු. ඔබේ ගීත එකතුවෙන් අලුත් යමක් රසිකයින්ට දෙන්න ඔබ බලාපොරොත්තු වෙනවද?

ඇත්තෙන්ම ඔව්. අද අසන්නට ලැබෙන බොහොමයක් ගීතවලින් සමාජයට ලැබෙන දෙයක් නෑ. බොහොමයක් ගීත රචනා වෙලා තියෙන්නෙ ආදරය පිළිබඳව; ආදරය කියන හැඟීම ගැන වුණත් මතුපිටින් දැකපු ගීත රචනා. ඒ නිර්මාණවල ගැඹුරක් නෑ. ආදරය ගැන වුණත් ගැඹුරින් දකින්න මම උත්සාහ කළා. මගේ ගීත එකතුවේ තිබෙනවා ඇලපාත මුදලිගේ සහ ගජමන් නෝනාගේ පෙම් පුවත දැක්වෙන ගීතයක්. එය ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය පිළිබඳව වෙනස් කෝණයකින් ලියැවුණු එකක්.

ඒ විදියට වෙනස් ආරක ගීත එකතුවක් රසිකයන්ට දෙන්නයි මම උත්සාහ කරන්නේ. සංගීත විෂය පිළිබඳව උගන්වන කෙනෙක් විදියට එය මගේ වගකීමක් කියල මම හිතනව. අපි ආපසු හැරිල බලද්දි නිර්මාණකරුවන් විදියට අප සමාජයට දුන්නෙ මොනවද කියල අපට සතුටුවෙන්න බැරි නම් එයින් වැඩක් නෑ.

ඔබේ අලුත් ගීත එකතුවක් එළිදක්වන්න කලක් ගතවුණේ ඇයි?

ගීත නිර්මාණ ඉදිරිපත් කරන්න මට ඒ තරම් හදිස්සියක් නෑ. ඒ වගේම ගීත නිර්මාණ ඉදිරිපත් කළ යුතුමයි කියන අදහසේත් මම නෑ. මගේ අදහසේ හැටියට සංගීතය කියන්නේ සරල ගීතයම නෙමෙයි. එහෙම කියල ගීතයට ගරහන්නෙ නෑ. සරල ගීතය තමයි රටේ බහුතර රසිකයන්ට වින්දනය සපයන ප්‍රධාන කලා මාධ්‍යය. නමුත් අප සරල ගීතයෙන් එහාට රටේ රසික රසිකාවියන්ව ගෙනියන්න උත්සාහ කළ යුතුයි. ඔපෙරා වැනි නිර්මාණ ඒ සඳහා උදාහරණයි.

එවැනි නිර්මාණ එක්ක පසුගිය කාලෙ මම දිගටම සිටියා. ඒ නිසයි මගේ ගීත එකතුවක් එන්න පමාවුණේ.. හැබැයි මම පසුගිය දවස්වල චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කීපයකටම පසුබිම් ගායනයෙන් දායක වුණා. මේ දිනවල විකාශය වන ‘නිල් අහස’ සහ ‘උපුලී’ ටෙලිනාට්‍ය දෙකේ ගීත මගේ.

ඔබ රංගනයට සමුදුන්නාද?

ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවල රංගනයෙන් මම තරමක් දුරස් වුණා. ඒකට කරුණු කීපයක්ම හේතු වුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස වැඩ බාරගත්තට පස්සේ මට තීරණයක් ගන්න සිදුවුණා මගේ වගකීම පිළිබඳව. රංගනයට වඩා සංගීතයට මගේ කාලය යොදවන්න මම තීරණය කළා. ටෙලි නාට්‍ය චිත්‍රපටවල රූපගත කිරීම්වලට දින ගණනක් ගතවෙන අවස්ථා තිබෙනවා. එහෙම වුණොත් මගෙන් ඉගෙනගන්න දරුවන්ගේ අධ්‍යාපනයට එය බාධාවක්. ඒ නිසයි මම රඟපෑමෙන් තරමක් දුරස් වුණේ. එයින් අදහස් වෙන්නේ නෑ මම රඟපෑමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා කියලා. ඉදිරියේදී ඉඩක් ලැබුණු අවස්ථාවක එවැනි දේකට යොමු වෙනවා.

කලකට පෙර ඔබ රියැලිටි ගායනා වැඩසටහන්වල විනිශ්චයට දායක වුණා. මේ දිනවල ඒ වැඩවලින් ඉවත් වෙලාද?

කාලය පිළිබඳ ප්‍රශ්න නිසයි මම මේ දිනවල ඒ වැඩසටහන් සඳහා සහභාගි නොවෙන්නේ. හැබැයි රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ තරගකරුවන් තරග කාරියන්ගේ කටහඬ පුහුණු කිරීමේ සහ ප්‍රසාංගික පුහුණුවිම්වලට මම ඉතාම කැමැත්තෙන් සහභාගි වුණා.


රියැලිටි සංගීත වැඩසටහන්වලින් තේරෙන තරුවල අනාගතය ගැන ඔබ මොනවද හිතන්නෙ?

ඔය ප්‍රශ්නයේ හොඳ හා නරක කියන පැති දෙකම ගැන හිතන්න ඕන. සෑම දෙයක් දිහාම සෘනාත්මකව බැලීම සුදුසු නෑ. වත්මන් තරුණ පරපුරේ ඉතාම ඉහළ හැකියාවක් තියෙන පිරිසක් ඉන්නවා. ඉතාම හොඳ හඬවල් ඒ අතර තියෙනවා. ඒ හඬවලට මතුවෙන්න මේ රියැලිටි වැඩසටහන් තෝතැන්නක් වෙලා තියෙනවා. ගුවන්විදුලියෙන් බිහිවුණු ගායක ගායිකාවන්ගේ ප්‍රාසාංගික බවක් තිබුණේ නෑ. අද රූපවාහිනියට ප්‍රාසාංගික බව අවශ්‍යයි.

මෙම රියැලිටි වැඩසටහන්වලින් බිහිවන තරුණ පරපුර අතරේ රූපවාහිනී මාධ්‍යයට අවශ්‍ය ප්‍රාසාංගික බව තියෙනවා. මට හිතෙනව රියැලිටි වැඩසටහන් නිසා වර්තමාන පරපුරේ හඬ පරාසයේ සහ ප්‍රාසාංගි තත්ත්වයේ විද්‍යාත්මක පරිණාමයක් සිදුවෙලා තිබෙනව කියලා. නමුත් සැමදා අනුන්ගේ ගීත ගායනා කිරීමට ගියොත් ඔවුන්ට අත්වෙන්නෙ අමිහිරි ඉරණමක්. අනුන්ගේ ගී. ගයල සල්ලි හම්බ කරන සංකල්පයෙන් මිදෙන්න මේ පරපුර වගබලා ගත යුතුයි.

ඔවුන්ට නිවැරදි මඟක් පෙන්වීම බලධාරීන්ගේ ද වගකීමක්.

මොනවද ඔබේ පවුලේ තොරතුරු?


ගේ සැමියා ව්‍යාපාරිකයෙක්; රගර් ක්‍රීඩකයෙක්. මගේ කලා වැඩ කටයුතුවලට ඔහුගෙන් උපරිම සහයෝගයක් ලැබෙනවා.


සිළුමිණ වෙනුවෙන් ගාමිණී සුසන්තගේ සාකච්ඡාවකිනි.

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements