Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

දරු සුරතල් දැකීමේ සිහිනය සිය සැමියාගෙන් ඉටු නොවීම නිසා කනස්සල්ලට පත් කාන්තාවක් වෙනත් පුරුෂයෙකු සමග හාද වී ඔහු සමග පළා ගොස් මවක වීමේ සිහිනය සැබෑ කරගෙන ඇතැයි කියන තොරතුරක් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පැමිණිලි පොතේ 07 වැනිදා සටහන් විය.

රක්වාන පළාතේ පදිංචි වී සිටි ඇය විවාහ වූයේ බදුල්ලේ පදිංචි අයෙකු සමගයි. වසර තුනක් තිස්සේ ඇය මැවූ සිහිනය වූයේ මවක වීමයි. ගමේ සෙසු කාන්තාවන් මව්වරුන් බවට පරිවර්ථනය වෙද්දි ඇය ඒ දෙස බලා හීල්ලුවා පමණී.


මවක වීමේ ආශාව සිය සැමියාගෙන් ඉටු නොවීම නිසා ඇය රහසේම තවත් පුරුෂයෙකුට පෙම් බැන්දේය. සමාජ හා සදචාරාත්මක වැරැද්දක් ලෙස පෙනුනත් ඊට වඩා මව් සෙනෙහස දරුවකුට පිදීම ඇයගේ සිත පෙලූ කාරණාව වන්නට ඇත.

ඒ අනුව ඇය සිය අනියම් පුරුෂයා සමග හිටිහැටියේ අතුරුදන් වූවාය. නීත්‍යාණුකූල සැමියා රට පෙරලමින් ඇය සොයන්නට පටන් ගත්තේ ඇයට කුමකින් කුමක් විණිදැයි දැන ගනු රිසියෙනි. නොබෝ කලකින් ඔහුට ආරංචියක් ලැබිණ. එනම් ඔහුගේ පෙම්බර බිරිඳ ගැබිණියක වී අම්බලන්ගොඩ පළාතේ පදිංචි වී සිටින බවකි.

ඒ පිළිඹඳ රහසේ ‍පැමිණ සොයා බැලූ ඔහුට කාරණාව ඇත්ත බව පෙනී ගියේය. අනතුරුව හෙතෙම පිළිසරණ පැතුවේ අම්බලන්ගොඩ පොලිසියයි. පොලිස් පොතේ පැමිණිල්ල සටහන් වීමෙන් පසු විවාහක බිරිඳ පොලිසියට කැඳ වූයේ 07 වැනිදා ය. පොලිසියේ දී ඇය සියල්ල පැවසුවාය. තමන් දැන් අනියම් සැමියා හේතුවෙන් මවක වීමේ සිහිනය සැබෑ කරගත් බැවින් යළිත් නීත්‍යාණුකූල සැමියා සමග බදුල්ලේ යා නොහැකි බව හඬා වැටෙමින් ඇය කීවාය.

මේ අවනඩුව විසඳන්නට තමන්ගේ පොලිස් නීතිය ශක්තිමත් නැති බව පෙනී ගිය පොලිසිය සිවිල් නඩුවක් දමා ප්‍රශ්නය සමථයකට පත් කර ගන්නැයි සැමියාට උපදෙස් දුන්නේය. එයද අසා ගෙන සැමියා බදුල්ල බලා පිටත් වූයේ නඩුවක් මගින් තීරණයක් ගනිමි යැයි පොලිසියට පෙරළා කියමිනි.

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements