Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

අරුණි රාජපක්ෂ 2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනා ගනිමින් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවදානය දිනා ගත්තා.  නිරූපිකාවක් හා නිළියක් ලෙස ඉදිරියට ආ අරුණි කන්ද උඩරට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් සමග මීට පෙර විවාහ වුන එක ගැන එයා කිව්වෙ මහ අමුතු කතාවක්.

"එහෙම දෙයක් මට මතක නැහැනේ", "මම නම් එහෙම එකක් ගැන දන්නේ නෑ" ආදී කියමන් එක දැන් ජනප්‍රිය කතාවක් වෙලා. පසුගිය දිනවල දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාටත් අතීතය අමතක වෙලා තිබුන බව පුවත්පත් මගින් දුටුවා. ගොඩාක් දෙනෙක් දන්න විදියට මේක බෝවෙන ලෙඩක් නම් නොවෙයි.


නමුත් කුඩා මොලේට ආසන්නව යම් තදබල පහරක් වැදුනොත් අතීතය අමතක වෙලා විනාඩි කිහිපයක් ඇතුලත කර කී දේවල් පමණක් මතකයේ තිබෙන අයුරු සහ කම්පනයක් ගෙනදීමට තරම් විශේෂ සිදුවීමකින් ඊට සම්බන්ධිත අතීතයන් නැවතත් තාවතාලිකව මතක් වෙන අයුරුත් "ගජිනි - Ghajini" යන ජනප්‍රිය හින්දි චිත්‍රපටයෙන් අපි නරඹලා තියෙනවා. ඒකට කියන්නේ "ෂෝට් ටර්ම් මෙමරි ලොස්" කියලා. ගජිනි විත්‍රපටියේ ගැබ්වෙලා තියෙන්නේ හරි ලස්සන, අවංක ආදර කතාවක්.

නමුත් අරුණිගේ ආදර කතාව ගැන සතිඅන්ත පුවත්පතකට ඇය විසින් පවසා තිබෙන්නේ තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත් සහ එම ජායාරූප තමන් නොදුටු බවත්ය. අපි බලමු එයා තව මොනවාද කියන්නේ කියලා.

කීපදෙනෙකුට ආදරේ කරපු කෙනෙක් අදරයේදී විශ්වාස කරන්න පුලුවන්ද?
පුළුවන්. මිනිස්සුන්ට හැමදාම වරදින්නේ නෑ.

ඔබට ආදරේදී කී වතාවක් වැරදුනාද?
තුන් වතාවක්

විවාහයක් කියන්නේ හදිසියේ සිදුවියයුතු දෙයක් ද?
නෑ බොහොම කල්පනාවෙන් සිදුවියයුතු දෙයක්.

එහෙනම් ඔබ හදිසියේ විවාහ උනේ?
කවුද කියන්නේ?

කන්ද උඩරට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එක්ක විවාහ ගිවිසගත්ත කියන එක බොරුවක් කියලද කියන්නේ?
එහෙම කතාවක් තියනවද? මම නම් එහෙම එකක් ගැන දන්නේ නෑ.

වෙබ් අඩවි වල තිබුන චායාරූප ඔබේ නෙවෙයිද?
මම ඒවා දැක්කේ නෑ.

ගින්නක් නැතිව දුමක් නගියිද?
සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්.

පසුගිය කාලයේ රූපවාහිනී නාලිකාවක ප්‍රධානියෙක් එක්ක තිබුණා කියන සම්බන්ධතාවයටත් කණකොකා හැඬුවද?
කණකොකා හඩන්න එහෙම සම්බන්ධයක් තිබුනේ නැහැනේ.

වගකිමෙන්ද කියන්නේ?
ඔව්. වගකීමක් නැතිව වචන පාවිච්චි කරන්න බැහැනේ. නිවේදිකාවක් උනාම මාධ්‍ය ප්‍රධානියාට සම්බන්ධ කරනවා. නිලියක් උනහම නළුවට සම්බන්ධ කරනවා. ඕවා කතා විතරයි.

කටකතා වලට බයද?
අපෝ නෑ. මම ඒවා ගැන හිතන්නේ නැහැ.

දැන් පෙම්වතෙක් ඉන්නවද?
ඔව්.

කවුද?
නම ගම හෙළි කරන්න බෑ.

Night Club යනවද?
පුරුද්දකට යන්නේ නැහැ. ඒත් වෘත්තීය අවස්තාවකටනම් යනවා.

මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවද?
නැහැ. මම ඒවාට විරුද්දයි.

මත් ද්‍රව්‍ය, Night Club යන්නේ නැතිව නිරුපිකාවකට පැවැත්මක් තියනවද?
ඇයි නැත්තේ! එක මහා මෝඩ සංකල්පයක්.

හදහන් විස්වාස කරනවද?
ඔව්.

විවාහයෙදී?
ඔව්. විවාහයේදීත් මම හදහන් බලයි.

ගැහැණු ළමයින්ට තිබිය යුතුම මොනවද?
චරිතය.

ඔබටත් එය තියෙනවද?
නැත්නම්!!

අරුණි රාජපක්ෂගේ ඡායාරූප එකතුවක් බලන්න.




Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements