මේ දිනවල විකාශය වන රිදී සිත්තම්, සේපාලිකා ටෙලි නාට්‍යවලට රඟපාන නිරෝෂා තලගල දැන් ජනප්‍රිය නිළියක්. "නිළියක් වෙන්න මගේ තුන් හිතකවත් බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. මගේ පෙම්වතාගේ වුවමනාවට තමයි, මම නිළියක් වුනේ." නිරෝෂා පැවසුවේ එහෙමයි.
තමන්ගේ පෙම්වතිය නිළියක් වෙනවාට වැටකඩොලු බඳින පෙම්වතුන් අතර, නිරෝෂාගේ පෙම්වතා වැට කඩොලු හැර දුන්නේ මොකද? යන පැනයට නිරෝෂගේ පිළිතුර වූයේ, "රංගන හැකියාවක් තියෙනවා කියලා එයාට දැනෙන්න ඇති. ඒ හැරෙන්න වෙන විශේෂ හේතුවක් නැහැ."
නිරෝෂාගේ ජීවිතේත් වැරදුනු තැන් තිබුණාලු.
වයස විසි දෙකේදී විහාහ වූ නිරෝෂාට දැන් විසි හයක්ලු. විහාහ වුනු යුවළක් අපේක්ෂා කරන්නේ එක වහලක් යට ඉන්න වුනත්, නිරෝෂාට මේ වාසනාව ලැබුනේ එක අවුරුද්දලු. ඊට පස්සෙ ඔහු විදේශ ගත වෙලා තියෙනවා.
ඒක එයාගේ තරුණ ජීවිතේට වුනු වැරද්දක් කියල හිතෙන නිසා මේ පාර ආවහම එයාව නවත්ත ගන්නවලු. නිරෝෂාට අයුතු යෝජනා, ප්‍රේමාරාධනාවලින් අඩුවක් නැති වුනාට ඒවායින් බේරෙන්න නිරෝෂා දන්නවා කියල තමයි කියන්නේ. දැන් නිරෝෂට තියෙන ලොකුම ප්‍රශ්නය, එයා විවාහක බව ක්ෂේත්‍රයේ සමහර අය පිළිනොගන්න එකලු.
කොහොම වුනත් නිරෝෂාට ප්‍රේමයේ වරදුන තැන් නැහැ යි කියල එයා කියන්නේ නිරෝෂගේ ප්‍රථම ප්‍රේමයම ජය ගත්තු නිසා. නමුත් නිරෝෂාගේ මහත්තයට නම් එකොළොස් වතාවක්ම ප්‍රේමයේ වැරදුන තැන් තිබ්බලු. නිරෝෂා කියන විදියට නිරෝෂා තමයි දොළොස්වන පෙම්වතිය.
නිරෝෂාට ලොකුම වැරැද්ද වෙලා තියෙන්නෙ නැටිල්ල නිසාලු. උසස් අධ්‍යාපනය හදාරන්න ඕන කාලේ එයාගේ ඔළුවේ කිබ්බේ රිහසල් ෂෝ විතරමලු. නිරෝෂට ඔන වුනේ නර්තන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. මොන හේතුවක් නිසාවත් නර්තනය අතාරින්නේ හැහැයි එදා සිතූ නිරෝෂා දැන් නැටුම් ගුරුවරියක්.
ඒත්, නිළියක් වීම නිසා නර්තන ක්ෂේත්‍රයේ එයා හීන මවාගෙන හිටපු ලොකු දේවල්නම් කරන්න බැරි වුනාලු.
නිරෝෂා තලගල ගේ ඡායාරූප ඔකතුව බලන්න.ක්ලික් කරන්න.
©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.


Post a Comment