"හඳුනන්නේ මාගේ සිත සැමදා... ඔබේ ළඟ නැවතිලා..."
මේ...මේ දිනවල රූපවාහිනි නාලිකා කිහිපයකත්, ගුවන්විදුලි නාලිකා රැසකත්, අන්තර්ජාලයෙත් විකාශය වන අතිශය ජනප්‍රිය ගීතයක්.
නැසීගිය චිත්‍රපට පසුබිම් ගායකයකු, සංගීත අධ්‍යක්‌ෂවරයකුද වූ ප්‍රවීණ ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්දයන්ගේ පුත් යොවුන් ගායක මාරියෝ ආන්ජලෝ ආනන්ද, විශාරද නටාශා පෙරේරා යොවුන් ගායන ශිල්පිනිය සමග එක්‌ව ඉහත ගීතය ගායනා කරනු ලබයි.
මාරියෝගේ මව වන ශ්‍රීමා චාන්දනී පෙරේරා පද රචනය කොට ඇති මෙම ගීතය සංගීතවත් කොට ඇත්තේද මාරියෝ ආනන්දය.
එළඹෙන දෙසැම්බර් මසදී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන මාරියෝ එයට පෙර සූදානමක් ලෙස මෙම ගීතය එළිදැක්‌වූ බවත් ප්‍රසංග වේදිකාවලදී සිය ආදරණීය පියාගේ ගීත ගායනා කරනු ලබන්නේ රසික ඉල්ලීම් ඉටු කිරීමට ඔහු තුළ ඇති කැමැත්ත නිසාවෙන්ම බවත් මාරියෝ පැවුසවේය.
ඉදිරියේදී තමාගේම ගීත ගායනා කරමින් රසික සිත් දිනා ගනිමින් සිය අනන්‍යතාව ඔස්‌සේ දිගු ගමනක නියෑළීම ඒකායන පැතුම බව මාරියෝ ආනන්ද යොවුන් ගායන ශිල්පියා ප්‍රකාශ කළේය.
©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Post a Comment