Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

කැලිෆෝනියාවේ පාවහන් නිෂ්පාදන ආයතනයක් විසින් බුදුන් රජානන් වහන්සේගේ රුව පාවහන් අඩියට යොදා පාවහන් නිෂ්පාදනය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

බෞද්ධ දර්ශනයට නිගා වන අන්දමින් සිදු කර ඇති මෙම නිපැයුම පිළිබඳ ටිබෙට් සහ භූතාන් ජාතික බෞද්ධ ප්‍රජාව අන්තර්ජාලය හරහා සිය බලවත් අප්‍රසාදය පළ කර ඇතැයි ද එම වාර්තාවල සඳහන්ය.


කෙසේ වෙතත් මේ පිළිබඳව අදාළ සමාගම කිසිදු තැකීමක් සිදු නොකළ බව "පන්ජාබ් නිව්ස්ලයින්" උපුටා දක්වයි.‍

එම පාවහන් යුගලවල අඩියට යොදා ඇති බුදුන්ගේ රූපය ඉවත් කරන ලෙස ටිබෙට් නායකයින් විවිධ වූ අන්දමින් ඉල්ලීම් ද කර ඇතැයි වාර්තා වේ.

උතුරු අමෙරිකානු ජාතික ටිබෙට් පාර්ලිමේන්තු සභික "ටෂි නම්ජියාල්" එම පාවහන් සමාගමට සිය විරෝධය පළ කරමින් ලිපියක් ද යොමු කර ඇත.

පාවහන් යුගල අඩියේ ඇති බුදුන්ගේ රූපය දැකීමෙන් තමන් වඩාත් සංවේදී වූ බවත් එම ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් අදාළ ලිපියේ සඳහන්ය.

ලොව පුරා විසිර සිටින මිලියන ගණනාවක ජනතාව වන්දනාමාන කරන බුදුන් වහන්සේගේ රුව මෙවැනි වෙළඳභාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගැනීම කිසිසේත්ම සුදුසු නොවන බවත් මෙ සඳහා සැලකිය යුතු අන්දමේ නිදහසට කරුණු කිසිවක් නොමැති බවත් එම ලිපියෙන් පෙන්වාදෙයි.

එබැවින් පාවහන් සමාගම විසින් සිදුකරන කිසිදු අන්දමේ නිෂ්පාදනයකට බුදුන්ගේ රුව ඇතුළත් කර නොගන්නා ලෙස ටෂී මහතා සිය ලිපියෙන් ඉල්ලා ඇත.

කැලිෆෝනියාවේ පිහිටා ඇති ICON නම් මෙම සමාගම 1999 වසරේ දී ස්ථාපිත කරන ලද්දේ හොලිවුඩ් චිත්‍රපට නිෂ්පදකයෙක් විසිනි.

මෙය කාන්තා පාවහන් සහ අත්බෑග නිපදවන සමාගමකි.









Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements