ඕස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
ඔහු මෙම තීරණයට එළැඹ ඇත්තේ, නිරන්තරයෙන් ආබාධවලට ලක්වීම හේතුවෙනි.
එංගලන්තය සමග පැවති එක්දින තරගාවලියේදී මස්පිඩු ආබාධයකට ලක් වු ඔහු තරගාවලිය අතරතුරදී යළි සිය රට පැමිණියේය. ඕස්ට්‍රේලියා ක්‍රිකට් මූලස්ථානය සමග සාකච්ඡා කිරීමේන් පසුව ඔහු එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
බ්‍රෙට් ලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිල වශයෙන් නිවේදනය කිරීමේ මාධ්‍ය හමුව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
2010 වසරේදී ටෙස්ට් පිටියට සමුදුන් බ්‍රෙට් ලී තරග 221කදී කඩුලු දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 380කි.







Post a Comment