Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

‘රණවිරු රියල් ස්ටාර්’ සුපිරි තාරකාව අයෝමි පෙරේරා

පසුගියදා සාර්ථකව නිමාවට පත්වුණු ‘රණවිරු රියල් ස්ටාර්’ වැඩසටහනේ දෙවන අදියරේ ජයග්‍රාහිකාව ලෙස කිරුළ පැලැදීමට වාසනාවන්ත වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ ඉදිකිරීම් අංශයේ ඉංජිනේරු කාන්තා සෙබළ අයෝමි පෙරේරායි. දහස් සංඛ්‍යාත රණවිරු තරු අතරින් තමා ලද ඒ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ අයෝමි කතා බහ කළා.

රණවිරු රියල් ස්ටාර් ලෙස කිරුළ දිනූ අවස්ථාවේ ඔබට දැනුණ හැඟීම මොනවගේ ද?
ඒ සතුට කියල නිම කරන්න බැහැ. මට හිතාගන්න බැරිවුණා මට හිමි වුණු ඒ වාසනාව ගැන හරිම සතුටුයි.


ඔබ අවසන් දෙදෙනා අතරට එන විට මොනවගේ හැඟීමක් ද හිතේ ඇති වුණේ?
අන්තිම තරගකරුවන් දෙදෙනා අතරට එන විට පපුව ටිකක් ගැහුණා. හිතාගන්න තරමක් අපහසු වුණා. ජයග්‍රහණය පිළිබඳව ඇත්තටම මගේ හිතේ බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. මේ පලදුන්නේ මගේ වාසනාව කියල තමයි තවමත් හිතෙන්නේ.

අවසන් පස් දෙනා අතරට ආපු දවස ඔබට අද වගේ ම මතක ඇති?
ඇත්තටම ඔව්. එදා දවසත් මට දැනුණෙ අවසන් මහා තරගය වගේමයි. මොකද අන්තිම පස්දෙනා අතරට එන එකත් ලොකු දෙයක්. ඒ කඩ ඉමත් ජයගන්න මම වාසනාවන්ත වුණා.

ඔබ අවසන් තරගකරුවන් විසි හතර දෙනා අතරට එක් වුණේ තරගකරුවන් කීයක් අතරින්ද?
තරග කරුවන් සිය දෙනෙක් අතරින් තමයි අවසන් තරගකරුවන් විසි හතර දෙනා තෝරන්නේ. ඒ අතරට තේරේවි කියන විශ්වාසය මා තුළ තිබුණා. ඒ සිතුවිල්ල සැබෑ වුණා. එතැන් සිට එස්.එම්.එස් මතයි තරගකරුවන් ඉදිරියට ගියේ.

ඔබ මීට පෙර මෙවැනි රියලිටි තරගවලට ඉදිරිපත් වී තිබෙනවාද? එය මේ ජයග්‍රහණයට රුකුලක් වුණා ද?
මම මීට පෙර පොඩි පොඩි තරගවලට ඉදිරිපත් වෙලා තිබෙනවා. නමුත් ඒ තරග මේ වැඩසටහනට කොහෙත්ම සම කරන්නට බැහැ. මෙය ඉතාම පිළිවෙළ ඇති විනය ගරුක වැඩසටහනක්. අනෙකුත් රියැලිටි වැඩසටහන් මෙයට සම කරන්න බැහැ. “අත්දැකීම්, විනය, ඇඳුම් පැලඳුම් මේ හැම දේකින් ම ක්‍රමානුකූලව මේ වැඩසටහන ඉදිරියට ගියා. මීට පෙර මා සහභාගි වුණු වැඩසටහන් වලින් යම් බලපෑමක් තියෙන්න ඇති. නමුත් රණවිරු රියල් ස්ටාර් වැඩසටහන හරහා බොහෝ දේ ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා.

ඔබේ ජයග්‍රහණයට අවසානයට ඔබ ගැයූ ‘සඳ තනිවෙලා අහසේ...’ ගීතය යම් බලපෑමක් කළා කියා හිතෙන්නේ නැද්ද?
අනිවාර්යයෙන් ම ඒ ගීතය මගේ ජයග්‍රහණය උදෙසා බලපෑවා කියා මම හිතනවා. ඒ ගීතයට ප්‍රේක්ෂක ආකර්ෂණය නො අඩුව ලැබුණා කියා හිතෙනවා. මොකද මාලිනී ෆොන්සේකා රංගනයෙන් දායක වෙන මෙම පැරණි ගීතය හුඟාක් රසික ජනතාවගේ මුවගින් මුමුණන ගීතයක්. ඒ ගීතයට හුඟාක් දෙනා ආදරෙයි.

ඔබේ පවුලේ අයගේ ආභාසය ඔබේ ගායන හැකියාවට බලපාන්න ඇති?
ඔව්. මගේ අම්මාට ගීත ගැයීමේ හැකියාව තියෙනවා. මාමාටත් ගීත ගයන්න පුළුවන්. ඔවුන්ගේ මඟ පෙන්වීම හැකියාව මටත් බලපෑවා. මගේ තාත්තා විදේශ රටක රැකියාව කළේ. නමුත් අද ඔහු අසනීප තත්ත්වයෙන් ඉන්නේ. මට සහෝදරියන් තිදෙනෙක් ඉන්නවා. වැඩිමහල් සහෝදරියන් දෙදෙනා විවාහකයි. පවුලේ හැම දෙනාගෙන් ම ලැබෙන සහයෝගය, ශක්තිය විශාලයි.

ඔබ යුද හමුදා සෙබළියක ලෙස ලැබූ අත්දැකීම් මේ තරගාවලියේ ජයග්‍රහණයට ඍජුවම බලපාන්න ඇති?
අනිවාර්යයෙන් ම, යුද හමුදාවෙන් ලැබෙන විනය ගරුක බව පිළිවෙළ මේ හැම දෙයක් ම බලපෑවා. අනෙක මේ අවස්ථාව මේ ජයග්‍රහණය මට හිමි වුණේ ම මම යුද හමුදාවේ සේවය කළ නිසා. මම යුද හමුදා සේවය දකින්නේ ඉතාම විනය ගරුක ගෞරවනීය සේවයක් විදිහටයි.

ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. මට හිතෙන්නේ මම හරිම වාසනාවන්තයි කියලයි. මේ තරම් ප්‍රේක්ෂක ජනතාවකගේ ආදරය, ගෞරවය ලබන්න පින් කළ යුතුයි. ඒ වගේ ම මට මේ අවස්ථාව හිමිවුණේ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මුතිතුමාගේ මඟ පෙන්වීම හා සංකල්පයක් මත ගොඩනැඟුණු රණවිරු රියල් ස්ටාර් වැඩසටහන නිසා. එතුමාත්, ලක්ෂ්මන් හුළුගල්ල මැතිතුමාත්, යුද හමුදාපතිතුමාත්, අයෝමා රාජපක්ෂ මැතිනියටත්, මගේ සහෝදර සෙබළ සෙබළියන්ටත්, මගේ ප්‍රේක්ෂක ජනතාවටත් මේ අවස්ථාවේ ස්තුතිය පුද කරනවා.

ඔබේ අනාගත බලාපොරොත්තු. ඒ ගැනත් කතා බහ කරමු.
මගේ ඉදිරි වැඩකටයුතු යුද හමුදාවේ විනයට අනුකූලව, එහි ගෞරවයට කිසිදු හානියක් නොවන විදිහට රටට දැයට සමාජයට වැඩදායක විදිහට ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම ඉදිරියේදී මා ජයග්‍රහණය කළ සුපිරි නිවෙසේ පදිංචියට යාමටත් බලාපොරොත්තු වෙනවා. හොඳ කලා නිර්මාණවලට ආරාධනා ලැබුණහොත් යුද හමුදාවේ අවසරය මත ඒ වායේ නිරත වීමටත් බලාපොරොත්තු වෙනවා.


Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements