මේ දිනවල අසන්නට දකින්නට ලැබෙන ප්‍රවෘත්ති අතර ප්‍රධාන පුවත් බවට පත්වී ඇත්තේ අපචාර සිදුවීම්. නමුත් පොලිස් වාර්ථා සංඛ්‍යාලේඛනවලට අනුව අපචාර වැඩිවී ඇත්තේ පසුගිය වසරට වඩා සීයට පහක් වැනි සුළු ප්‍රමාණයකින්. ගණන් හිලව් කෙසේ වෙතත් මෙය අද බොහෝ දෙනෙක් කතා කරන උණුසුම් මාතෘකාවක්. දේශපාලන වේදිකාවේද මීට අදාළ කතා හරිම උණුසුම්.
අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව, රිදීතැන්න ප්‍රදේශයේ ප්‍රජා සංවර්ධන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයේදී ඔහුගේ වෙදිකාවේත් මේ බව කියැවුනා.
නොයෙක් දෙනා විවිධ හේතුන් පැහැදිළි කරද්දී, ආචාර්ය මර්වින් සිල්වා අපචාර ක්‍රියා වැඩි වීමට හේතුව පැහැදිලි කළේ මෙහෙමයි.
"බලන්න කාන්තා පක්‍ෂය, ඔළුව වහගෙන.. ඇඟත් වහගෙන. සමහර ඉස්ලාමීය කාන්තාවන් මූණත් වහගෙන. ඇයි ඒ… තමන්ගේ සංස්කෘතිය රැකෙනකොට පිරිමි පක්‍ෂයට ආශාවක් ඇතිවෙන්නෙ නැහැ.
අපේ තරුණියන්… එක්කො ඇඳුම කොටයි. එක්කො අත් නෑ. එක්කො කර නෑ. නොපෙනෙන දේවල් උස්සල පෙන්නගෙන යනව. බෞද්ධයෙක් හැටියට අත වනන කොට කවුද අහක බලන්නෙ. අත වනනකොට යන්න හිතෙනව.
ගියාම අකමැතිනම් පොරබදන්න හිතෙනව. අන්න පොලීසියෙ නඩුව බලහත්කාරකමක් කිරීම. බලහත්කාරකම් කරන්න පෙළඹුවෙ කවුද? අර බාගෙට කාලට ඇඳගගෙන සමාජගතවෙච්ච ඒ තරුණියන්"
මහජන සබඳතා අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා මහත්තයාගේ කතාව පහත වීඩියෝවෙන් බලන්න.
©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Post a Comment