Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ඇමැතිතුමා අපේ පවුලේ හිතවතෙක්‌. කලාකරුවෝ මැති ඇමැතිවරු එක්‌ක හිතවත් තමයි. ඒවා බලාගෙන ඉන්න බැරි අය කතන්දර හදනවා. වෙබ් අඩවිවල තිබුණ ඒවා අපි බලන්නෙත් නෑ. කයි කතන්දර වලට අපේ පවුල කඩන්න බැහැ යැයි නයනා කුමාරි පවසනවා.

විවිධ අරමුණු පස්සේ හඹා යෑමෙන් නළු නිළියන්ට කතන්දර හැදෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ නේදැයි යන ප්‍රශ්නයට නයනා පිළිතුරු දුන්නේ මෙහෙමයි.


සමහර කතන්දරවල ඇත්තක් නැතුව නෙවෙයි. ඒත් වැඩි හරියක් මඩ ගහන්න කියන කතා ඇතැම් පුවත්පත් හා වෙබ් අඩවි ජනප්‍රයත්වය උදෙසා ජනප්‍රිය අයට මඩ ගහනවා.  ඒ මඩ කියවන පිරිසක් ඉන්න නිසා අලුත් මඩ නිර්මාණය කරනවා.

මාත් එක්ක මගේ සැමියා සුගත් ගල්කන්ද ආරච්චිත් අතර තිබෙන දැඩි විස්වාසය හා බැඳීම් නිසා රටේ ලෝකේ කයි කතන්දරවලට අපේ පවුල් ජීවිතය බිඳ දමන්න බැරි වුනා. අපි දෙන්නාගේ හිතවත්කමට වසර විස්සක් වෙනවා. අපි දෙන්නට දෙන්නා හොඳින් දැන හඳුනාගෙනයි විහාහ වුනේ. ඒ නිසා මේ වගේ කතන්දර අපි ගනන් ගන්නේ නෑ.

අනික ඇමතිතුමා අපේ පවුලේ හිතවතෙක්. වසරක විතර කාලයක් තිස්සේ ඔය කතන්දර ලියපු තැපැල්පත් ලියුම් අපේ ගෙදරට ආවා. වෙබ් අඩවිවල තිබුන ඒවානම් මම දැකලා නැහැ. අපි ඕවා බලන්නෙත් නැහැ. බලන්න වෙලාවකුත් නැහැ. ඕප දූප පස්සෙන් දුවන්නේ මානසික රෝගීන් කියලයි මම නම් හිතන්නේ. ඕවායින් අපට ඇති වැඩක් නැහැ. අනුන්ගේ ඕප දූප කියවල රස විඳින පිරිසකුත් ඉන්නවා. ඒක ඒ අයගේ සතුටනේ. අපිට මොකදග අපි අපේ වැඩක් කරගෙන සතුටින් ඉන්නවා.


නයනා මෙසේ පවසා තිබුනේ දිවයින පත්තරේ මීවිත අතිරේකයේ සංවාදයට එක්වෙමින්. නයනාගේ ටෙලි නාට්‍ය කටයුතු ගැනත් එහි සඳහන්ව තිබුනා. ඒ පිළිබඳව කියවීමට 2012-07-22 ඉරිදා දිවයින බලන්න.


 

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements