මීගමුවේ සංචාරක හෝටලයක කාමරයක් තුළ හැංගී විදේශික කාන්තාවන්ගේ නිරුවත බැලූ බව කියන තරුණයකු ජුලි මස 31 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් නියෝග කළේය.
රිමාන්ඩ් භාරයට පත්කළ සැකකරු වූයේ මීගමුව ඇලපාරේ පදිංචි ක්‍රිස්‌ටෝපර් මයුරන් (25) නමැත්තෙකි. මෙම සැකකරු මීගමුව ලුවිස් පෙදෙසේ කැටමරයින් නමැති සංචාරක හෝටලයේ කාමරයක් තුළ සැඟවී සිටියදී හෝටල් සේවකයන් විසින් අල්ලා පොලිසියට භාරදී ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු තම සංචාරක හෝටලයේ පිටුපස මුහුදු වෙරළෙන් පැමිණ හෝටල් කාමරය තුළ සැඟවී ඇති බවය.
සැකකරු මීට පෙරද මෙලෙස නිවසක් තුළ සැඟවී සිට අධිකරණයෙන් ඇප නියම වූ අයෙකි.
©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Post a Comment