පසුගිය දිනෙක පකිස්ථානයේ පන්ජාබ් ප්‍රදේශයේදී අවමගුල් උත්සවයක් පැවැත්විණි. මියගොස් සිටියේ අලුත උපන් දරුවෙකි. දරුවාගේ හිස,අගපසග අසාමාන්‍ය ලෙස විශාල වී තිබුණි. ඒ විරූපි දේහය දුටු කාගෙත් දෑස් කදුලින් බර වූහ.
විශාල කම්පාවකින් යුතුව දේව මෙහෙයට සවන් දෙමින් සිටියදී එක්වරම මියගොස් සිටි දරුවා හඩන්නට පටන් ගත්තේය.
දරුවාගේ පියා වන මොහොමඩ් අන්වර් නැමැත්තා පැමිණ සිටි මිනිසුන්ගෙන් සිය මුහුණ වසා ගන්නට උත්සහ කළේය. වැඩි වේලා නොගොස් පොලිසිය පැමිණීයේය. මොහොමඩ් අන්වර්ගෙන් ප්‍රශ්ණ කෙරිණ. එහිදි අනාවරණය වූයේ අලුත උපන් සිය බිළිදිය විරූපි දරුවකු ලෙස උපන් නිසා පණපිටින් ඇය වළ දමන්නට තමන් තීරණය කළ බවකි. ඔහුගේ ප්‍රකාශයෙන් තහවුරු වූයේ ගැහැණු ළමුන්ට පකිස්ථානයේ ලැබෙන අඩු සැලකිල්ල සහ විශේෂයෙන් ආබාධිතව ඉපදෙන දරුවන්ට උරුම වන ඛේදනීය ඉරණමයි.


Post a Comment