ජෝති ගැන කියන්න කලින් මම සඳහන් කරන්න කැමැතියි ගීයට, කලාවට මගේ තිබුණ ආශාව, උනන්දුව ගැන. ඇත්තෙන්ම ගීතයට මම පෙම් බැන්දේ ජෝතිපාලයන්, ජේ. ඒ. මිල්ටන් පෙරේරා වැනි ගායන ශිල්පීන් නිසා.
බෙලිඅත්ත ගමේත්, පාසලේත් මම ඒ කාලේ ගායකයෙක් හැටියට ප්‍රසිද්ධයි. මඟුල් ගෙවල්වලට මාව නැතිවම බෑ. පාසලේ විවිධ ප්‍රසංගවලත් නිතර මම ගී ගයනවා. වැඩියෙන්ම මම ගායනා කළේ කෙල්ලන්ගේ සිත් ඇද ගන්න පුළුවන් සිංදු.
ගුවන් විදුලියේ අපේ වීරයා වෙලා සිටි ජෝතිපාල අපේ තාත්තගේ බෙලිඅත්තේ දංමුල්ල හන්දියේ කඩේට එන්න, යන්න වුණා. ජෝතිපාල ගමට ආවාම හරියට මඟුල් ගෙයක් වගේ. සෙනඟ පිරිලා. අපි ගොඩේ මිනිස්සුනේ. ඉතිං ගොඩේ අය ජෝතිපාල පණ පිටින් දැකලා නෑනේ.
ඒ වෙනකොට ජෝතිට මාවත්, මට ජෝතිවත් නැතිව බැරි තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ජෝති සමහරදාට රෑ නවතිනවා. ඉතිං ජෝති පොඩි සිංදුවක් එහෙමත් කියනවා. අපේ ගේ ළඟ හොඳ කුඹුකේ ලිඳක් තිබුණා. අපි නාන්න යනවා ඒකට. මම ජෝතිට නාන්න වතුර ඇදලා දෙනවා. අර බෝධියකට වතුර වත් කරන සයිස් එකෙන් තමයි මම එයාට වතුර ඇදලා දෙන්නේ.
ඉස්සර අපේ කටේ වැඩිපුරම තිබුණේ ‘සිරියාමේ සාරා’ ගීතය. ‘මා බැන්ද ගෙයක් තිබුණා’, ‘වැහිදාට අඹරේ’, ‘එපා එන්න කියලා’, ‘උන්මාදිනියේ’, ‘පිළිගන්න මම චන්න ඇමැති වෙමී’, ‘මුලදි බැන්ද’, ‘පායා ඇයි හිනැහෙන්නේ’, ‘අඬන්නේ ඇයි සුදු මැණිකේ’ වගේ ගීතවලට මම ගොඩක්ම කැමැතියි. තාමත් ඒ ගීත මම රස විඳිනවා. විශේෂයෙන්ම චිත්‍රපට පසුබිම් ගායනයේදී ජෝතිට ගහන්න කෙනෙක් හිටියේ නෑ. ඔහුට තිබුණේ තිරයට කදිමට ගැළපෙන හඬක්.
©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Post a Comment