රොෂාන් රණවන පළමුවරට අරුණි රාජපක්ෂව දැකල තියෙන්නේ විලාසිතා දැක්මකදි. "ෂාහ්! ලස්සන ගෑනු ළමයෙක්" අරුණිව දැක්ක ගමන් රොෂාන්ට හිතිල තියෙන්නේ එහෙමයි. ඒත් එයා ළඟ පුංචි ආඩම්බරකමක් තියෙනවා රොෂාන් දැක්කලු. රොෂානුත් එහෙම ලෙහෙසියෙන් කතාවට යන්නෙ නැතුව පාඩුවේ ඉඳල තියෙනවා.
අරුණිටත් රොෂාන් ගැන යම් අවබෝධයක් ඇතිවෙලා. "හරිම තැන්පත් චරිතයක්" කියලා අරුණිට රොෂාන් ගැන පළමුවෙන් හිතුනලු. මේ දෙන්නා දිල්ලියේ පැවැත් වූ විලාසිතා දැක්මකට ගිහිල්ලා ගොඩාක් මිතුරු වෙලා.
දැන් වෙනකොට රොෂාන් රණවනයි අරුණි රාජපක්ෂයි සෑහෙන කාලයක ඉඳන් අඳුරන දෙන්නෙක්. සුපර් සික්ස් චිත්‍රපටියෙ මේ දෙන්නා එකට රඟපානවා. ඒ පෙම්වතුන් ලෙස. මේ පෙම්වතුන් යුවළ සැබෑ ජීවිතයේදී මොන වගේද?
රොෂාන් රණවනගේ අලූත්ම පෙම්වතිය වන්නේ ඇයයි. හැබැයි ඒ සැබෑවටනම් නොවෙයි. අරුණි රාජපක්ෂ නමැති සුරූපී ඇය මෙලෙස රොෂාන්ගෙ පෙම්වතිය වී සිටින්නේ තිරගත වන ‘‘සුපර් සික්ස්’’ චිත‍්‍රපටය වෙනුවෙනි. එහි ෂෙරීන් සහ අරවින්ද යන පෙම්වතුන් යුවළ ලෙස රඟපාන මේ දෙදෙනා සැබෑ ජීවිතයේදී මොනවගේ දෙදෙනෙක්ද? මුහුණට මුහුණ කළ මේ පිළිසඳර මගින් ඔබට ඒ ගැන දැනගත හැකි වේවි.
අරුණි ඔබ රොෂාන් ගැන කොහොමද හිතන්නේ?
රොෂාන් සෑහෙන කාලයක ඉඳලාම මගේ හොඳ යාළුවෙක්.
කොහොමද ඒ යාළුකම ඇතිවුණේ?
නිරූපණ ක්ෂේත‍්‍රයේදී තමයි මුලින්ම හමුවුණේ. බොහොම අවබෝධයෙන් වැඩ කරන, හරිම තැන්පත් චරිතයක්. මේ යාළුකම ඇති වී අවුරුදු පහකට වඩා වැඩියි. මුලින්ම ජීබීස්ලාට විලාසිතා දැක්මකට පෙනී සිටියා. ඉන්පසු දිල්ලියේ පැවැත් වූ විලාසිතා දැක්මකට ගියාම අපි ගොඩක් මිතුරු වුණා.
රොෂාන්. අරුණි ගැන ඔබ හිතන්නෙ කොහොමද?
මොකක් හරි වැඩක් කරන්න ගියාම ටිකක් අදිමදි කරනවා. ඒ වගේම ඉල්ලීම් ගොඩාක් කරන කෙනෙක්. කොහොම වුණත් අන්තිමට කරන දේ හරියට නිවැරදිව හොඳට කරන කෙනෙක්. බොරුවට ඉල්ලීම් දානකොට සමහර වෙලාවට අපට කේන්තිත් යනවා.
අරුණිව මුලින්ම දැකපු දවසේ ඔබට මොනවගේ හැඟීමක්ද ඇය ගැන ඇතිවුණේ?
අස්ලම්ගෙ විලාසිතා දැක්මකදී තමයි මුලින්ම දැක්කෙ. ලස්සන ගෑනු ළමයෙක්, අලූත් ළමයෙක්. කවුද මෙයා කියලා හිතුවා. පොඩි ආඩම්බරකමකින් හිටියෙ. මාත් එහෙම ලෙහෙසියෙන් කතා කරන කෙනෙක් නෙවෙයි. මමත් මගේ පාඩුවෙ හිටියා.
අරුණි, රොෂාන්ව මුහුණට මුහුණ පළමු වතාවට මුණ ගැසුනු දවසේ ඔහු ගැන ඔබට ඇති වූ හැගීම?
ඉස්සෙල්ලම නම් මම දැක්කෙ රූපවාහිනියෙන්. එතකොට එයා ජනප‍්‍රිය නළුවෙක්. මෙයා එක්ක නිරූපණ කටයුතුවල යෙදෙන අවස්ථාවක රොෂාන්. රොෂාන් කියලා නරඹන්නන් කෑගහන්න පටන් ගත්තා. ඒ ප‍්‍රතිචාර නිසා මටත් පොඩි ප‍්‍රබෝධයක් ඇතිවුණේ.
අරුණි ඔබට රොෂාන් ගැන සැබෑවට ආදරණීය හැඟීමක් ඇතිවෙලා නැද්ද?
මේ චරිතය රඟපෑමේදී ආදරණීය හැඟීමෙන් තමයි රඟපෑවේ.
රොෂාන් ඒ කතාව ඇත්තද?
රඟපානකොට, ඒ චරිතය වෙනුවෙන් ආදරණීය හැඟීමක් ඇතිවෙනවා තමයි. චරිතය සාර්ථක වෙන්නෙ එතකොටයි.
අරුණි මොන විදියට ඉන්නවටද? රොෂාන් ඔබ කැමති?
හිනාවෙලා ප‍්‍රබෝධයෙන් ඉන්නවට කැමතියි.
අරුණි, රොෂාන් මොන විදියට ඉන්නවටද ඔබ කැමති?
අපෝ මෙයා කා එක්කවත් ආවාට ගියාට හිනාවෙන්නෙ නැහැ. හැබැයි ඉතිං අපි කැමති එයා හිනාවෙලා ඉන්නවාටයි.
අරුණි මොන විදියටද ඇඳලා ඉන්නවටද රොෂාන් ඔබ කැමති?
මේ අද ඡුායාරූපවලට පෙනී සිටින විදිය හොඳයි.
රොෂාන්ට මොන වගේ විලාසිතාවක් ගැලපෙනවා කියලද අරුණි ඔබ හිතන්නෙ?
සුපර්මෑන් ලෝගෝ එක නැතිව ඕනෑ ඇඳුමක් රොෂාන්ට ගැලපෙනවා.
රොෂාන් අරුණි වෙතින් දකින අකමැතිම දේ මොකක්ද?
චිත‍්‍රපටිය රූගත කරන කාලයේදී එක-එක නීති-රීති වැඩියි. මට අද නටන්න බැහැ. මෙහෙම කරන්න බැහැ, ඒ කොටස කරන්න බෑ. ඔය වගේ අදි-මදි කිරීම් එමටයි.
අරුණි ඔබට මොනවද කියන්න තියෙන්නෙ ඒ ගැන?
සුපර්සික්ස් නැටුම් පුහුණුවීම් කරද්දි සමහර දවස්වල මෙයා ආවෙ නැහැ. ඒ වගේ දේවල් කරාම අපි අපහසුතාවයට පත්වුණා.
රොෂාන් අරුණිව වඩාත් ආදරණීය විදියට ඔබ දැකපු මුල් අවස්ථාව මතකද?
අද මේ කළ ඡායාරූප ගැනීමේ අවස්ථාවේදී තමයි.
අරුණි ඔබට රොෂාන්ව ඒ විදියට දැනුණු අවස්ථාවක් තියෙනවද?
මෙයා ඉතින් කොහොමත් හරිම රොමෑන්ටික් (ආදරණීයයි)
ඇත්තම කියන්න ඔය දෙන්නට හිතුණොත් ඇත්තටම පෙම්වතුන් වෙන්න ඕනෑ කියලා?
අරුණි.
එහෙම හිතෙන එකක් නැහැ. අපි යාළුවොනෙ.
රොෂාන්.
එහෙම හිතුණොත් ඉතිං මම අරුණිගෙන් ඒ ගැන කෙළින්ම අහනවා.
අරුණි එතකොට ඔබ ඊට දක්වන ප‍්‍රතිචාරය මොන වගේ වේවිද?
අනිවාර්යෙන් ඒ ගැන සළකා බලන්න වෙනවා. හැබැයි මම නම් ඉස්සෙල්ලා ඒ ගැන අහන්න යන්නෙ නෑ.
අරුණි මෙතෙක් ඔබගෙ සිත්ගත් කඩවසම් කෙනා කවුද? රොෂාන් ඉදිරියේ එය කියන්න පුළුවනිද?
පුළුවනි. ම්ම්...ම්... මෙතෙක් මගේ සිත්ගත් කඩවසම් කෙනා අර්ජුන් මේපාල්. (බොලිවුඞ් නළු) මගේ සිත්ගත් නළුවා එයා.
රොෂාන් ඔබගේ සිත්ගත් සුරූපිණිය කවුද?
එක්කෙනෙක් කියලා කියන්න අමාරුයි. ඒත් දීපිකා පදුකෝන්ට තරමක විශේෂත්වයක් තියෙනවා.
බොලිවුඞ් තිරයේ රොෂාන්ට රඟපාන්න අවස්ථාවක් ලැබුණොත්, අරුණි ඔබ එයාට වඩාත් ගැලපෙන නිළිය ලෙස නම් කරන්නෙ කවුද?
මෙයා ආසයි කිව්ව නිසා, දීපිකා පාදුකෝන් නම් කරන්න කැමතියි.
ඒ අවස්ථාව අරුණිට ලැබුණොත්? රොෂාන් ඔබ කවුද ඇයට යෝජනා කරන්නෙ?
අර්ජුන් මේපාල්ව හොයලා දෙමු.
ඒ අතරේ දීපිකා පදුකෝන් රොෂාන්ට විවාහ යෝජනාවක් කළොත්?
අපි රොෂාන්ගෙන් අහපු ඒ ප‍්‍රශ්නයට උත්තර දුන්නේ අරුණියි. දෙකක් නැහැ මෙයා ඒ යෝජනාව බාර ගනීවි. නමුත් රොෂාන් නම් කිව්වෙ කැමති නැහැ කියලයි.
හරි එතකොට අර්ජුන් මේපාල් ඔබට යෝජනාවක් ගෙනාවොත්?
අර්ජුන් බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. පවුල් කඩන්න හොඳ නැහැ.
අරුණි සහ රොෂාන් මේ ආදරණීය පිළිසඳර නිමකලේ ඒ විදියටයි.
මෙය උපුටා ගත්තේ ලංකාදීප පත්තරෙන්. මෙම සටහන ලියල තියෙන්නේ සහ ඡායාරූප අරන් තියෙන්නේ සඳුන් ගමගේ විසින්. මෙවන් තවත් රසවත් කතා කියවන්න ලංකාදීප බලන්න.
©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Post a Comment