Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

මේ දිනවල ස්‌වර්ණවාහිනියේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක්‌ "ආදරියේ...·" ආදරියේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරතුර නිෂ්පාදන කණ්‌ඩායම හා එහි ප්‍රධාන නිළි චරිතය නිරූපණය කරන නදීශා හේමමාලි ආරවුලක්‌ ඇති කරගත් බවත්, එය පරුෂ වචන හුවමාරුවක්‌ දක්‌වා දුරදිග ගිය බවත් අපට දැනගන්නට ලැබුණා. මේ පිළිබඳව අප "ආදරියේ" ටෙලි නාට්‍යයේ අධ්‍යක්‌ෂ ප්‍රවීණ කැමරා ශිල්පී තිසුලදීප තඹවිට ගෙන් විමසීමක්‌ කළා...!


"ආදරියේ" රූගත කිරීම් අතරතුර සිදුවූ ආරවුල මොකක්‌ද?

"ආදරියේ..." රූගත කිරීම් අතරතුරදී අපගේ නිෂ්පාදන කණ්‌ඩායම සමග නදීශා හේමමාලි යම් ආරවුලක්‌ ඇතිකර ගත්තා. නදීශාට එදින දර්ශනයට අදාළ ඇඳුම් නිෂ්පාදන කණ්‌ඩායම විසින් දුන් අවස්‌ථාවේ ඇය ඒ ඇඳුම් ඇඳීම ප්‍රතික්‌ෂේප කර තිබෙනවා.

අප නිෂ්පාදන කණ්‌ඩායම අදාළ දර්ශනයට එම ඇඳුම් අනිවාර්යයෙන්ම ඇඳිය යුතු බව කොතරම් පැහැදිලි කළත් නදීශා දිගින් දිගටම ඇඳුම් ඇඳීම ප්‍රතික්‌ෂේප කර තිබෙනවා. එතනදී නිෂ්පාදන කළමනාකාර සමග නදීශා උණුසුම් වචන හුවමාරුවක්‌ පවා සිදුකර තිබෙනවා. දිගින් දිගටම නදීශා "දර්ශනයට අදාළ" ඇඳුම් ඇඳීම ප්‍රතික්‌ෂේප කරන නිසා නිෂ්පාදන කණ්‌ඩායම මට ඒ පිළිබඳව දැනුම් දුන්නා.

මමත් නදීශාට පැහැදිලි කර දුන්නා කලින් රුගත කළ දර්ශන හා සම්බන්ධ මේ දර්ශනවල අනිවාර්යයෙන්ම මේ ඇඳුම් ඇඳිය යුතු බව. අලුතින් දර්ශන රූගත කරන විට ඇඳුම්වල ප්‍රශ්න තියෙනවා නම් අපි කතා කරලා විසඳගමු කියලත් මම නදීශාට කිව්වා. මේ දිනවල "ආදරියේ" ටෙලි නාට්‍යයේ කතාවට ගැළපෙන ඇඳුම් තමයි අපි නදීශාට අඳින්න දුන්නෙ.

එතනදි ඇය මට කිව්වා නිෂ්පාදන කළමනාකරු ඇගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවොත් පමණක්‌ ඇය මෙම ටෙලි නාට්‍යයේ ඉදිරියට වැඩ කරන බව. නමුත් මෙතනදි නිෂ්පාදන කළමනාකරු අතින් කිසිදු වරදක්‌ සිදුවී නැති නිසා මම ඒ ඉල්ලීම අධ්‍යක්‌ෂවරයා හැටියට ප්‍රතික්‌ෂේප කරා.

එතනදී නදීශා ඉතාම පහත් විදිහට පරුෂ වචන පවා කියමින් නිෂ්පාදන කණ්‌ඩායම සමග ගැටුමක්‌ ඇති කරගත්තා. ඇය ටෙලි නාට්‍යයෙන් ඉවත් වන බව කිව්වා. අවසානයේ ඇය එතනින් පිටත්ව යැමට ප්‍රවාහන පහසුකම් ඉල්ලා සිටියා. ටෙලි නාට්‍යයේ අවශ්‍යතාවක්‌ වෙනුවෙන් තිබෙන වාහන පෞද්ගලික කාරණා වෙනුවෙන් මම යොදවන්න ඉඩ දුන්නෙ නැහැ. රූගත කිරීම් අවසානයේ ප්‍රවාහන පහසුකම් සපයාදිය හැකි බව මම නදීශාට කිව්වා.

ඇය තවදුරටත් "ආදරියේ" රූගත කිරීම්වලට සහභාගි නොවන බව කියමින් පිටව ගියා. මම ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා හැටියට සිද්ධිය අදාළ ආයතනයට දැනුම් දුන්නා. ඔවුන් ඉදිරියේදී එයට අවශ්‍ය පියවර ගනියි. නදීශා ඉවත්වීම ටෙලි නාට්‍යයේ ඉදිරි රූගත කිරීම්වලට විශාල බලපෑමක්‌ ඇති කරන්නේ නැහැ. නමුත් අපි කලාකරුවන් හැටියට මීට වඩා වගකීමෙන් වැඩ කටයුතු කළ යුතුයි. අනෙකුත් කලාකරුවන්ට ආදර්ශයක්‌ වන ආකාරයටයි අප නිතරම හැසිරිය යුත්තේ. මූණත් එක්‌ක තරහා වෙලා නහය කපා ගත්තා වගේ වැඩක්‌ තමයි නදීශා කරගත්තේ. එහි ප්‍රතිඵල ඉදිරියේදී ඇයට දැකගන්න ලැබෙයි.

මම මගේ දැඩි විරෝධතාව ප්‍රකාශ කරනවා මෙවැනි විනය විරෝධී හැසිරීම් පිළිබඳව. අනෙකුත් ආධුනික රංගන ශිල්පීන් පවා මෙය වැරැදි පූර්වාදර්ශයකට ගැනීමට ඉඩ තියෙනවා. නදීශා වැනි ක්‌ෂේත්‍රයේ ජනප්‍රිය කෙනෙක්‌ මෙවැනි අන්දමින් අන් අයගේ ආත්ම ගෞරවය නැතිවන ආකාරයට හැසිරීම කනගාටුදායකයි.

උපුටා ගැනීම - දිවයින මීවිත

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements