Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට ගල්කිස්‌ස අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර බසයකින් යළි රැගෙන එමින් සිටි විශේෂ කාන්තා රැඳවියන් පිරිසක්‌ අතර සිටි එක්‌ කාන්තාවකට අනඟ රංගනයක්‌ දැක්‌වීමට ගිය බන්ධනාගාර නිලධාරියකුට ඊයේ (26 වැනිදා) දහවල් එම සියලු කාන්තා රැඳවියන් එකතු වී බස්‌ රථය තුළදීම දැඩි ප්‍රහාරයක්‌ එල්ල කර තිබේ.


මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ කාන්තා රැඳවියන් දහසය දෙනකු ඊයේ (26 වැනිදා) පෙරවරුවේ ගල්කිස්‌ස අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබිණි.

එසේ අධිකරණයට ඉදිරිපත් කළ කාන්තා රැඳවියන් දහසය දෙනා යළි බන්ධනාගාරයට රැගෙන එන අතරවාරයේ බන්ධනාගාර බසයේ පැමිණි නිලධාරියෙක්‌ එක්‌ කාන්තාවක්‌ අසළට ගොස්‌ ඇයගේ ශරීරය ස්‌පර්ශ කිරීමට උත්සාහ දරා ඇත.

මේ අවස්‌ථාවේ එම කාන්තාව ඊට විරෝධය පළකර ඇති අතර ඒ සමගම උරණ වූ බන්ධනාගාර නිලධාරියා අදාළ කාන්තාවගේ මුහුණට දැඩි පහරක්‌ එල්ල කර ඇත.

එම පහර දීමත් සමග ප්‍රකෝපකාරී වූ බස්‌ රථයේ සිටි කාන්තා රැඳවියන් සියලු දෙනා එක්‌වී අනඟ රැඟුමට සූදානම් වූ බන්ධනාගාර නිලධාරියා බස්‌ රථය තුළ බිම පෙරලාගෙන ඔහුට දැඩි ලෙස පහර දී ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements