පියුමි කොස්‌ගොඩ ප්‍රදේශයේ පදිංචි විසිතුන් (23) හැවිරිදි රුවැති තරුණියකි. දුප්පත් පවුලක උපත ලැබුවද ඇයගේ මනා රූ සපුව නිසාම ඇය වෙත තරුණයන් කිහිපදෙනකුගේම බැල්ම වැටී තිබිණි.
මේ අතරින් පියුමි තම ප්‍රේමය පූජා කිරීමට තෝරාගත්තේ සල්ලිකාර තරුණයකු වූ නුවන් වෙතයි. නවීන විලාසිතාවන්ගෙන් සමන්විත නුවන්ගේ රුව මෙන්ම නුවන් නිතර යන එන නවීන මෝටර් රථයද පියුමිගේ ආදරය දිනාගැනීමට සාධකයක් වන්නට ඇත.
දිනෙන් දින ගෙවී යද්දී නුවන්ගේත් පියුමිගේත් ආදර කතාන්දරය ගෙතුණේ තම ගමට ඈතින් පිහිටි අම්බලන්ගොඩ නගරයේ මෙන්ම හික්‌කඩුව ගාල්ල උණවටුන ප්‍රදේශවල හෝටල් කාමර තුළය.
වැඩිකලක් යන්නට මත්තෙන් පියුමි මෙවැනි හෝටල් කාමරයක් තුළදී තම පවිත්‍රතාවය කිළිටි කරගෙන තිබිණි. කවදාවත් මාව දාල යන්න එපා පියුමි එදා නුවන්ගෙන් ඉල්ලා සිටියාය. ඔයා බය වෙන්න එපා පියුමි ඔයාට වරදක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ. නුවන් ඇය සනසමින් එදා කීවේය.
නමුත් දිනෙන් දින ගතව යද්දී නුවන් වෙනස් වන අයුරු පියුමිට දැනෙමින් තිබිණි. පියුමි නුවන්ගෙන් මේ ගැන විමසුවාය.
පියුමි අපි දෙන්නට කවදාවත් එකතු වෙන්න අපේ ගෙදරින් ඉඩදෙන්නෙ නෑ. ඒ නිසා අපි වෙන මොනව හරි ක්‍රමයක් ගැන හිතමු. මම අපේ වත්තෙ වැඩකරන රුක්‌මන්ට ඔයාව බන්දලා දෙන්න කතා කරලයි තියෙන්නෙ. මම ඔයාලට රුපියල් ලක්‍ෂ දෙකකුත් දෙන්නම් රුක්‌මනුත් මේක මම කිව්වම කැමති වුණා.
තමාට අන් සරණක් නොමැති වූ තැන රුක්‌මන් හා විවාහ වීමට පියුමි කැමති වූවාය. වැඩි දිනක් ගතවීමට මත්තෙන් පියුමිගේත් රුක්‌මන්ගේත් විවාහය සිදුකෙරිණි.
නමුත් පොරොන්දු පරිදි නුවන් විසින් ලබාදෙනවා යෑයි කී රුපියල් ලක්‍ෂ දෙකක මුදල රුක්‌මන්ට ලැබුණේ නැත.
මේ පිළිබඳව දිනක් පොලිසිය වෙත පැමිණි රුක්‌මන් හා පියුමි යන යුවළ තමන්ට සිදුවූ අසාධාරණය පොලිසියට පවසා සිටියහ.
නම් ගම් මනඃකල්පිතය


Post a Comment