ජගත් චමිල කියන්නේ රංගන ක්ෂේත්‍රයේ දක්ෂතා පෙන්වන ජනප්‍රිය නළුවෙක්. ඔහුට රඟපාන්න ලැබුනු මුල්ම චිත්‍රපටිය සිනමා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගත්තා. ඒ අසූව දශකයේ තිරගත වු ගුරු ගෙදර චිත්‍රපටයයි. එය අධ්‍යක්ෂණය කලේ ලස්සන කතා තේමාවන් ඉදිරිපත් කරන්න සමත් විජය ධර්ම ශ්‍රී විසින්.
ජගත් චමිල එදා ගුරුගෙදර චිත‍්‍රපටයේ ප්‍රභාෂ්වරගේ චරිතය රඟපාද්දි පුංචි කොලු ගැටයෙක්. මෙන්න මේ කාලෙ ඉඳලා තමයි ජගත්ගෙයි නංගිගෙයි කතාව දිග හැරෙන්නේ.
ගුරු ගෙදර චිත‍්‍රපටය කරන කාලයේ එහි අධ්‍යක්ෂක විජය ධර්ම ශ‍්‍රීගේ නිවසේ ඉන්න කාලෙ තමයි ජගත් මේ නංගිව අදුර ගත්තේ. ඒ වෙනත් කවුරුවත් නොව විජය ධර්ම ශ‍්‍රීගේ ආදරණීය දියණිය තමයි මේ නංගී. ජගත් චමිල මුල්ම කාලයේ එයාට සළකල තියෙන්නේ එයාගෙම නංගි කෙනෙක් වගේලූ.කොහොම හරි අන්තිමට ඒ නංගි බිරිඳ කරගන්න තරමට මේ ගොල්ලන්ගේ සම්බන්ධතාවය දුරදිග ගිහිල්ලා. ඇය ජගත් චමිලගේ බිරිඳ වෙලා තියෙන්නේ ඊට පස්සෙ තමයි.
දැන් මේ දෙන්නට දරුවො දෙන්නෙකුත් ඉන්නවා.


Post a Comment