Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ජනප්‍රිය සිනමා නළුවෙකු වන රන්ජන් රාමනායක  ජනප්‍රිය ටෙලි හා සිනමා නිළියක වන අනර්කලී ආකර්ෂා සමග පෙම් පුවතක් පටන් අරගෙන තිබෙන බවට ආරංචියක් තියෙනවා. ඉටි මල් යන දීර්ඝ ටෙලි නාට්‍යයේ රඟපාන්න මේ දෙන්නාටම අවස්ථාව ලැබිලා. ඒ නාට්‍ය හරහා තමයි මේ දෙන්නා මෙළෙස පෙම්වතුන් වෙලා එක් වෙනවයි කියන්නේ.

කලක් රිදී තිරයේ කඩවසම් පෙම්වතකු වන තිස්ස විජේසුරේන්ද්‍ර දැන්වීම් ප්‍රචාරක ආයතනයක හිමිකරුවෙකු ලෙස රඟපාන බවත් ඔහුගේ දියණිය පූජා ලෙස අනර්කලී රඟපාන බවත් ආරංචි වෙනවා.

පූජාට පෙම් බඳින තරුණයා ආදිත්‍යයි. රන්ජන් තමයි ආදිත්‍යට ජීවය ලබා දෙනවයි කියන්නෙ. ඒ අනුව රන්ජන් සහ අනර්කලී ඉටි මල් ඔස්සේ නැවතත් සුපෙම්වතුන් යුවළක් බවට පත් වෙනවාලු.

ඉටි මල් නම් වූ එය සුරන්ජන් විජයනාමගේ අධ්‍යක්ෂණයක් වන අතර මෙහි කතාව, දෙබස් තිර රචනය නිහාල් බණ්ඩාර ජයතිලකගෙන්ද, ඩබ්ලිව්. ජයතිස්ස අංග රචනයෙන්ද එක් වෙනවා. චාමර සමරවික්‍රම රේඛීය නිෂ්පාදනයෙන් ඉටි මල් සඳහා එක්ව සිටිනවා.

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements