මේ විරූපී බව කුමන අසනීපයකින්ද?
මේ ඡායාරූපයේ ඉන්නේ චැං ෂූකුආන්. ඔහු ජීවත් වෙන්නෙ චීනයේ සිචුආන් දිස්ත්‍රික්කයට අයත් චෙග්චු නගරයේ. මේ ඔහුගේ යථා ස්වරූපයවත් කිසියම් අසනීපයකින් උරුම වූවක් නම් නොවේ. මේ අරුමය ගෙනහැර පාන්නට ඔහු වසර හතකටත් වැඩි කාලයක් පුරුදු පුහුණු වෙලා තිබෙනවා. ඔහු මෙසේ මුහුණ වෙනස් කරලා ඩොලර් දස දහසක් හා පදක්කමක් දිනා ගත්තා. ඊට අමතරව චැං ෂූකුආන් තම නම ගිනස් වාර්ථා පොතට ඇතුළත් කර ගත්තා.
චැං ෂූකුආන් මෙසේ විවිධ අයුරින් මුහුණ වෙනස් කරන සේ, තවත් කෙනෙකුට තම කටින් තමන්ගෙම නහය සැපීමේ දස්කම කල හැකිනම්, ඔහු යුවාන් ලක්ෂයක් මුදලක් (ඩොලර් 15800ක්) තෑගි කරන බව පසු ගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා. ඔහු මෙම හපන්ගම කලේ 2012 ජුනි 5 වෙනිදායි. 



Post a Comment