Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

සේමිනී ඉද්දමල්ගොඩ කියන්නේ ජනප්‍රිය ටෙලි නාට්‍ය හා සිනමා නිළියක්. සේමිනී මුලදි නම් ලැබෙන ඕනෑම චරිතයක් බාර අරගෙන ඊට ඉහළම සාධාරණයක් කරනවා කියලා කිව්වට දැන්නම් එහෙම ඕනම එකක් බාර ගන්නෙ නැතිලු. පිටපත කියවල බලලා, අධ්‍යක්ෂක සමගත් ගැඹුරෙන් සාකච්ඡා කරලා, ලැබෙන මුදල ප්‍රමාණවත්ද කියලත් හිතලා, බාර ගන්න චරිතයට ඉහළම සාධාරණයක් කරන්න පුලුවන්නම් විතරලු බාර ගන්නේ.


සේමිනී තරුණ කාලේ කලාවට හා රංගනයට එකතුවිමට කැමැත්ත දැක්වූවත් එයාගේ දෙමාපියන් ඒකට එතරම් මනාපයක් දැක්වලා නැහැ. නමුත් කසාද බැන්දට පස්සෙ එයාගේ මහත්තයගේ කැමැත්තත් ඇතිව සේමිනීගේ රඟපාන්න තිබුන ආශාව ඉටු කර ගන්න ලැබුනා.


කොහොම හරි සේමිනීගේ රූප සොබාව කැමරා කාචවල ලස්සනට සටහන් වුනා වගේම රංගනයෙන්ද එයා දක්ෂතා දැක්වුවා. ඉන්පසු නිෂ්පාදක හා අධ්‍යක්ෂකවරුන්ගේ අවධානයට පත් වුනා. ඒ නිසාම එයාගේ සැමියාගෙනුත් සේමිනීට දිගටම රඟපාන්න අවස්ථාව ලැබුනා.

සේමිනී ගැන ක්ෂේත්‍රයේ නොයෙක් දෙනා නොයෙක් දේවල් කතා වෙනවා. සේමිනී පහු ගිය කාලෙ 'නෙතු පියෙන තුරා' කියන ටෙලි නාට්‍යයට තට්ටේ ගෑවා. ඉන් පස්සෙ තට්ටේ ටැටූස් වගයක් ඇඳගෙන සිටින පිංතූර පත්තරවල තිබුනා. ඒ ගැන එයාගෙන් සමහර අය අහල තිබුනා. එවිට එයා කිව්වේ අවශ්‍යතාවයට තට්ටේ ගෑවා ඒක මම විලාසිතාවක් කර ගත්තා කියලයි.

ජීවිතේ විලාසිතාවක් කරගත් ‍ක්ෂේත්‍රයේ අයගැන නොයෙක් කටකතා තියෙනවා නේද කියලා එයාගෙන් ඇහුවාම එයා කියල තියෙන්නේ මෙහෙමයි.

'කලාකාරයන්ගේ ජනප්‍රියත්වය නිසා මොනවා හරි ප්‍රශ්නයක් වුනාම කතා හැදෙනවා. ඒ වගේම ඒවා ඉක්මනට ව්‍යාප්ත වෙනවා. සමහර කලාකාරයො ජනප්‍රිය වෙන්න ඕනකමින් කට කතා හදා ගන්නවා. මම ගැනත් ඕන තරම් කතා හදලා ඇති. ඒවා ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්.'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements