කාංවනා කට කතාවලට බයද?
කාංවනා මෙන්ඩිස් රංගන ක්ෂේත්‍රයට පා තබන්නේ ඉතා ළාබාල වියේදීමයි. ඒ ධර්මසේන පතිරාජ මහතාගේ සුභ අනාගතයක් ටෙලි නාට්‍ය තුලින්. ඇය දක්ෂතාවයන්ගෙන් පිරි ප්‍රවීණයන් සමග මෙන්ම මෑතකදී ක්ෂේත්‍රයට එකතු වූ අලුත් පරම්පරාව සමගත් තරඟකාරී ලෙස වැඩ කරලා අත්දැකීම් තියෙනවා.
මම කොහොමත් තරඟ කරන්නේ නැති නිසා එහේම තරඟකාරී බවක් මට දැනෙන්නෙ නෑ. මට දැනෙන්නේ අළුත් පරම්පරාවක් එන එක හොඳයි කියලා විතරයි. අභියෝගයක් නෑ මා එක්ක ක්ෂේත්‍රයට ආපු ඒ වගේම ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ පරම්පරාව එක්ක වගේම අළුත් පරම්පරාව එක්කත් මම වැඩ කරලා තියෙනවා. හැබැයි අද මේ මොහොත වනතුරුත් මම මගේ ගමන යනවා.
දේ දවස්වල ඇය සුදත් රෝහණගේ ගිරිකුළ කියන නව කතාවෙන් කරන ටෙලි නාට්‍යයේ රඟපානවාලු. එහි මුතුමැණිකා කාංචනාලු.
අදටත් මම ෆීල්ඩ් එකේ වැඩකට වෙලාවක් දුන්නොත් ඒ වෙලාවට යනවා. අලුත් පරම්පරාවේ සමහර අය එහෙම වගකීමක් ගන්නෙ නැති බවට චෝදනා තියෙනවා.
නිළියන් ගැන අන්තර්ජාලයේ පලවෙන පුවත් .ගැන කලකිරීමෙන් කතා කලා. විශේෂයෙන්ම පැතිර යන කටකතා ගැන කාංචනා කියන්නෙ මෙහෙමයි.
කලකිරිමකට වඩා මට දැනෙන්නේ වේදනාවක්. සමහර දේවල් ඇහුවම කොච්චර බොරුද කියලා හිතෙනවා. සමහර නළු නිළියන්ගෙ අතිශය පෞද්ගලික ජීවිතය පවා ඉතාම ජුගුප්සාජනක විදියට එළිකරන එක ඕපාදූප හොයනවටත් වඩා අතිශය නින්ධිත වැඩක්. සමහරවිටදී ඒ අය නිර්මාණවලදී දක්වන දක්ෂතා නිසා ලැබෙන ඇගයීම පවා, එක මොහොතකින් මේ කටකතා නිසා නැති වෙන්න පුලුවන්.
දක්ෂතා නිසා ඇත්ත හංගන්න ඕනෙද?
ඇත්ත කියලා කියන්නේ අනුන්ගේ කුණු හොයන එක නෙවෙයිනේ. විෂයට සම්බන්ධ යම් යම් දේ විවේචනය කරන්න පුලුවන්කම තියෙද්දි ජීවිතයේ අතිඅශය පෞස්ගලික කාරණා ඇදගෙන මඩ ගහන එක හොඳ දෙයක් නොවේ.
පෞද්ගලික කාරණා විධියට එලියට එන්නේ ඒ අය ජනප්‍රිය වුනාම රසිකයන්ට හොයන්න දැනගන්න ඕන දේ නේ?
ඉතිං ඒ හින්දම ඒ වගේ දේවල් නින්දිත විදියට ප්‍රචාරය කරන එක හරිද?
කාංචනා කට කතාවලට බයද?
කිසිම බයක් නැහැ . වැරදි අසත්‍ය දේවල් ප්‍රචාරය වෙන කොට ඕන කෙනෙක් කලබල වෙනවා. හැමෝටම ශක්තිමත් ධෛර්යවන්ත හිතක් නෑනේ. හුඟක් අය සංවේදීයි.
***
මෙහි කරුණු - කාංචනා මෙන්ඩිස් සමග උදේශ සංජීව ගමගේ විසින් දිවයින පුවත්පතේ මීවිත අතිරේකය වෙනුවෙන් කරන ලද සාකච්ඡාවකිනි.
සම්පූර්ණ සාකච්ඡාව සඳහා මේ ඉරිදා දිවයින බලන්න.


Post a Comment