ඔහු ජනප්‍රිය තරුවකි. රූපවාහිනි රියෑලිටි තරගවල තරු අතර තරුවකි. පසුගිය කාලයේ දී සංගීත රාත්‍රින්වලට නැතිවම බැරි ගායකයෙකි. ඔහු ගායනා කළේ මේ රටේ ජනප්‍රියම ප්‍රියාදරයකුගේ ගීය.
"සිංදු තුනයි මට පනස් දහක් ඕනේ." සංගීතවලට ගී ගයන්නට අලුත් තරුව අය කළේ එවැනි මුදලකි. මේ ගී තරුව කිව්වේ ඔහුගේ ගීත නොව අර ජනප්‍රිය ප්‍රියාදර ගායන ශිල්පියාගේ ගීතය.
ඒ ජනප්‍රිය ප්‍රියාදර ගායන ශිල්පියාටද මේ බව දැනගන්නට ලැබිණි. ඔහු නිකමට වගේ අලුත් තරු ගායකයාගේ දුරකථනය අංකය සොයා ඇමැතුමක් දුන්නේ මේ වැඩේ ඇත්තදැයි බැලීමටය.
"අපි අහවල් තැන සංගීත රාත්‍රියක් පවත්වනවා. අපිට ජනප්‍රිය තරුවක් අවශ්‍යයි. ඔබතුමාගේ ගාන කීයද?
"රුපියල් හැත්තෑදහසක් අය කරනවා ජනප්‍රිය තරුව කීවේ ඇඟ පතටද නොදැනීය.
"අලුත් ගීතද පරණ ගායකයා ගේ ගීතද ගයන්නේ.... දුරකථනයෙන් කතා කළ ගායන ශිල්පියා තරු ගායකයාගෙන් විමසීය. දුරකථනයේ සිටින්නේ ගීතවල නියම හිමිකාරයා බව නොදත් තරු ගායකයා නොපැකිළිව පිළිතුරු දුන්නේය. "පරණ ගීත" ගී තරුව කියන්නට වූයේය.
"මල්ලී...... මම මේ පරණ ගායකයා තමයි කතා කරන්නේ" වැඩේ නරක නෑ නේද? අපි මල්ලියේ ඔය සින්දු කිව්වේ සල්ලි බලාගෙන නොවේ. ආත්ම සතුටට. රසිකයන්ව පිනවන්න. මොනව කරන්නද මල්ලි අද කලාවත් රටේ මිනිස්‌කමත් බල්ලට ගිහිල්ලනේ. ඔයා සල්ලි හොයන්න..... හැබැයි මම ජීවිතේටත් වඩා ආදරේ ඔය සින්දු ටික මම මැරෙන්න ඉස්‌සර වෙලා මරන්න එපා. නියම පරණ ගායන ශිල්පියා එහෙම කියලා දුරකථනය විසන්ධි කළේ නෙත් අගට නැඟුන කඳුළු පිසදමමින්ය.
උපුටා ගැනීම - දිවයින
©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Post a Comment