තුම් නේනා ජානේ ක්යා...
සපනේ දෙකායේ...
සපනේ දෙකායේ...
අබ්තෝ මේරා දිල්...
ජානේ කා සෝතාහේ...
ජානේ කා සෝතාහේ...
ක්යා කරු ආයේ...
කුච් කුච් හෝතාහේ...
කුච් කුච් හෝතාහේ...
කුච් කුච් හෝතාහේ (යමක් සිදු වෙමින් පවතී) ජනප්‍රිය චිත්‍රපටියේ අපි සියලු දෙනාම ඇළුම් කළ ඒ ගීතය ඔහුගේ හඬින් සජීවීව සවන් පුරා ඇසීමේ දුර්ලභ අවස්ථාව පසු ගියදා ශ්‍රී ලංකාවේ පැවැත්වූ උදිත් නාරායන් ලයිව් ඉන් කොන්සට් නැරඹු අයට හිමි වුනා.
බොලිවුඩ් සිනමාවේ දශක තුනක් නියෝජනය කරන මේ අසහාය ගායකයා නේපාලයේ සප්තාරි නගරයේ තමයි ඉපදුනේ. නේපාල රේඩියෝවේ කාර්ය්‍ය මණ්ඩල සමාජිකයෙකු ලෙසින් තමයි මුලින්ම ගීත ගායනා කරලා තියෙන්නේ. ජාහා සංගීතයට දැඩි කැමැත්තක් දැක්වූ ඔහු 1978 දී බොම්බායට පැමිණ තිබෙනවා. දැඩි කම්කටොළු මැදින් කෙමෙන් කෙමෙන් ඉදිරියට ආ උදිත් අද වන විට භාෂා 32 කින් ගීත ගායනා කරනවා. මේ වන විට ගීත 500 කට වඩා වැඩි ප්‍රමාණයක් ගායනා කර ඇති බව ඔහු කියනවා. ඒ අතරට හින්දි, දමිළ, උර්දු, බෙංගාලි, මලයාලම්, තෙලිතු, නේපාලි වැනි විවිධ භාෂාවල චිතුපටි ගීත ඇතුළත් වෙනවා.
සිංහල චිත්‍රපට ගීතයක් ගායනා කරන්නත් ඔහු කැමැත්තෙන් සිටිනවා. සිංහල චිත්‍රපට අධ්‍යක්ෂ කෙනෙකුට මෙය හොඳ ආරංචියක් සහ මහඟු අවස්ථාවක් වේවි.
මට ගොඩාක් ලැබෙන්නේ ප්‍රේම ගීත. ඒ මගේ හඬ තාම තරුණ නිසා වෙන්න ඇති. මමත් කැමතියි ප්‍රේමාන්විත ගීත ගායනා කරන්න. මේ හැකියාව මට දෙවියන් විසින් ලබා දුන් තෑග්ගක්. උදිත් කිව්වේ එහෙමයි.
උදිත් නාරායන් චීනයේ හැර ලෝකයේ බොහෝ රටවල්වලට ගීත ගායනය සඳහා ප්‍රසංගවලට සහභාගී වෙලා තියෙනවා. මෙවර ශ්‍රී ලංකාවට පැමිනියේ දෙවෙනි වතාවටලු. මීට පෙර ඔහුට සමාජ ශාලාවක පැවති ප්‍රසංගයක් සඳහා ආරාධනා ලැබී තිබෙනවා.
උදිත්ට අවුරුදු 24 ක පුතෙක් ඉන්නවා. ඔහු ආදිත්‍ය, ආදිත්‍ය නාරායන්. මේ වන විට ආදිත්‍ය වික්‍රම් භාත්ගේ අලුත්ම චිත්‍රපටියේ ප්‍රධාන වරිතය රඟපානවා. ඔහු කුඩා කාලයේ ආමීර් ඛාන්ගේ සහ ශාරුක් ඛාන්ගේ ළමා කාලයේ චරිත රඟපාලා තිබෙනවා. අද වන විට ආදිත්‍ය නළුවෙක්, ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ රූපවාහිනී වැඩ සටහන් දිරිපත් කරන්නෙක් ලෙස කටයුතු කරනවා.
උදිත් නාරායන්ගේ සහ ඔහුගේ ආදරණීය බිරිඳ වන දීපා නාරායන්ගේ බලාපොරොත්තුව ආදිත්‍ය මෙම ක්ෂේත්‍රයේ ඉහළටම යනවා දකින්නයි කියල මේ දෙන්නා කියනවා.


Post a Comment