Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ගොසිප් අතර ජනප්‍රිය වෙනකොට මාකටින් පැත්තෙන් ලොකු ජනප්‍රියත්වයක්‌ එනවා. ඇත්ත හරි බොරු හරි කියන්නෙ මොකක්‌ හරි විශේෂිත චරිතයකටනෙ.... මම නං ඒ ගැන සතුටු වෙනවා. මේ උදයන්ති හැමදාමත් මෙහෙමයි.

අන්න එහෙම තමයි උදයන්ති කුලතුංග කියන්නේ. ගොසිප් ගැන කිව්වම උදයන්තිගේ නම මුලින්ම තියෙනවා. උදයන්ති තවත් මොනවද ගොසිප් ගැන කිව්වෙ කියල බලමු.

"ඇත්තටම ගොසිප් කියන එක අපි හානියක් විදියට ගන්න හොඳ නෑ. ඒක හොඳක් විදියටයි මම දැන් දකින්නේ. ඒක අවාසියක් කියල මම නම් හිතන්නෙ නැහැ. ගොසිප් ගැන කණගාටු වෙන්න හොඳ නෑ. මොකද ලංකාවෙ හැමෝම ගැන ගොසිප්වල යන්නෙ නැහැ. චරිත කීපයයි ඒවා අතර ඉන්නෙ."


උදයන්ති කුලතුංග පසු ගිය කාලෙ හිටියෙ නුවරලු. ටිකක් ඇතුළට වෙන්න. කොළඹ ආවෙත් නැහැලු. දේවින්ද කෝන්ගහගේ කරන චිත්‍රපටියක රූ ගත කිරීම්වලට මාස හතක වගේ කාලයක් ටිකක් නිහඬව ඒ කටයුත්තට දායක වෙලා හිටියලු. එහෙම නැතුව හැංගිලා එමෙහ හිටියෙ නැතිලු.

උදයන්තිගෙ උපන්දිනේ ගැන විස්තර දාද්දි සරසවිය පත්තරේ එයාගෙ දුරකථන අංකය දාලා තිබුන නිසා රසිකයන්ගෙන් නිතරම කෝල්ස් ඇවිලා. උදයන්තිට හරියට නිදා ගන්නවත් ලැබුනේ නැහැලු. බැරිම තැන එයා දුරකථන අංකය වෙනස් කරලා.

දේශපාලන සම්බන්ධතා හරහා රංගන ශිල්පිනියන් නිෂ්පාදිකාවන් වෙනවා කියන කාරණය ගැන උදයන්ති කිව්වෙ මෙහෙමයි.

"මම නම් හිතන්නෙ නැහැ ටෙලි නාට්‍ය විකාශනය කරවීමේ අයිතිය දේශපාලකයන්ට තියෙනවා කියලා. ඒක බොරුවක්. ඒක තීරණය කරන්න මණ්ඩලයක් තියෙනවා. මම නිෂ්පාදය කරපු ටෙලි නාට්‍යයටත් මණ්ඩලයේ අනුමැතිය ලැබුනා. ටෙලි නාට්‍ය අසූවක් විතර පෝලිමේ තියෙනවා. ඉතිං මට කෑගහල කියන්න බැහැනේ මගේ ටෙලි නාට්‍ය විකාශනය කරන්න කියලා. ඒකට සුදුසු වෙලාවම ආවම ඒක විකාශනය වෙයි. මට ලොකු කලබලයක් නෑ.

දේශපාලකයන් සමග සම්බන්ධකම් තියෙන නිළියොත් ඇති.  "



Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements