ශාරුක් හා කාජල් නැවතත් පෙම්වතුන් වෙයි
සුපිරි බොලිවුඩ් රංගන ශිල්පි ශාරුක් ඛාන් සහ කාජල් නැවතත් රිදී තිරයේ පෙම්වතුන්වීමට සූදානම් වේ. ශාරුක් සහ කාජල් රඟන නවතම චිත්‍රපටය ලබන වසරේදී තිරගවීමට නියමිත අතර එය කරන් ජොහාර්ගේ නිර්මාණයකි.
එනමුත් ශාරුක් ඛාන් මේ දිනවල වැඩ බහුළ අවිවේකී බවෙන් පසුවෙයි. මීළඟට පිටවීමට තිබෙන යාශ් චොප්රා සහ ෆර්හාන් ඛාන්ගේ Happy New Year සඳහා ශාරුක් හිර වී සිටීම මීට හේතුවයි. නමුත් ශාරුක් 2013 ට කලින් කරන් ජොහාර්ගේ චිත්‍රපටියට දින දීමට සහ වේගවත්ව වැඩ කිරීමට බලාපොරොත්තු වෙයි.කාජල් නැවතත් මව් පදවිය ලැබ පසු ගියවල තම දෙවන දරුවා බිහිකර වැඩි කාලයක් නොගිය නිසා තවමත් ඇයගේ මහත්වීමද කරන් ජොහාර්ගේ චිත්‍රපටය මදක් ප්‍රමාද වීමට හේතු වනු ඇත. කෙසේ වෙතත් කාජල් මේ වන තම මහත අඩුකර ගනිමින් සිටී.
90 දශකයේ බොලිවුඩ් සිනමාවේ සුන්දරම සහ සාර්ථකම පෙම්වතුන් වූ කාජල් සහ ශාරුක් අවසන් වරට පෙම්වතුන් ලෙස රගපෑවේ 2010 වසරේදි මයි නේම් ඉස් ඛාන් චිත්‍රපටයේදීය.
Shah Rukh-Kajol - My Name Is Khan - 2010



Post a Comment