Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

මාළු නසී උඩින් වැටෙන ඇම කන හින්දා යාළු නසී මේ මං වගේ ලණු කන හින්දා

සාමාන්‍යයෙන් රොඩ්නි වර්ණකුල ලණු දෙන්න දක්ෂ වුණාට ලණු කන්න එතරම් ප්‍රසිද්ධ නැහැ. නමුත් ඉන්දික රත්නායක හා නිරෝෂන් ඉලේපෙරුම පසුගිය දවසක රොඩ්නිට දිරවන්න අමාරු ලණුවක් දුන්නා. කතාව මෙහෙමයි.
රොඩ්නි, ඉන්දික, නිරෝෂන්, නදී චන්ද්‍රසේකර ඇතුළු නඩයක් අනුරාධපුර පැත්තේ වැඩකට ගිහින් එන අතරෙයි මෙය සිදු වුණේ. ඉන්දික හා නිරෝෂන් තම අලුත් මොබයිල් ෆෝන් අංකයෙන් කලාකරුවන්ට ලණු දෙමින් වාඩි වී සිටියේ වාහනයේ පිටුපසයි. රියැදුරු අසුන ළඟ රොඩ්නි වාඩි වී සිටියා.

එක පාරටම රොඩ්නිගේ ෆෝන් එකට කෝල් එකක් ආවා.
‘හෙලෝ මේ රොඩ්නි මහත්තයද?’
‘ඔව්’
‘මහත්තයා ගෙදර වැඩට ළමයෙක් ඉල්ලුවද?’
‘නැහැ’
‘නැති වෙන්න බැහැ. අපි මේ ක්ලිනින් සර්විස් ආයතනයකින්’
‘නැහැ , නැහැ මම ඉල්ලුවේ නැහැ’
‘වෙන්න බැහැ මහත්තයෝ . .
. මේ රොඩ්නි වර්ණකුල මහත්තය නේ . . .
‘ඔව් . . . ඒ වුණාට මම ඉල්ලුවේ නැහැ’ කියා
රොඩ්නි ෆෝන් එක කට් කළා.
ටික වේලාවකින් නැවත රොඩ්නිට ඒ අංකයෙන්ම කෝල් එක ආවා.
ඔහු එකවරම රෝන් නම්බර් කියා ෆෝන් එක කට් කළා.
දිගින් දිගටම දුරකතනය නාද වෙන නිසා රොඩ්නි තම දුරකතනය නිවා දැම්මා.
ටික වේලාවකින් තමයි රොඩ්නි දැන ගත්තේ පිටුපස සීට් එකේ සිටින ඉන්දිකගේ වැඩක් කියලා.
එදා ඉඳන් රොඩ්නි හමුවන තැනදී හැමෝම අහන්නේ ‘සර්වන්ට් කෙනෙක් ඉල්ලුවද’ කියලාලු.

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements