හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළියෙ
ජනප්‍රිය ගායකයෙකු වන අතුල අදිකාරී සහ සමිතා මුදුන්කොටුව සමග වූ දීගය අවසන් වීමෙන් අනතුරුව ජනප්‍රිය මෝස්තර නිරූපන ශිල්පිනියක් වන අමායා සමග අතුල අදිකාරිගේ හාදකමක් ඇතැයි කියා ආරංචි පැතිර යන්න පටන් ගත්තා.
ඒ ගැන අතුල අදිකාරි හෝ සමිතා මුදුන්කොටුව හෝ කිසිවක් කියා තිබුනේ නැහැ. අමායාගෙන් මේ ගැන හිතවතුන් විමසූ විට එය කට කතාවක්ය කියා ඇය කියා තිබුනාලු. කෙසේ වෙතත් මෙම කට කතාව කනෙන් කොනෙන් බොහෝ දෙනෙකු අතර පැතිරී යත්ම එය මාධ්‍ය අතරටත් එක් වෙලා.
අතුල අමායා ගැන නොයෙකුත් තතු මාධ්‍යවල පලවීමත් සමග ඔවුන් ගැන තිබූ කතා බහ නැවතත් අලුත් වුනා. අතුල අමායා අතර තිබෙන්නේ රහස් පෙමක්ද? නැත්නම් ඔවුන් ඇත්තටම විවාහ වෙලාද? පසුගිය දිනවල අතුල සහ අමායා මාධ්‍යට මේ කටකතාවලට පිළිතුරු දී තිබුණා.
අවුරුදු හතරක් අපි ආදරය කලා. ආදරය හරි පිවිතුරු දෙයක්. මගේ ආදරය කෙළවර වුනේ විවාහයෙන්. අපි විවාහවුනේ 2010 මුල් කාලයේ. අමායා පිළිතුරු දුන්නා.
හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළියෙ නේ කියන කාරණාව හිතිලා වෙන්න ඇති අමායා තව දුරටත් රහස් හෙළිකරනු ලැබුවා.
අපි හරි සතුටින් ජීවිතේ බෙදා ගන්නවා. මේ අවුරුද්ද අන්තිමේදී අපේ පුංචි කැදැල්ලට තුන් වැන්නෙක් එකතු වෙනවා. දැන්ම ඉඳන් අපි ඒකට සූදානම් වෙනවා. අමායා වැඩිදුරටත් කරුණු මාධ්‍යට හෙළි කලා.
අතුල සහ අමායාට සුභ අනාගතයක් කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.




Post a Comment