Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

මෙම ස්ථානයේ වැවක් තැනීමට ජල මූලාශ්‍ර නැත
මෙම නීති විරෝධී ක්‍රියාවට අනුබල දෙන්නෝ කවුරුන්ද?
මෙය වහා නතර නොකළහොත් පරිසරයට සිදුවන විනාශය අති විශාලය.


මේ බොරලු කැපීම සිදු කරනු ලබන ප්‍රදේශයේ උස්‌ ස්‌ථානයක්‌ වන අතර ඒ ආශ්‍රිතව කිසිදු ජල මූලාශ්‍රයක්‌ නොපවතී. එවන් ස්‌ථානයක කිසිදු ආකාරයකින් වැවක්‌ ඉදිකළ නොහැකි අතර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් දේශපාලන රැකවරණය මධ්‍යයේ මේ මහා පරිමාණ නීති විරෝධී බොරලු කැපීම සිදු කර තිබේ.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතේ 3, 5, 6 යන වගන්ති සියල්ල උල්ලංඝනය කරමින් ජාතික වනෝද්‍යානය තුළට අනවසරයෙන් ඇතුළුවීම, බැකෝ යන්ත්‍ර ආධාරයෙන් බොරලු කැපීම, වනාන්තරය එළි පෙහෙළි කිරීම, මාර්ග සකස්‌ කර ටිපර් රථ මගින් බොරලු ප්‍රවාහනය කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සිදු කර තිබේ. මේ නීති විරෝධී ක්‍රියාවල නිරත වීමට අවශ්‍ය නිර්දේශ ලබාදීමට හෝ අනුමැතීන් ලබාදීමට වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පතනට අනුව කිසිදු හැකියාවක්‌ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හෝ අදාළ අමාත්‍යවරයාට නොමැත.

එවන් තත්ත්වයක්‌ තුළ පුද්ගලික සමාගමකට මේ නිර්දේශ හා අනුමැතීන් ලබාදී ඇත්තේ මේ ආඥා පනතේ බලය අතික්‍රමණය කරමිනි. මීට එරෙහිව වහාම ක්‍රියාමාර්ග ගත යුතු අතර ඊට සම්බන්ධ වූ නිලධාරීන් පමණක්‌ නොව ඒ සඳහා නිර්දේශ ලබාදුන් අදාළ අමාත්‍යවරයා ද මේ සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුතුව ඇත.

විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු ලංකාවේ ඉතාම සුවිශේෂී වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස්‌ පහකින් යුක්‌ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වැනි දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්‌ත්‍රික්‌ක දෙකට අයත් එහි භූමි ප්‍රමාණය හෙක්‌ටයාර 54,953.2 කි. ඉන්පසුව 1967.04.28 වැනි දින හෙක්‌ටයාර 7021.4 ක්‌ ද, 1969.08.27 වැනි දින හෙක්‌ටයාර 22,981.4 ක්‌ ද, 1969.12.05 වැනි දින හෙක්‌ටයාර 25252.9 ක්‌ හා 1973.12.07 වැනි දින හෙක්‌ටයාර 21484.8 ක්‌ වශයෙන් කොටස්‌ 5 ක්‌ ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප්‍රමාණය හෙක්‌ටයාර 1,31,693.7 කි. මීට අමතරව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා සම්බන්ධව තවත් වනාන්තර ගණනාවක්‌ සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්‌ථානයක්‌ ගොඩ නැගී ඇත.

එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තම්බෝව අභය භූමිය හා වීරක්‌කුලිචෝලේ - එලුවන්කුලම යෝජිත රක්‌ෂිතය වැනි වනාන්තරය. මෙසේ විල්පත්තුව හා ඒ හා සම්බන්ධව ගොඩ නැගී ඇති අනෙක්‌ වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැකවරණය හා කලා ඔය, මෝදරගංආරු වැනි ගංගාවන්ගේ ජල පෝෂක ප්‍රදේශ වලට ලැබුණු රැකවරණය මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හා මහ පරිමාණ බොරලු කැපීම හේතුවෙන් අහිමි වී ඇත.

වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැලෑ, ගංගාශ්‍රිත වනාන්තර, තෙත් විල්ලු තෘණ භූමි, වියළි පතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැක ගත හැකිය. මෙම විවිධ වූ පරිසර පද්ධති වලින් කුල 123 කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623 ක්‌ පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27 ක්‌ ලංකාවට ආවේණික වේ.

විල්පත්තුවේ වාර්තා වන සත්ත්ව විශේෂ විවිධත්වය සත්ත්ව කාණ්‌ඩය විශේෂ ගණන ආවේණික විශේෂ ගණන සමනළුන් 41 01

මිරිදිය මත්ස්‍යයින් 23 02

උභයජීවීන් 17 03

උරගයින් 57 08

පක්‌ෂීන් 149 03

ක්‌ෂීරපායින් 41 04

එකතුව 328 21

සමනළුන්, මත්ස්‍යයින්, උභයජීවීන්, උරගයින්, පක්‌ෂීන් හා ක්‌ෂීරපායීන් යන සත්ත්ව කාණ්‌ඩ හයට අයත් විශේෂ 328 ක්‌ පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 21 ක්‌ ලංකාවට ආවේණික වේ.

මෙය වහා නතර නොකළහොත් නොවුණහොත් අලි - ඇතුන් ඇතුළුව බොහෝ සත්ත්ව විශේෂ මේ නීති විරෝධී හා අක්‍රමවත් බොරලු කැපීමේ ව්‍යාපෘතියේ ගොදුරක්‌ බවට පත් වී ජාතික වනෝද්‍යානය තුළම විනාශයට ලක්‌වනු ඇත.

සජීව චාමිකර විසින් දිවයින පත්‍රයට සකසන ලිපියක් ඇසුරින් සැකසින. සම්පූර්ණ ලිපිය කියවීමට දිවයිනට යන්න.


fuu ia:dkfha jejla ;ekSug c, uQ,dY% ke;
fuu kS;s úfrdaë l%shdjg wkqn, fokafkda ljqrekao@
fuh jyd k;r fkdl<fyd;a mßirhg isÿjk úkdYh w;s úYd,h'

fï fndr¨‍ lemSu isÿ lrkq ,nk m%foaYfha Wia‌ ia‌:dkhla‌ jk w;r ta wdY%s;j lsisÿ c, uQ,dY%hla‌ fkdmj;S' tjka ia‌:dkhl lsisÿ wdldrhlska jejla‌ bÈl< fkdyels w;r jHdc f;dr;=re bÈßm;a lrñka foaYmd,k /ljrKh uOHfha fï uyd mßudK kS;s úfrdaë fndr¨‍ lemSu isÿ lr ;sfí'

2009 wxl 22 ork mk;ska wjika jrg ixfYdaê; 1937 wxl 02 ork jk i;a;aj yd jDla‌I,;d wdrla‌Il wd{d mkf;a 3" 5" 6 hk j.ka;s ish,a, W,a,x>kh lrñka cd;sl jfkdaoHdkh ;=<g wkjirfhka we;=¿ùu" neflda hka;% wdOdrfhka fndr¨‍ lemSu" jkdka;rh t<s fmfy<s lsÍu" ud¾. ilia‌ lr ám¾ r: u.ska fndr¨‍ m%jdykh lsÍu we;=¿ kS;s úfrdaë l%shd isÿ lr ;sfí' fï kS;s úfrdaë l%shdj, ksr; ùug wjYH ks¾foaY ,nd§ug fyda wkque;Ska ,nd§ug jk i;a;aj yd jDla‌I,;d wdrla‌Il wd{d m;kg wkqj lsisÿ yelshdjla‌ jkÔù ixrla‌IK fomd¾;fïka;=fõ ks,OdÍkag fyda wod< wud;Hjrhdg fkdue;'

tjka ;;a;ajhla‌ ;=< mqoa.,sl iud.ulg fï ks¾foaY yd wkque;Ska ,nd§ we;af;a fï wd{d mkf;a n,h w;sl%uKh lrñks' óg tfrysj jydu l%shdud¾. .; hq;= w;r Bg iïnkaO jQ ks,OdÍka muKla‌ fkdj ta i|yd ks¾foaY ,ndÿka wod< wud;Hjrhd o fï i|yd iïmQ¾Kfhkau j.lsj hq;=j we;'

ú,am;a;=j cd;sl jfkdaoHdkh hkq ,xldfõ b;du iqúfYaIS jfkdaoHdk ixlS¾Khls' fldgia‌ mylska hqla‌; ú,am;a;=j cd;sl jfkdaoHdkfha m<uq fldgi m%ldYhg m;a lf<a 1938 fmnrjdß 25 jeks od h' wkqrdOmqrh yd mq;a;,u Èia‌;%sla‌l folg wh;a tys N+ñ m%udKh fyla‌ghdr 54"953'2 ls' bkamiqj 1967'04'28 jeks Èk fyla‌ghdr 7021'4 la‌ o" 1969'08'27 jeks Èk fyla‌ghdr 22"981'4 la‌ o" 1969'12'05 jeks Èk fyla‌ghdr 25252'9 la‌ yd 1973'12'07 jeks Èk fyla‌ghdr 21484'8 la‌ jYfhka fldgia‌ 5 la‌ f,i ú,am;a;=j cd;sl jfkdaoHdkh m%ldYhg m;a lr ;sfí' wo jk úg Bg wh;a iïmQ¾K jkdka;r m%udKh fyla‌ghdr 1"31"693'7 ls' óg wu;rj ú,am;a;=j cd;sl jfkdaoHdkh yd iïnkaOj ;j;a jkdka;r .Kkdjla‌ iïnkaO fjñka úYd, jkÔù jdiia‌:dkhla‌ f.dv ke.S we;'

tkï ú,am;a;=j W;=re wNh N+ñh" ;ïfndaj wNh N+ñh yd ùrla‌l=,sfpdaf,a - t¨‍jkal=,u fhdað; rla‌Is;h jeks jkdka;rh' fufia ú,am;a;=j yd ta yd iïnkaOj f.dv ke.S we;s wfkla‌ jkdka;r mßir moaO;s fya;=fjka jkÔùka w;s nyq;rhlg ,enqKq /ljrKh yd l,d Th" fudaor.xwdre jeks .x.djkaf.a c, fmdaIl m%foaY j,g ,enqKq /ljrKh fuu jkdka;r t<s fmfy<s lsÍu yd uy mßudK fndr¨‍ lemSu fya;=fjka wysñ ù we;'

úh<s ñY% iodyß; jkdka;r" lgq m÷re iys; ,÷ le,E" .x.dY%s; jkdka;r" f;;a ú,a¨‍ ;DK N+ñ" úh<s m;k ;DK N+ñ" msgdr ;eks" j.=re ìï" jeõ" lfvd,dk" ,jK j.=re" je,s l÷
yd fjr<nv mßir fuys oel .; yelsh' fuu úúO jQ mßir moaO;s j,ska l=, 123 lg wh;a u,a msfmk Ydl úfYaI 623 la‌ muK jd¾;d ù we;' bka úfYaI 27 la‌ ,xldjg wdfõ‚l fõ'

ú,am;a;=fõ jd¾;d jk i;a;aj úfYaI úúO;ajh i;a;aj ldKa‌vh úfYaI .Kk wdfõ‚l úfYaI .Kk iuk¿ka 41 01

ñßÈh u;aiHhska 23 02
WNhÔùka 17 03
Wr.hska 57 08
mla‌ISka 149 03
la‌ISrmdhska 41 04
tl;=j 328 21

iuk¿ka" u;aiHhska" WNhÔùka" Wr.hska" mla‌ISka yd la‌ISrmdhSka hk i;a;aj ldKa‌v yhg wh;a úfYaI 328 la‌ muK jd¾;d jk w;r bka úfYaI 21 la‌ ,xldjg wdfõ‚l fõ'

fuh jyd k;r fkdl<fyd;a fkdjqKfyd;a w,s - we;=ka we;=¿j fndfyda i;a;aj úfYaI fï kS;s úfrdaë yd wl%uj;a fndr¨‍ lemSfï jHdmD;sfha f.dÿrla‌ njg m;a ù cd;sl jfkdaoHdkh ;=<u úkdYhg ,la‌jkq we;'

iÔj pdñlr úiska Èjhsk m;%hg ilik ,smshla weiqßka ielisk' iïmQ¾K ,smsh lshùug Èjhskg hkak'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements