Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

අපි දෙන්නම බලාපොරොත්තු වුණේ පුතෙක් අපේ පැතුම ඉටුවුණා

-මව් පදවිය ලැබූ ඕෂධී සමග කතාබහක්
ජනප්‍රිය නිළි ඕෂධී හේවා මද්දුම පිළිබඳ සුබම සුබ ආරංචියක් පසුගියදා අපට දැනගන්නට ලැබුණා. ඒ ආරංචිය ඇගේ රංගන ජීවිතය හා සම්බන්ධ එකක් නමෛයි.  පුද්ගලික ජීවිතය පිළිබඳ ආරංචියක්. ඕෂධීට මව් පදවිය නම් ඉහළම සම්මානය හිමි වූ බව තමයි ඒ සුබාරංචිය. ගෙදරට ආපු අලුත් අමුත්තා ගැන සතුට උතුරා යන මොහොතක සිටින ඕෂධීව රිද්ම කතාබහට එකතු කරගන්න අපි හිතුවේ ඇයට ආදරය කරපු රසික හිතවතුන් වෙනුවෙන්මයි. විවේක සුවයෙන් ඉන්න මොහොතක වුණත් ඕෂධී සුපුරුදු සුහදශීලී බවින් අපේ කතා බහට එකතු වුණා.

ඕෂධී පිළිබඳ මේ සුභාරංචිය ඔබේම මුවින් රිද්ම හිතවතුන්ට කියන්න

පහුගිය ඔක්තෝබර් 24 වැනිදා අපේ කුළුඳුල් පුතා ඉපදුනා. මගෙයි මගෙ සැමියගෙයි ජීවිතයේ අලුත් පිටුවක් පෙරළුණා. ඒක තමයි සුබාරංචිය

ඕෂධී බලා‍පොරොත්තුවෙන් හිටියේ දුවෙක්ද පුතෙක්ද?

පුතෙක්. මගේ ඒ බලා‍පොරොත්තුව ඉටුවුණා.

ඕෂධීගේ සැමියා...?

එයා බලා‍පොරොත්තු වුණෙත් පුතෙක්. ඒ හිංදා එයත් මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්නේ.

ඇයි දෙන්නම පුතෙක්වම බලා‍පොරොත්තු වුණේ......?

අපි දෙන්නම කාර්යබහුල ජීවිත ගත කරන අය. නිතරම ගෙදරින්  පිට ඉන්න සිදුවනවා. ගෑනු ළමයෙක් හිටියොත් ලොකු වගකීමක්. මම විවාහවෙලා හිටියත් මගෙ දෙමව්පියො තවම මම ගැන සොයා බලනවා. පිරිමි ළමෝ ඉන්නකොට ලොකු ශක්තියක්. ඒ හිංදා පුතෙකුට කැමති වුණේ.

ඕෂධීගෙ පුංචි පුතාගෙ නම දැනගන්න ඔබේ රසික පිරිස ගොඩක් කැමති ඇති..

තවම නමක් දැම්මෙ නැහැ. පුතාගෙ කේන්දරේ බලල අකුරු අනුවනේ නමක් දාන්න වෙන්නේ. පුතාට නමක් දැම්මට පස්සේ රසික රසිකාවියන්ට ඒක කියන්නම්.

මේ දවස්වල සැමියා නිතරම ඕෂධිගෙ කටයුතු වලට උදව් කරනවා ඇති.....

මට දරුවා ලැබෙන්න නියමිතව තිබුණේ ඔක්තෝබර් අග නිසා ඒ කාලයේ ප්‍රදීප් දුර පලාත්වල වැඩ කටයතු බාර ගත්තෙ නැහැ. එදා 24 වැනිදා හදිසියේම වගෙ තමයි අම්මයි තාත්තයි ප්‍රදීපුයි මමයි රෝහලට  ගියේ. ඒ වෙලාවේ මාව පරීක්ෂා කරල වෛද්‍යවරු කිවුවා එදාම දරු උපත සිදු කළ යුතු බව. දරුවා ඉපදිලා දින කිහිපයකින් මම ගෙදර ආවා. ඔය කාලය පුරාම ප්‍රදීප් මා සමග සිටියා.

දරුවා ඉපැදෙන විට සැමියා ළඟ සිටීම ඕෂධිගෙ හිතට ලොකු ශක්තියක් වන්න ඇති......

ඔව් අම්මයි තාත්තයි තියටර් එකට ආවෙ නැහැ. ඒත් ප්‍රදීප් තියටර් එකට ආවා. මාව  සැත්කමට භාජනය කරන වෙලාවත් ප්‍රදීප් එතැන හිටියා.

දෙන්නගෙ මව්පිය සහෝදර සහෝදරියන් පුංචි පුතාව බලන්න එන්න ඇති.......

අපේ අම්මයි තාත්තයි ඉන්නේ අපිත් එක්ක හිංදා හැම වැඩක්ම කරන්නේ ඒ අය. ප්‍රදීප්ගෙ අම්මා නැතිවුණේ එයා පුංචි කා‍ලේ. තාත්තත් අද නැහැ. අක්කලා දෙන්නගෙන් ලොකු සහයක් ලැබුණා. එයාලගෙ පරම්පරාව ගෙනියන්න පුතෙක් ඉන්න හිංදා හැමෝම හරිම  සතුටින් තමයි ඉන්නේ.

කලාලොවේ යාළු මිත්‍රයෝ ඖෂධීව බලන්න ආවද..?

ආරංචිය ලැබුණ හැටියේ හිමාලි සයුරංගි ආවා. හිමාලි ඉන්නෙ අපේ ගෙවල් ආසන්නයේ. මට මාසයක් ඇඳට වෙලා විවේක ගන්න කියලා වෛද්‍යවරු නියම කළ හිංදා මම දුරකතනයත් ඕෆ් කරගෙනයි හිටියෙ. එන්න අහපු ගොඩක් අයට මම පස්සෙ එන්න කිවුවා. දුරකතනය ආයෙම ක්‍රියා කරවන්න පටන් ගත්තට පස්සේ දිගට හරහට සුබපැතුම්  එනවා. කලා ලෝකේ හිතවතුන් වගේම රසික හිතවතුන් ගෙනුත් සුබපැතුම් එනවා.

ආයෙම රඟපෑමට එන්නෙ කවදද?

නිශ්චිත දිනයක් නම් කියන්න බැහැ. ඒත් ආයෙම රඟපෑමට එනවා. පුතා ඉපදෙන්න ඉද්දිත් මුල් මාසවලදී මම ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයෙයි, ශ්‍රියානි අමරසිංහ මහත්මියගෙ වෙරෝනා ටෙලි නාට්‍යයෙයි රඟපෑවා.

මේ කතාබහ නිම කරන්න කලින්  ඕෂධීට විශේෂ යමක් කියන්න එහෙම තියෙනවද?

කාන්ති පුංචි (ප්‍රවීණ නිළි කාන්ති ලංකා) ගේ දියණිය ප්‍රමිෂිකා විද්‍යාභූෂණ සහ ඇගේ සැමියා වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහතා මට බොහෝ උපකාර කළා. විජිත් විද්‍යාභූෂණ මහතා තමයි මගෙ වෛද්‍යවරයා වුණේ. ඒ අයට වගේම මගේ පුතා ඉපැදුන නාරාහේන්පිට නයින්වේල් රෝහ‍ලේ කාර්ය මණ්ඩලයටත් මම ස්තුති කරනවා.

 wms fokaku n,dfmdfrd;a;= jqfKa mqf;la wfma me;=u bgqjqKd
uõ moúh ,enQ ´Ië iu. l;dnyla

ckm%sh ks<s ´Ië fyajd uoaÿu ms<sn| iqnu iqn wdrxÑhla miq.shod wmg oek.kakg ,enqKd' ta wdrxÑh wef.a rx.k Ôú;h yd iïnkaO tlla kffuhs'  mqoa.,sl Ôú;h ms<sn| wdrxÑhla' ´Iëg uõ moúh kï by<u iïudkh ysñ jQ nj ;uhs ta iqndrxÑh' f.org wdmq w¨‍;a wuq;a;d .ek i;=g W;=rd hk fudfyd;l isák ´Iëj ßoau l;dnyg tl;= lr.kak wms ys;=fõ wehg wdorh lrmq risl ys;j;=ka fjkqfjkauhs' úfõl iqjfhka bkak fudfyd;l jqK;a ´Ië iqmqreÿ iqyoYS,S núka wfma l;d nyg tl;= jqKd'


´Ië ms<sn| fï iqNdrxÑh Tfíu uqúka ßoau ys;j;=kag lshkak


myq.sh Tlaf;dan¾ 24 jeksod wfma l=¿÷,a mq;d bmÿkd' uf.hs uf. ieñhf.hs Ôú;fha w¨‍;a msgqjla fmr¿Kd' tal ;uhs iqndrxÑh

´Ië n,d‍fmdfrd;a;=fjka ysáfha ÿfjlao mqf;lao@

mqf;la' uf.a ta n,d‍fmdfrd;a;=j bgqjqKd'

´Iëf.a ieñhd'''@

thd n,d‍fmdfrd;a;= jqfK;a mqf;la' ta ysxod th;a fï ojiaj, f.dvla i;=áka bkafka'

wehs fokaku mqf;laju n,d‍fmdfrd;a;= jqfKa''''''@

wms fokaku ld¾hnyq, Ôú; .; lrk wh' ks;ru f.oßka  msg bkak isÿjkjd' .Ekq <ufhla ysáfhd;a f,dl= j.lSula' uu újdyfj,d ysáh;a uf. fouõmsfhd ;ju uu .ek fidhd n,kjd' msßñ <fuda bkakfldg f,dl= Yla;shla' ta ysxod mqf;l=g leu;s jqfKa'

´Iëf. mqxÑ mq;df. ku oek.kak Tfí risl msßi f.dvla leu;s we;s''

;ju kula oeïfu keye' mq;df. flakaof¾ n,, wl=re wkqjfka kula odkak fjkafka' mq;dg kula oeïug miafia risl risldúhkag tal lshkakï'

fï ojiaj, ieñhd ks;ru ´Iêf. lghq;= j,g Woõ lrkjd we;s'''''

ug orejd ,efnkak kshñ;j ;snqfKa Tlaf;dan¾ w. ksid ta ld,fha m%§ma ÿr m,d;aj, jev lgh;= ndr .;af; keye' tod 24 jeksod yÈisfhau jf. ;uhs wïuhs ;d;a;hs m%§mqhs uuhs frday,g  .sfha' ta fj,dfõ udj mÍlaId lr, ffjoHjre lsjqjd todu ore Wm; isÿ l< hq;= nj' orejd bmÈ,d Èk lsysmhlska uu f.or wdjd' Th ld,h mqrdu m%§ma ud iu. isáhd'

orejd bmefok úg ieñhd <Õ isàu ´Iêf. ys;g f,dl= Yla;shla jkak we;s''''''

Tõ wïuhs ;d;a;hs ;shg¾ tlg wdfj keye' ta;a m%§ma ;shg¾ tlg wdjd' udj  ie;alug Ndckh lrk fj,dj;a m%§ma t;ek ysáhd'

fokakf. uõmsh ifydaor ifydaoßhka mqxÑ mq;dj n,kak tkak we;s'''''''

wfma wïuhs ;d;a;hs bkafka wms;a tlal ysxod yeu jevlau lrkafka ta wh' m%§maf. wïud ke;sjqfKa thd mqxÑ ld‍f,a' ;d;a;;a wo keye' wlal,d fokakf.ka f,dl= iyhla ,enqKd' thd,f. mrïmrdj f.kshkak mqf;la bkak ysxod yefudau yßu  i;=áka ;uhs bkafka'

l,df,dfõ hd¿ ñ;%fhda T!Iëj n,kak wdjo''@

wdrxÑh ,enqK yeáfha ysud,s ihqrx.s wdjd' ysud,s bkafk wfma f.j,a wdikakfha' ug udihla we|g fj,d úfõl .kak lsh,d ffjoHjre kshu l< ysxod uu ÿrl;kh;a ´*a lrf.khs ysáfh' tkak wymq f.dvla whg uu miafi tkak lsjqjd' ÿrl;kh wdfhu l%shd lrjkak mgka .;a;g miafia È.g yryg iqnme;=ï  tkjd' l,d f,dafla ys;j;=ka jf.au risl ys;j;=ka f.kq;a iqnme;=ï tkjd'

wdfhu rÕmEug tkafk ljoo@


ksYaÑ; Èkhla kï lshkak neye' ta;a wdfhu rÕmEug tkjd' mq;d bmfokak boaÈ;a uq,a udij,§ uu Y%S isoaOd¾: f.!;u Ñ;%mgfhhs" Y%shdks wurisxy uy;añhf. fjfrdakd fg,s kdgHfhhs rÕmEjd'

fï l;dny ksu lrkak l,ska  ´Iëg úfYaI hula lshkak tfyu ;sfhkjo@

ldka;s mqxÑ ^m%ùK ks<s ldka;s ,xld& f.a Èh‚h m%ñIsld úoHdN+IK iy wef.a ieñhd ffjoH úð;a úoHdN+IK uy;d ug fndfyda Wmldr l<d' úð;a úoHdN+IK uy;d ;uhs uf. ffjoHjrhd jqfKa' ta whg jf.au uf.a mq;d bmeÿk kdrdfyakamsg khskafõ,a frday‍f,a ld¾h uKav,hg;a uu ia;=;s lrkjd'

,laìu - wdßhjxY l=,;s,l 

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements