කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ කියයි.
ජීවත් වෙන්න ක්‍රමයක් නොමැති නිසා අද වනවිට කොළඹ විතරක් විශාල ප්‍රමාණයක් තමන්ගේ ශරීරය විකුණනවා. ආසියානු සංස්‌කෘතියේ විශාල පීඩනයක් ඇතිවෙලා යෑයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පැවසූහ.
මාතර දිස්‌ත්‍රික් මෙහෙයුම් මණ්‌ඩලය මෙහෙයවීමෙන් අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය සම්මන්ත්‍රණය අමතා දඹර අමිල හිමියෝ ඉකුත් 01 වැනිදා එසේ පැවසූහ.
බටහිර සමාජයට එය ප්‍රශ්නයක් නොවෙයි. නමුත් ආසියාතික සමාජයට එය ප්‍රශ්නයක්.
මේ වනවිට අවුරුදු පහට අඩු ළමයිගෙන් සියයට 21.06 ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. ජව ශක්‌තිය නැති මානසික වශයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන පුරවැසියන් තමයි ඉදිරියට රටේ ඇති කරමින් ඉන්නේ. මවගේ බඩේ ඉන්නා දරුවාට අවශ්‍ය සමබර ආහාරවේල සපයන්න සැමියාට බැරිවෙලා. ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 28 ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මේ නිසා බිහිකරන්නේ භාග ළමයි. බඩ විතරක් තිබෙන මොළේ අඩු ළමයි බිහිවෙන්නේ. මන්දපෝෂණය ලෝකයේ පවත්වාගෙන යන්නේ අධිරාජ්‍යවාදී කූට උපක්‍රමයක් ලෙසයි.
මාතර රෝහලට ගියාම ඇඳන් යට ලෙඩ්ඩු. කොරිඩෝවේ ලෙඩ්ඩු. සියයට 80 කට වැඩි ප්‍රමාණයකට පැරසිටිමෝල්ට් පෙත්තක් ගන්න බැහැ. රෝහල්වල විශාල ප්‍රමාණයක් බෙහෙත් නැහැ. මේ සමාජ ක්‍රමය පරාජයට පත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම අවශ්‍යයි. අසාධාරණ නග්න ක්‍රමවේදයක් අප මත පටවලා තම වැඩි කලක් ඉදිරියට අපේ රට යන්න බැහැ. ණය උගුලක පැටලිලා තිබෙන්නේ. මුළු ජාතියම ණයකාරයන් බවට පත්කරලා මිනිසුන්ට අවශ්‍ය ආහාර ටික සපයන්න අසමත් වෙලා.
©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Post a Comment