කිරුළපන ප්‍රදේශයේ පදිංචිව සිටි සය හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයකට ලක් කිරිමෙන් පසු ඝාතනය කර කිරුළපන ඇලට දමා තිබියදී ඊයේ(01) උදෑසන සොයා ගැනුණි.
කිරුළපන පොලිස් බලප්‍රදේශයට අයත් අංක 44/204 කිරුළ ව්‍යාපාරයේ පදිංචිව සිටි ක්‍රිෂ්ණ කුමාර් දුෂ්ශන්ති නමැති දැරිය ඊයේ දිනයේ සිද්ධාර්ථ පාර පල්ලියේ උත්සව අවස්ථාවකට සහභාගීවී යළි එමින් සිටියදී අතුරුදහන්වී තිබිණි.
පොලීසියට ලැබුණු තොරතුරක් මත නාවික හමුදාවෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම දැරියගේ මෘත ශරීරය අද අලුයම 1.00 ට පමණ අංක 200/12,උද්‍යාන පාර,පයිප් පාර ,නාරහේන්පිට ලිපිනයේ පිහිටි නිවසක් ඉදිරිපිට අපවිත්‍ර ජලය බැහැරකිරීමේ ඇළෙහි තිබී නාවික භට පිරිසක් විසින් සොයාගත් බව පොලීසිය පවසයි.
දුෂ්ශන්ති පාමංකඩ දෙමළ විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම සත් හැවිරිදි වියේ පසුවුන දැරිවියෙකි.
කිරුළපන පොලීසිය විසින් මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් අනාවරණය කරගත් තොරතුරුවලට අදාළව මෙම දැරියගේ නිවස අසළ පදිංචි වයස අවුරුදු 18 ක සහ 16 ක පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා විසින් මෙම බාලවයස්කාර දැරියට ලිංගික අතවර කිරීමෙන් පසු ඇළට දමා ඇති බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
කිරුළපන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
*** යවත්කාලීන කිරීම
4.59 PM
දැරියගේ ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
මේ සම්බන්ධයෙන් සැකපිට තවත් තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි. සිද්ධියට සම්බන්ධ බවට සැකපිට තරුණයින් දෙදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගැනිණ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, වෛද්‍ය වාර්තාවට අනුව අදාළ දැරිය මාසයක පමණ කාලයක සිට ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවයි.
අදාළ පුද්ගලයින් දැරිය දූෂණය කර ඇලට දමා ඇති බවට සැකකෙරෙන අතර දියේ ගිලීමෙන් මරණය සිදුව ඇති බව වෛද්‍ය වාර්තාවේ දැක්වෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Post a Comment