"නාගෙන කෑම" මේක අපේ ජනවහරට එක්වුනේ මෑත කාලයක ඉඳන්. මෙතනදී "නාගෙන කනවා" යැයි කියන්නේ ව්‍යංගාර්ථයක් ලෙසින්. කිසියම් වැඩක් හරිහැටි කරගන්න බැරි වුනාම "නාගන්නවා" කියා කියනවා. මෙසේ වැඩ පටලවා ගෙන අවුල් ජාලයක් කරගත් පසු "ඇද ගෙන නාගන්නවා" කියලත් කියනවා.
දේශපාලන ක්ෂේත්‍රයේත්, කලා ක්ෂේත්‍රයේත් අද වැඩිපුරම ඉන්නේ මෙසේ නාගෙන කන කට්ටිය තමයි. ඒ ගොල්ලන් නිසා අර හොඳට ඉන්න මහත්වරු දෙස සමහරු බලන්නෙත් වපර ඇහින්.
මේ කතාව අපේ රටේ ඉන්න නාගෙන කන පිරිස් හා නාගෙන කන්න තැමති පිරිස් ගැනනම් නොවෙයි. ඇත්තටම නාගෙන කන්න පුලුවන් තැනක් ගැන.
පිලිපීනයේ කුවිසෝන් ප්‍රදේශයේ වෝටර්ෆෝල් අවන්හල දිනකට දෙසීය පණහකට වැඩි පිරිසක් නාගෙන කන තැනක්. ලෙබසිස් දිය ඇල්ලෙන් ගලා යන ජල කඳ හරහා විවෘත කර ඇති මෙම අවන්හල තරු හෝටලයක් නොවුණද තරු පහේ ආහාර පාන, තරු නොපෙනන මිලකට ලබාගත ගන්න පුලුවන් තැනක් කියල තමයි කියන්නේ. ඕනෑම රටකට අදාළ කෑම වර්ග උණු උණුවේම ලබාගන්න පුලුවන් වීම නිසා වෝටර් ෆෝල් අවන්හල ප්‍රසිද්ධයි.
දේශීය ආහාර වේලට මුල් තැන දෙන මෙම අවන්හලට ඇතුල්වීමේදී තමන් සතු වටිනා භාණ්ඩ මෙන්ම පාවහන් ද එහි සේවකයෙකුට භාර දෙන්න ඕන. අවන්හල තුළට කිසිවක් රැගෙන යාමට ඉඩ නොදෙන්නේ අමුත්තන්ගේ වටිනා දේවල් සුරක්ෂිත කර දීමට සහ නිදහසේ නාගෙන කන්නටය.
එම නිසා සජීවී දිය ඇල්ලක සුවය විඳිමින් හිත මෙන්ම කුසද පුරවා ගත හැකි ලොව එකම අවන්හල බවට පත්වීමට පිලිපීනයේ වෝටර්ෆෝල් අවන්හලට හැකිවෙලා.
©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.


Post a Comment