Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

සඳගිරි පව්වේ කමලාට හිමාලි සිරිවර්ධනට
ජූරියේ විශේෂ කුසලතා සම්මානයක් 
ඇගේ අනාගතය බලාපොරොත්තුවලින් පිරිලා.
 
‘මොනවාද ඒ?’ 

‘සඳගිරි පව්වේ මුරණ්ඩු කෙල්ල’ ඒ කමලා ගැන පවුලේ හැමෝගෙම ආකල්පයයි. පවුලේ අයගේ විතරක් නෙමෙයි. මේ කෙල්ල ගැන ස්වර්ණවාහිනියෙන් ‘සඳගිරි පව්ව’ ටෙලි නාට්‍යය නැරැඹුව ප්‍රේක්ෂකයන්ගේ සිත්වල ඇති වුණෙත් ඒ වගේ ආකල්පයක්. ඒ ආකල්පය කොයි තරම් සාධරණීකරණය වුණා ද කිව්වොත් මේ චරිතය රඟපෑව හිමාලි සිරිවර්ධනට ජූරියේ විශේෂ කුසලතා සම්මානයක් හිමි වුණා.

ඒ පසුගියදා පැවැති රයිගම් ටෙලි සම්මාන උළෙලේදී. ඒ ලැබුණු සම්මානයේ උණුසුම වියැකෙන්නටත් මත්තෙන් අපි ඈව මුණ ගැසුණා. මොනර නැටුමකට හැඳ පැළඳ ගත් මොනරියක සේ තාල ගමනින් රවුමක් ගිය ඈ අප අසලට පිවිසියා. කාර්ය බහුලත්වය තුරුලු කරගත් හිමාලිිගේ භූමිකාව වෙනස් වෙලා. හිමාලි දුටු මනතින් අපේ සිතට පිවිසුණු සිතුවිල්ලක් තමයි ඒ.  ‘රංගනයෙන් පුංචි තිරයේදී මාව නිතර දකින බොහොම දෙනෙකුට මා නර්තන ශිල්පිනියක් බව අමතක වෙනවා.


මම වෘත්තියෙන් නර්තන ශිල්පිනියක්. රංගනය කියන්නේ මගේ ඊළඟ භූමිකාවයි. තව පැය කිහිපයකින් පැවැත්වෙන නර්තන ප්‍රසංගයට මම ඇතුළු මගේ ‘සෙන්සේෂන්’ නර්තන කණ්ඩායම නර්තනයක් ඉදිරිපත් කරනවා. ඒ සඳහායි අපි මේ සැරැසෙන්නේ.

නර්තනය පසෙකලා ළඟදී ලැබුණු රයිගම් සම්මාන උළෙලේදී ලැබුණු සම්මානය ගැන යමක් කිව්වොත්?

‘මේ සම්මානයේ තිබුණු විශේෂත්වය වෙන්නේ ජූරියෙන් ලැබුණු සම්මානයක් වීමයි. සම්මාන උළෙලකදී හැමෝටම සම්මාන ලැබෙන්නේ නෑ. රංගනයේදී මෙතෙක් කිසිම සම්මානයක් නොලැබුණු අයත් ඉන්නවා. ඒ නිසා මට ලැබුණු මේ සම්මානය රටක් වටිනවා. මම ක්ෂේත්‍රයට ඇවිල්ලා ගත වෙලා තිබෙන්නේ බොහොම ටික කාලයක්.ඒ කාලයේදී මෙවැනි සම්මානයක් ලැබීම මගේ රංගන ජීවිතයට දිරියක්. මේ සම්මානය මට ලැබුණු පළමු සම්මානය නොවෙයි.’

 සම්මානය හිමි වීම පිළිබඳ අදහස මතකයට නැඟුවා පමණයි. හිමාලිගේ උවන පිපුණු රෝස කුසුමක පැහැය සිහිපත් කළා.

නමුත් සම්මාන උළෙලයන් පිළිබඳ විවිධ අය විවිධ කතා කියනවා. නිවැරැදි අයට සම්මාන නොලැබෙන බවට විවිධ අදහස් පළ කරනවා නේද? 

රෝස කුසුමක පැහැය ගත් උවනට පිවිසුණේ බැරෑරුම් සහගත බවක්. ‘රංගන ශිල්පියෙක් තමා රඟපාන චරිතය ගොඩ නඟන්න වන මහන්සිය දන්නේ ඔවුන් පමණයි. ඒ මහන්සිය නිසා ඔවුන් පානා දක්ෂතා අගය කිරීම බොහොම හොඳ කාරණයක්. ඒ නිසා මුලින්ම මෙම සම්මාන උළෙලයන් පවත්වන අයට මම ස්තුතිවන්ත වෙනවා. සම්මාන උළෙලයන්ගේ තීන්දු තීරණවල සාධාරණත්වය, අසාධාරණත්වය පිළිබඳ විවිධ ගැටලු පවතින බවක් පෙනෙනවා තමයි. ඒ නිසා ඒ ගැන කිසිම අදහසක් ප්‍රකාශ කරන්න මම අකැමැතියි. කවුරු හෝ හිතයි මම එහෙම කියන්නේ වාසියට කියලා. ඊටත් වඩා එහි සිටිනා විනිශ්චය මණ්ඩල අපට වඩා වෙනස් අයුරින් තීන්දුවලට පැමිණෙනවාද කියා අප දන්නේ නෑ.’

‘සඳගල තැන්නේ සඳා’ ඈව දුටු දසුනින් සිතට නැඟෙනා හිමාලිගේ එක් අපූරු රංගනයක්. ‘මේ චරිතය කොයි තරම් ප්‍රබල විදියට ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ලියැවුණාද කිව්වොත් අදත් සමහර ප්‍රේක්ෂකයන් මට කතා කරන්නේ සඳා නමින්. ඊට පස්සේ ජනප්‍රිය වුණේ සඳගිරි පව්වේ කමලාගේ චරිතය. ඒත් සමඟම ජාතික රූපවාහිනියේ විකාශය වුණු ‘බිනරි’ ට මගේ විශේෂ කැමැත්තක් තිබෙනවා. එහි මා රඟපාන්නේ බිනරි, ප්‍රශාන්ති, සුලෝචනා, අංජලී කියන එකම ස්වරූපයේ රූප තිබෙනා චරිත හතරක්. විශාල අභියෝගයක් බාර ගත්ත අවස්ථාවක්. ඔවුන්ට එකම රූපයක් තිබුණත් එකිනෙකාගේ ගති පැවැතුම්, සිතුම් – පැතුම්, ගමන බිමන පවා වෙනස්. එය නිර්මාණාත්මක ලෙස වෙනස් කර ගැනීමට මම දැඩි උත්සාහයක් දැරුවා. රංගනයේදී මා බාර ගන්නේ මට යමක් කළ හැකි නිර්මාණයක් පමණයි. ඒ නිසා මා දැඩි රංගන පිපාසයකින් පෙළෙනවා.

විශේෂයෙන්ම මා මුල් තැන දෙන්නේ නර්තන කණ්ඩායමටයි. නර්තන ප්‍රසංග දිගින් දිගටම පැවැත්වෙන නිසා මේ දවස්වල රංගන කටයුතුවලට සහභාගි වුණේ නම් නැහැ.’ පසුගිය දවස්වල ‘සඳගිරි පව්වේ’ මුරණ්ඩු කෙල්ලට අපූරු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. ඈට ඒ ගැන මතක් කරන කොටත් හිනා. ඒ නාට්‍යයේ මගේ අයියට රඟපාන්නේ සංජීව උපේන්ද්‍ර. මම හාද වෙන පුද්ගලයත් එක්ක ගෙදරදි මුණ ගැහෙන අවස්ථාවකදී අයියගේ අතටම අහු වෙනවා. ඒ වෙලාවෙදි අයියාට තරහ ගිහින් මට හොඳටම ගහනවා. මේ දර්ශනය සජීවීවම රූපගත කරන්න ඕන නිසා ඔහු මට හොඳටම ගැහුවා. එක වාරයකදී ඒ ගහපු පාරක් මගේ බෙල්ලට පහළ කශේරුකාවට වැදුණා. ඒ වෙලාවේ මගේ ඇඟම පණ නැති වුණා. ඒත් ඒක කියන්න විදියක් නෑ. ඒත් එක්කම මාව බිමට වැටෙන දර්ශනයක් තිබුණා. එහිදී මාව බිමට වැටිලා ඔළුව පොළොවේ වැදුණා. තද කාෂ්ඨක පොළොවේ ඔළුව වැදුණත් එක්කම මට සිහිය නැති වුණා වගේ වුණා. මුළු කණ්ඩායමත් හොඳටම බය වෙලා. එත් ටිකකට පස්සේ මම නැඟිට්ටා. මට නම් හිතුණේ මාව ගෙනි යන්න වෙන්නේ ඉස්පිරිතාලෙට කියලා.

වෙනත් දවසක මගේ අම්මා විදියට හිටිය මොරින් අක්කා මගේ අතට ගහන දර්ශනයක් තිබුණා. ඒ ගැහිල්ලෙන් පස්සේ මාසයක් විතර මගේ අතට පත්තු බඳින්නත් වුණා.’ සිය රංගන ජීවිතයේදී ජීවිතය නැති වෙන තරම් අකරතැබ්බයන්ට මුහුණ දුන් හිමාලි මොන දේ වුණත් රංගනයට ආදරෙයි. ඇගේ අනාගතය බලාපොරොත්තුවලින් පිරිලා.

‘මොනවාද ඒ?’ 

මංගල උළෙලකට අවශ්‍ය සැරසිලි, නර්තනය, සංගීතය ආදී සියලු දේ එකම ආයතනයකින් ලබා ගත හැකි පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්නට සැලසුම් කරගෙන යනවා.’ ‘මොනර නැටුමට කාලය ඇවිත්’ ඈ තම ශිෂ්‍යාවන්ට කිව්වේ තම නර්තනයට පිවිසෙන්න කාලය ඇවිත් කියලා සිහිපත් කරන්නයි.

සේයාරුව – ටෙනිසන් එදිරිසිංහ

තිලානි ශානිකා විතානාච්චි

උපුටා ගන්නා ලද ලිපියකි. මෙය සරසවිය පුවත්පතේ පලවූ සාකච්ඡාවකි.

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements