Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

බොලිවුඩ් සිනමාවේ මුල්ම සුපිරි නළුවා වූ රාඡේශ් ඛන්නා ඊයේ (18 දා) මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට හැටනව හැවිරිදි වියේ පසුවූ රාඡේශ් ඛන්නා පසුගිය මාස කිහිපය තුළ රෝගාතුර වී රෝහල් ගතවී ප්‍රතිකාර ලැබීය.

ඔහු හින්දි සිනමාවේ එදා සුපිරි නිළි ඩිම්පල් කපාඩියා සමඟ විවාහ වී සිටියේය. ඔහුට ටුවින්කල් සහ රින්නේ නමින් දියණියන් දෙදෙනක්‌ ද වෙති.


1966 දී අගත්රි කගම් චිත්‍රපටයෙන් හින්දි සිනමාවට පිවිසි රාඡේශ් ඛන්නා ආරාධනා -  රාස්‌නේ-සපර් ආනන්දි වැනි බොක්‌ස්‌ ඔෆිස්‌ වාර්තා තැබූ චිත්‍රපටවල රඟපෑවේය.


හිටපු ලෝක්‌සභා මන්ත්‍රීවරයකුද වූ රාඡේශ් ඛන්නා 1942 දී උපත ලැබීය. ජානේ ඛන්නා යෑයි හැඳින්වූ ඔහුව එක්‌ යුවලක්‌ විසින් හදාගෙන ඇත.

ෆිල්ම්ෆෙයාර් සම්මාන තුනක්‌ හිමිකරගත් රාඡේශ් ඛන්නාට 2005 දී ෆිල්ම්ෆෙයාර් යාවජීව සම්මාන හිමිවිය.

1984 දී හෙතෙම සිය බිරිය වූ ඩිම්පල්ගෙන් වෙන්වී ජීවත්විණි.

මේ අසහාය සුපිරි නළුවා බොලිවුඩ් සිනමාව තුළ වඩාත්ම ජනාදරයට පාත්‍ර වූයේ ඔහු රැඟපෑ චිත්‍රපටවල ආර්. ඩී. බර්මන් සංගීතය සැපයීමත් කිශෝර්කුමාර් ගී ගැයීමත් නිසාය.

හැත්තෑව දශකයේ හින්දි සිනමා රසික රසිකාවියන් අතර අතිශයින් ජනාදරයට පත්වූ රාඡේශ් ඛන්නාගේ අවමඟුල් කටයුතු අද (19 දා) දහවල් මුම්බායි නගරයේදී පැවැත්වේ.

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements